Back

සිංහල

سنهالي

Important Lessons

1 videos
PDF

Ablution

3 videos
Description of Wudu
0:00 / 0:00
How to Perform Wudu
0:00 / 0:00
Wudu Affairs
0:00 / 0:00

Prayer

3 videos
Description of Prayer
0:00 / 0:00
Salah with Duaa
0:00 / 0:00
How to Perform Prayer
0:00 / 0:00

Important Questions

272 questions
කොටස: විශ්වාස පද්ධතිය42

ප්රශ්න අංක 1. ඔබේ (පරමාධිපති) දෙවියා කව්ද?

පිළිතුර- මාගේ පරමාධිපති අල්ලාහ්ය, ඔහු වනාහි මා පෝෂණය කරන්නේය තවද ඔහුගේ කරුණාවෙන් සියලු ලෝකයන් පෝෂණය කරන්නේය.
ඒ සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්රකාශයයි. ‘අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්’ (2) -සියලු ප්රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය. සූරතුල් ෆාතිහා 1: 2

ප්රශ්න අංක 02. ඔබේ ආගම කුමක්ද?

මගේ ආගම ඉස්ලාම් දහම වේ. ඉස්ලාම් යනු ඒක දේවවාදයෙන් අල්ලාහ්ට යටත් භාවය දැක්වීමයි. කීකරුකමෙන් ඔහුට යටහත් පහත් වීමයි. තවද බහුදේවවාදයෙන් සහ එය අදහන්නන්ගෙන් වැළැකී සිටීමයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:
“නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ” සූරා ආලු ඉම්රාන් (3:19)

ප්රශ්න අංක 03. ඔබේ නබිවරයාණන් කව්ද?

පිළිතුර -මුහම්මද් නබි (සල්ලල්ලාහු අෙලෙහිව සල්ලම්) තුමාණන් ය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් තුමාය. සූරතුල් ෆත්හ් 18:29.

ප්රශ්න අංක 04. අත් තව්හීද් පාඨය සහ එහි අර්ථය සඳහන් කරන්න!

තව්හීද් පාඨය යනු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ ය. එහි තේරුම - අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට සාක්ෂි දැරීමයි. එනම්: අල්ලාහ් හැර වන්දනාමානයට සැබැවින් සුදුසු වෙනත් කිසිවෙකු නොමැත යන්නයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:
“එහෙයින් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බව ඔබ දැනගන්න.” සූරා මුහම්මද් 47:19

ප්රශ්න අංක 5. උත්තරීතර වූ අල්ලාහ් සිටින්නේ කොහිද?

පිළිතුර - අල්ලාහ් අර්ෂය මත, සියලු ජීවීන්ට ඉහළින් අහසේ සිටී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: "මහා කරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය." සූරත් තාහා 20:05 ඔහු මෙසේද පවසා ඇත: තම ගැත්තන්ට ඉහළින් සිට පාලනය කරන්නා ඔහුය. තවද ඔහු ප්රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නාය. සූරත් අල් අන්ආම් 6:18

ප්රශ්න අංක 06: “ෂහාදත් අන්න මුහුම්මදන් රසුලුල්ලාහ්” මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ පණිවුඩකරුවාණන් යනුවෙන් සාක්ෂි දැරීම. යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර: අල්ලාහ් ඔහුව ලොවට එව්වේ ශුභාරංචි පතුරුවන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසය.
එබැවින් එතුමාණන් සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු අනුගමනය කිරීම අනිවාර්ය වේ.
1. එතුමාණන් අණ කළ දේට කීකරු වීම.
2. එතුමාණන් කී දේ විශ්වාස කිරීම.
3.එතුමාණන්ට අකීකරු නොවීම
ආගමානුකූලව නීති සම්පාදනය කර ඇති දෙයින් මිස අල්ලාහ්ට නමස්කාර නොකිරීම. එය සුන්නාහ්ව අනුගමනය කිරීම හා බිද්ආ හෙවත් ආගමේ නැති දෑ මගින් නව්යකරණය කිරීම අත්හැරීම වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. " ( අන්නිසා 4:80) උත්තරීතර අල්ලාහ් මෙසේද පවසයි. තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි. 3 එය හෙළි දරව් කරන ලද දේව පණිවිඩ මිස නැත. 4 සූරත් අන් නජ්ම් 53:3, 4. උත්තරීතර අල්ලාහ් මෙසේද සඳහන් කරයි. අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන අයට සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය.” 33:21 සූරත් අල්අහ්zසාබ් 33:21

ප්රශ්න අංක 07: උත්තරීතර අල්ලාහ් අපව මැව්වේ කුමක් සඳහාද?

පිළිතුර: ඔහු අපව මවා ඇත්තේ කිසිදු හවුල්කරුවෙකු නොමැති, ඔහුව පමණක් වන්දනාමාන කිරීමටය.
විනෝද වීමට හෝ සෙල්ලම් කිරීමට නොවේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත. "තවද ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමඳීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි." (56) සූරා අද්දාරියාත් 51:56

ප්රශ්න අංක 07: අල් ඉබාදාහ් හෙවත් වන්දනාමානය යනු කුමක්ද?

පිළිතුර- එය වචනයෙන් සහ ක්රියාවෙන්, භාහිර වශයෙන් සහ අභ්යන්තර වශයෙන් අල්ලාහ් දෙවිඳාණන් ප්රිය කරන සහ ඔහුව සතුටු කරන සියල්ල සඳහා වූ සම්පූර්ණ නාමයකි.
භාහිර වශයෙන් කරනු ලබන ක්රියා- උදාහරණ වශයෙන්: දිව උපයෝගී කරගනිමින් සුබ්හානල්ලාහ්, අල්හම්දුලිල්ලාහ්, අල්ලාහුඅක්බර් යනාදි වශයෙන් අල්ලාහ් සිහි කරනු ලබන වදන් පාරායනය කිරීම; අල්ලාහ් මෙනෙහි කිරීම සහ සලාත් සහ හජ් වැනි මෙහෙයුම් ඉටුකිරීම.
අභ්යන්තර වශයෙන් කරනු ලබන යහපත් ක්රියා- උදාහරණ වශයෙන්: අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම, බිය බැති වීම සහ අල්ලාහ් කෙරෙහි බලාපොරොත්තු තැබීම.

ප්රශ්න අංක 09: අපේ ප්රධානතම යුතුකම කමක්ද?

පිළිතුර: අපගේ ප්රධානතම යුතුකම වන්නේ සර්වබලධාරී අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීමයි.

ප්රශ්න අංක 10. අත්තව්හීද් හෙවත් ඒකදේවවාදයේ වර්ග මොනවාද?

පිළිතුර අංක 01- අත්තව්හීද් අර්රුබූබියියා- එනම් අල්ලාහ්ගේ ආධිපත්යයෙහි ඒකීයභාවය: අල්ලාහ් මැවුම්කරුය, පෝෂණය කරන්නාය, සියල්ලෙහි හිමිකරුය, පාලකයාණන්ය, ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත යනුවෙන් විශ්වාස කිරීමයි.
2. තව්හීද් අල්උලූහියියා යනු සියලු වැඳුම් පිඳුම්වලින් අල්ලාහ් තආලා ඒකීයත්වයට පත්කිරීමයි. අල්ලාහ් තආලා හැර වෙන කිසිවකට හෝ කිසිවෙකුට වන්දනාමානය නොකළ යුතුයි.
3. අල්ලාහ්ගේ නාමයන් සහ ගුණාංගයන් ඒකීයභාවයට පත් කිරීම: එනම් අල්ලාහ්ගේ නාමයන්ට සහ ගුණාංගයන්ට මනඃකල්පිත රූප මැවීමකින්, ව්යාජ අර්ථ කථන ලබා දීමෙන් සහ තවත් වස්තුවකට හෝ කෙනෙකුට සමාන කිරීමෙන් තොරව මෙම නාමයන් සහ ගුණාංගයන් අල්කුර්ආනයේ සහ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්ගේ මගපෙන්වීම් තුල සඳහන් වී තිබෙන ආකාරයට විශ්වාස කිරීම.
තව්හීද් වර්ග තුන සඳහා සාක්ෂි:
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. (ඔහු) අහස් හා මහපොළොවේ ද, ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. එහෙයින් නුඹ ඔහුට ගැතිකම් කරනු. තවද ඔහුට ගැතිකම් කිරීම සඳහා ඉවසීමෙන් දරා සිටිනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද? (65) (සූරා මර්යම් 19:65)

ලොකුම පාපය කුමක්ද?

පිළිතුර:අල්ලාහ්ට යමක් ආදේශ කිරීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:
සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීම ගැන සමාව නොදෙයි. ඒ හැර සෙසු දෑ ට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු (අල්ලාහ්ට) මහත් පාපයක් (මනඃකල්පිත සේ) ගෙතුවේය. (48) සූරා අන්නිසා 4:48

ප්රශ්න අංක 12. ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීමෙහි වර්ග සඳහන් කරන්න.

ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීම යනු, උත්තරීතර අල්ලාහ්ට හැර (ආගාමානුකූල) ඕනෑම ආකාරයක නමස්කාරයක් වෙනත් දෙයකට හෝ කෙනෙකුට ඉටු කිරීමයි.
මෙහි වර්ග නම්:

මහා ෂිර්කය. උදාහරණ: අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් අයද සිටීම, උතුම් වූ ඔහු හැර වෙන කෙනෙකුට සුජූද් (නළල පොලොව මත තබා නැමැදුම් කිරීම) උත්තරීතරවූ අල්ලාහ් හැර වෙනත් කෙනෙකු උදෙසා මාංශ දානය සඳහා සතෙකු කැපීම.
කුඩා ෂිර්ක්. උදාහරණ: ප්රයෝජනක් ගෙන දීමට හෝ හානියක් වළක්වා ගැනීමට සුරය වැනි දේවල් (ගෙල සහ ඉණ වැනි ස්ථාන වටා) බැඳ එල්ලා තැබීම, අල්ලාහ් හැර වෙනත් දේ සහ වෙනත් අය මත දිවුරුම් කිරීම සහ මිනිසුන් තමා දෙස ආකර්ශනය කර ගැනීමේ අදහසින් තම සලාත් වැනි යාච්ඤාවන් ඉටු කිරීමේදී, කෙනෙක් ඒවා අලංකාර කර ප්රදර්ශනය කිරීම.

ප්රශ්න අංක 13. සර්වබලධාරී අල්ලාහ් හැර අන් කිසිවෙකු නොපෙනෙන (අදෘශ්යමාන) දේ දන්නේද?

සර්වබලධාරී අල්ලාහ් හැර අන් කිසිවෙකුත් අදෘශ්යමාන දේ නොදනී.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
(නබිවරය) "අල්ලාහ් හැර අහස්හි හා මහ පොළොවේ සිටින්නන් අදෘශ්යමාන දෑ නොදනී යැයි ඔබ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදාදැයි ද ඔවුහු නොදනිති".(65). සූරා අන්නම්ල් 27:65.

ප්රශ්න අංක 14. දේව විශ්වාසයේ කරුණු මොනවාද?

පිළිතුර - 1) සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම.
2) මලාඉකාවරු (දේව දූතයෝ) ගැන විශ්වාස කිරීම.
3) ධර්ම ග්රන්ථ විශ්වාස කිරීම.
4) ශාස්තෘවරු(නබිවරු) ගැන විශ්වාස කිරීම.
5) විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම.
6) හොඳ හා නරක සියල්ල අල්ලාහ් විසින් තීරණය කරන බව විශ්වාස කිරීම.
මේ සඳහා සාක්ෂි. සහිහ් මුස්ලිම් මූලාශ්රයෙහි එන සුප්රසිද්ධ හදීසයක ජිබ්රීල් නම් දේව දූතයා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) තුමාණන්ගෙන් මෙසේ විචාලේය. ජිබ්රීල් නම් දේව දූතයා ඊමාන් යනු කුමක් දැ යි ඇසු ප්රශ්නයට, “අල්ලාහ් කෙරෙහි, ඔහුගේ මලාඉකාවරුන් කෙරෙහි, ඔහුගේ ග්රන්ථයන් කෙරෙහි, ඔහුගේ රසූල්වරුන් කෙරෙහි, අවසාන දිනය කෙරෙහි සහ අල් කද්ර්හි හොඳ හා නරක කෙරෙහි විශ්වාස කිරීම ඊමාන් වේ.” යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් පිළිතුරු දුන්හ.

ප්රශ්න අංක 15 - ඊමාන් හෙවත් දේව විශ්වාසයේ කුළුණු අර්ථ විවරණය කරන්න.

පිළිතුර: සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම.
* අල්ලාහ් ඔබව මවා, ඔබව පෝෂණය කළ තැනැත්තා බවත්, සියලු ජීවීන්ගේ එකම හිමිකරු සහ සියල්ල පාලනය කරන ස්වාමියා බවත් විශ්වාස කිරීම.
* ඔහු වන්දනාමානය ලැබීමට සුදුස්සාය, සත්ය වශයෙන්ම ඔහු (අල්ලාහ්) හැර වන්දනාමානය ලැබීමට සුදුසු වෙනත් කෙනෙකු නැත.
තවද ඔහු අති විශිෂ්ඨය, ශ්රේෂ්ඨය, සර්වපරිපූර්ණ වූ ඔහු සියලු ප්රශංසාවට ලක්වන අතර, ඔහුට වඩාත්ම ලස්සන නම් සහ උසස් ගුණාංග අයත් වේ. අති උත්තරීතර වූ ඔහුට සමානයක් නැත. කිසිවක් ඔහුට සමාන වන්නේ නැත.
මලක්වරුන් හෙවත් දේව දූතයින් පිළිබඳ විශ්වාසය.
ඔවුන් අල්ලාහ් විසින් ආලෝකයෙන් මවන ලද මැවිලි වේ, ඔවුන් මවන ලද්දේ අල්ලාහ්ට නමස්කාර කිරීමට සහ ඔහුගේ අණට සම්පූර්ණයෙන්ම අවනත වීම සඳහාය.
අල්ලාහ් තආලාගෙන් නබිවරුන්ට වහී (දේව හෙළිදරව්) පහළ කළ ජිබ්රීල් අලෛහිස් සලාම් මලාඉකාවරුන්ගෙන් කෙනෙකි.
දේව පුස්තක පිළිබඳ විශ්වාසය.
එනම් රසූල්වරුන් හෙවත් අල්ලාහ් තආලාගේ පණිවිඩකරුවන් වෙත පහළ කරන ලද දේව පුස්තකයයි.
උදාහරණයක් ලෙස මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් වෙත අල්කුර්ආනය පහළ කරන ලදි.
අල්ඉන්ජීල් දේව පුස්තකය ඊසා (අලෛහිස් සලාම්) වෙත පහළ කරන ලදි.
අත් තව්රාත් දේව පුස්තකය මූසා (අලෛහිස් සලාම්) වෙත පහළ කරන ලදි.
අස්සබූර් දේව පුස්තකය ආවූද් (අලෛහිස් සලාම්) වෙත පහළ කරන ලදි.
බ්රාහීම් (අලෛහිස්සලාම්) තුමා වෙත සහ මූසා (අලෛහිස් සලාම්) තුමා වෙත හෙළි කරන ලද ලේඛන.
(අල්ලාහ්ගේ) පණිවිඩකරුවන් පිළිබඳ විශ්වාසය.
තවද රසූල්වරුන් වනාහි අල්ලාහ් තම ගැත්තන්ට යහපත සහ ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය ලබා දීමටත් ඉගැන්වීමටත් නපුර සහ නිරා ගින්න ගැන අනතුරු ඇඟවීමටත් මෙලොවට එවූ අයයි.
මෙම රසූල්වරුන් අතරින් උලුල් අස්මි හෙවත් දැඩි ස්ථාවරයකින් යුත් සහ දැඩි පරීක්ෂාවන්ට ලක්වූ රසූල්වරුන් විශිෂ්ඨවූ අයවලුන් ලෙස සලකනු ලැබේ. එම රසුල්වරුන් පහත සඳහන් ආකාරයට හැඳින්වීමට හැක.
නූහ් අලෛහිස් සලාම්
ඉබ්රාහීම් අලෛහිස් සලාම්
මූසා අලෛහිස් සලාම්
ඊසා අලෛහිස් සලාම්
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්
අවසාන දිනය පිළිබඳ විශ්වාසය:
එය වනාහි මරණයෙන් පසුව මිනී වල තුල වැලැලීමෙන් පසුව සිදුවන කරුණු දාමයකි. නැවත නැඟිටීමේ දිනයකි, හා විනිශ්චය දවසකි. එදින ස්වර්ගය හිමි දනන් ඔවුන්ගේ ස්ථානයේද නිරයට හිමි අය ඔවුන්ගේ ස්ථානයේද සිටිනු ඇත.
හොඳ හා නරක සියල්ල අල්ලාහ් විසින් තීරණය කරන බව විශ්වාස කිරීම.
අල්කද්ර් (හොඳ නරක සියල්ලම අල්ලාහ් තආලා විසින් නිර්ණය කරන ලද ආකාරයෙන්ම සිදුවන බව විශ්වාස කිරීම) : උත්තරීතරවූ අල්ලාහ් විශ්වයේ සිදුවන සෑම දෙයක්ම දන්නා බවත්, ඔහු ඒවා ලව්හුල් මහ්ෆූද් නමැති සංරක්ෂණය කරන ලද ලේඛණයේ ලියා ඇති බවත්, එහි පැවැත්ම සහ නිර්මාණය ඔහුගේ අභිලාශය අනුව සිදුවන බවත් විශ්වාස කිරීමයි.
මෙය සම්බන්ධයෙන් අල්ලාහ් මෙසේ පවසයි. "නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම ප්රමාණයකින් යුතු ව මැව්වෙමු." (සූරතුල් කමර් 54:49)
එය තරාතිරම් හතරකින් යුක්ත වේ:
පළමුවැන්න: උත්තරීතරවූ අල්ලාහ්ගේ දැනුම, එනම් යම්කිසි දෙයක් සිදුවීමට පෙර සහ පසු ඒ සියල්ල පිළිබඳ ඔහුගේ පූර්ව දැනුම.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. “සැබැවින්ම අවසන් හෝරාව පිළිබඳ ව දැනුම ඇත්තේ අල්ලාහ් වෙතය. තවද ඔහු වර්ෂාව පතිත කරවන්නේය. ගර්භාෂයන්හි ඇති දෑ දන්නේය. කිසිම ආත්මාවක් එය හෙට දින උපයන්නේ කුමක් දැයි නොදන්නේය. කිසිම ආත්මාවක් කවර භූමියේ මරණයට පත්වන්නේ දැයි නොදන්නේය. සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානිය අභිඥානවන්තය." (සූරා ලුක්මාන් 31:34)
දෙවැන්න: අල්ලාහ් ඒ සියලු දෑ ගැන ලියා ඇත්තේ "අල් ලව්හුල් මහ්ෆූල්" නමැති සංරක්ෂණය කරන ලද ලේඛණයේය. එබැවින් සිදු වූ සහ සිදුවීමට ඇති සියල්ල ඔහු සතුව ඇති පොතක ලියා ඇත.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. “ගුප්ත දෑ හි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නොදනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. ශාකයක කොළයක් පවා ඔහුගේ අනු දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොව අන්ධකාරය තුළ ඇති බීජය තෙතමනය හෝ වියළිභාවය ගැන පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත.”
සූරා අන්ආම් 6:59.
තුන්වැන්න:
එනම් සෑම දෙයක්ම සිදුවන්නේ අල්ලාහ්ගේ කැමැත්ත අනුව වන අතර, ඔහුගේ කැමැත්තෙන් මිස, ඔහුගේ හෝ ඔහු විසින් මවන ලද්දන් විසින් කිසිවක් සිදු නොවේ.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද ඔහුටය. තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය. 81: 28-29 සූරා අත්තක්වීර් 81:28-29
සිව්වැන්න :
සියලු ජීවීන් උත්තරීතර අල්ලාහ් විසින් මවා ඇති බවත්, ඔහු ඒවායේ ආත්මයන්, ගුණාංග, චලනයන් සහ ඔවුන් තුළ ඇති සියල්ල මැවූ බවත් විශ්වාස කිරීම.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. "නුඹලා ද නුඹලා කරමින් සිටින දෑ ද අල්ලාහ් මැවුවේය." (සූරා අස්සාෆ්ෆාත් 37:96)

ප්ර්ශ්න අංක 16: අල්කුර්ආනය යන්නෙහි නිර්වචනය කුමක්ද?

පිළිතුර - එය උත්තරීතර අල්ලාහ්ගේ වචන වේ. එය මවන ලද්දක් නොවේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
ආදේශ කරන්නන් අතුරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. (සූරා අත්තව්බා 9:06)

ප්රශ්න අංක 17: අස්සුන්නාහ් යනු කුමක්ද?

පිළිතුර - එය නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන්ගේ සෑම කියමනක්, ක්රියාවක්, වාර්තාවක් හෝ සදාචාරාත්මක හා චරිත ලක්ෂණයන් වේ.

ප්රශ්න අංක 17: අල් බිද්ආ (නව්යකරණයට ලක් වූ දෑ) යනු කුමක්ද? එය අප විසින් පිළිගත යුතුද?

පිළිතුර- මිනිසුන් ආගම නව්යකරණය කරන සෑම දෙයක්ම සහ නබි තුමාණන්ගේ සහ සහාබාවරුන්ගේ (මිතුරන්ගේ) කාලයේ දක්නට නොලැබුනු ආගමික කරුණු සියල්ල බිද්අත් වේ.
ඒවා අප විසින් පිළිගත යුතු නැත; තවද ඒවා හෙළා දැකිය යුතුයි.
නබි (අලෙයිහිස් සලාතු වස්සලාම්) තුමාණන් මෙසේ පවසා ඇත. "බිද්ආ (දහමේ නාමයෙන් දහමට ඈඳෑ ගනු ලබන නවක කරුණු) සියල්ලක් ම නොමඟ යවන කරුණු වේ." ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
උදාහරණයක් ලෙස:
වන්දනාමාන කටයුතුවලට අලුතින් යමක් එකතු කිරීම; උදාහරනයක් ලෙස, වුළු හෙවත් අර්ධස්නානය කිරීමේදී අදාල අවයවයන් තුන්වරක් සේදීම වෙනුවට සිව්වතාවක් සේදීම, තවද නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන්ගේ උපන්දිනය සැමරීම වැනි කරුණු නැමදුම් ක්රියාවක් ලෙස (දහමේ නාමයෙන් දහමට ඈඳෑ ගනු ලබන) නවක කරුණු වේ. නමුත් එය නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාගේ මාර්ගයෙන් හෝ එතුමාණන්ගේ සහාබාවරුන්ගේ මාර්ගයෙන් හෝ ප්රකාශ වී නැත.

ප්රශ්න අංක 19:අල් වලාඃ වල් බරාඃ ප්රතිපත්තිය පහදා දෙන්න.

පිළිතුර- අල් වලාඃ යනු අල්ලාහ්ව විශ්වාස කරන්නන්ට ආදරය කරුණාව දැක්වීම සහ ඔවුන්ට උදව් උපකාර කිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
(දේව) විශ්වාස නරන්නන් හා දේව විශ්වාස කරන කාන්තාවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. (සූරා අත්තව්බා 9:71)
ප්රතික්ෂේප කරන්නන් සමග එකඟ නොවීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
“ඉබ්රාහීම් හා ඔහු සමග වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින්ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන්ම අපි නුඹලාගෙන් ද අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නැමඳුම් කරන දැයින් ද ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහු ව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්රෝධය ඉස්මතු විය...” සූරා අල් මුම්තහිනා 60:04

ප්රශ්න අංක 20: අල්ලාහ් තආලා ඉස්ලාම් ධර්මය හැර වෙනත් ආගමක් පිළිගන්නවාද?

පිළිතුර - අල්ලාහ් තආලා ඉස්ලාම් ආගම හැර වෙනත් ආගමක් පිළි ගන්නේ නැත.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත. "කවරෙකු හෝ ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද, එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තව ද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි." සූරා ආලු ඉම්රාන් 3:85.

ප්රශ්න අංක 21: ප්රතික්ෂේප කිරීම කථනයෙන්, ක්රියාවෙන් සහ විශ්වාසය තුළින් ප්රකාශ වේ ද? ඒ සඳහා උදාහරණ දක්වන්න.

පිළිතුර - කථනයට උදාහරණයක්: උත්තරීතර අල්ලාහ්ට සහ ඔහුගේ රසූල් (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාට බැන වැදීම.
ක්රියාවට උදාහරණ - අල්-කුර්ආනයට අපහාස කිරීම හෝ සර්වබලධාරී අල්ලාහ් හැර වෙනත් කෙනෙකුට වැඳීම.
විශ්වාසය සම්බන්ධ උදාහරණය:
සර්වබලධාරී අල්ලාහ් හැර නැමදුම් කිරීමට සුදුස්සෙකු සිටින බවට හෝ සර්වබලධාරී අල්ලාහ් හැරුණු විට තවත් මැවුම්කරුවෙකු සිටින බව විශ්වාස කිරීම.

ප්රශ්න අංක 22: කුහකකම සහ එහි වර්ග මොනවාද?

පිළිතුරු-
1- ලොකුම කුහකකම: එය සිත් තුල අවිශ්වාසය සඟවා බාහිර වශයෙන් විශ්වාසය පෙන්වීමයි.
මෙවැනි තත්වයක් කෙනෙකුව ඉස්ලාමයෙන් ඉවත් කරනු ලබයි. තවද මෙය ලොකුම ප්රතික්ෂේප කිරීමක් ලෙස හඳුන්වනු ලබයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත. සැබැවින්ම කුහකයින් නිරා ගින්නෙහි පහළම තලයේ වන්නේය. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නොදකින්නේමය.(145) සූරා අන්නිසා 4:145
2- සුළු කුහකකම:
ඒවා නම්: බොරු කීම, පොරොන්දු කඩ කිරීම සහ විශ්වාසය කඩ කිරීම යනාදිය වේ.
ඉහත සඳහන් දුර් ගුණාංග කෙනෙකුව ඉස්ලාමයෙන් නෙරපා හරිනු නොලැබෙන අතර, ඒවා පාප වේ. එවැනි ගුණාංගයන්ගෙන් යුත් කෙනෙකු දඬුවමට යටත් වේ.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. “කුහකයාගේ ලක්ෂණ තුනකි: ඔහු කතා කළ විට බොරු තෙපලයි. ඔහු පොරොන්දු දුන් විට එය උල්ලංඝනය කරයි. ඔහුට විශ්වාසයෙන් යමක් පැවරූ විට එය කඩ කරයි.” බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙම හදීසය වාර්තා කර ඇත.

ප්රශ්න අංක 23: වක්තෘවරුන් සහ දූතයන්ගේ අතර අවසානයා කවුද?

පිළිතුර -මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත. “මුහම්මද් නුඹලාගේ පිරිමි(දරුව)න් අතුරින් කිසිවෙකුගේ පියෙකු නොවීය. එනමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගෙන් (අවසානයාය) මුද්රාවය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥ විය.” සූරා අල් අහ්සාබ් 33:40. අල්ලාහ්ගේ දූතයාණන්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)මෙසේ පැවසූහ. "මම වක්තෘවරුන්ගේ (අවසාන) මුද්රාව වෙමි, මට පසුව වක්තෘවරයෙකු නොමැත." මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.

ප්රශ්න අංක 24: ආශ්චර්යයක් යනු කුමක්ද?

පිළිතුර - ආශ්චර්යයන් යනු උත්තරීතර අල්ලාහ් තම වක්තෘවරුන්ට සම්මතයට පරිබාහිර වූ කරුණු ලබා දුන්නේය. ඒ ඔවුන්ගේ අවංකභාවය පෙන්වීම සඳහාය. උදාහරණයක් ලෙස:
- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් සඳ පැලී යාම;
මූසා (අලෙයිහිස් සලාම්) වෙනුවෙන් මුහුද දෙකඩ වීම, ෆිර්අන් සහ ඔහුගේ සොල්දාදුවන් දියේ ගිල්වා දැමීම.

ප්රශ්න අංක 25: සහාබාවරුන් යනු කවුරුන්ද? සහ මම ඔවුන්ට ආදරය කළ යුතු ද?

පිළිතුර - සහාබාවරුන් යනු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන්ය; ඔවුහු නබිතුමා ජීවතුන් අතර සිටයදී, එතුමාණන්ව මුණගැසුණු අතර, එතුමාණන්ව විශ්වාස කර, ඉස්ලාමය මතම මිය ගියහ.
අපි ඔවුන්ට ආදරය කරන අතර ඔවුන්ව අනුගමනය කරන්නෙමු. නබිවරුන්ගෙන් පසු ශ්රේෂ්ඨතම මිනිසුන් ඔවුන්ය.
සහාබාවරුන් අතර ශ්රේෂඨතම අය කලීෆාවරුන් සිව් දෙනාය.
අබූ බකර් රළියල්ලාහු අන්හු තුමා,
උමර් රළියල්ලාහු අන්හු තුමා,
උස්මාන් රළියල්ලාහු අන්හු තුමා,
අලී රළියල්ලාහු අන්හු තුමා.

ප්රශ්න අංක 26: උම්මහාතුල් මුඃමිනීන් හෙවත් විශ්වාස කරන්නන්ගේ මෑණීයන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ කව්රුන්ද?

පිළිතුර - ඔවුන් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්යාවන් වේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
විශ්වාස කළවුන් වෙත මෙම නබිවරයා තමන්ගේ පණටත් වඩා උරුමය ඇත්තාය. ඔහුගේ බිරියන් ඔවුන්ගේ මාතාවෝය. සූරා අල්අහ්zසාබ් 33: 6

ප්රශ්න අංක 27: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ සාමාජිකයින්ට අප කෙරෙහි ඇති යුතුකම කුමක්ද?

පිළිතුර: අපි ඔවුන්ට ආදරය කළ යුතුය, ඔවුන්ගේ (ගරුත්වය) රැක ගත යුතුයි. තවද ඔවුන්ට විරුද්ධ වන අයට (කරුණු පහදා දී) විරුද්ධත්වය පළ කළ යුතුයි. නමුත් ඔවුන් සම්බන්ධයෙන් අන්තයටම නොයා යුතුයි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ සාමාජිකයින් යනු එතුමාණන්ගේ භාර්යාවන්, එතුමාගේ දරුවන්, බනු හාෂීම් සහ බනු අල්-මුත්තලිබ් යන අය වන මෙම පවුලේ සාමාජිකයින්ද සිටිති.

ප්රශ්න අංක 28: මුස්ලිම්වරුන්ගේ පාලකයන් කෙරෙහි අප විසින් ඉටු කළ යුතු යුතුකම් කුමක්ද?

පිළිතුර - අපගේ යුතුකම: ඔවුන්ට ගරු කිරීම, අධාර්මික ක්රියාවන්හිදි හැර ඔවුන්ට අකීකරු නොවී ඔවුන්ට සවන් දීම සහ කීකරු වීම, ඔවුන්ට එරෙහිව කැරලි නොගැසීම, සහ (ඔවුන්ගේ යහපත වෙනුවෙන්) සිතින් යාච්ඤා කිරීම සහ ප්රසිද්ධියේ නොව උපදෙස් දීම.

ප්රශ්න අංක 29: විශ්වාස කරන්නන්ගේ නිවහන කුමක්ද?

පිළිතුර: ස්වර්ගයයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. විශ්වාස කොට යහකම් කළවුන්, ඒවාට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. සූරා මුහම්මද් 47:12

ප්රශ්න අංක 30: දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ නිවහන කුමක්ද?

පිළිතුර: නිරයයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්න ට බිය වනු. එය දේව ප්රතික්ෂේපකයින් ට සූදානම් කරනු ලැබ ඇත. සූරා බකරා 2:24

ප්රශ්න අංක 31: බිය යනු කුමක්ද? බලාපොරොත්තුව යනු කුමක්ද? මේ සඳහා සාක්ෂි මොනවාද?

පිළිතුර - බිය: එනම් අල්ලාහ්ට සහ ඔහුගේ දඬුවමට ඇති බිය වේ.
බලාපොරොත්තුව වනාහි, එය අල්ලාහ්ගේ යහපත් ප්රතිඵල, සමාව සහ දයාව පිළිබඳ බලාපොරොත්තුවයි.
මෙය සම්බන්ධව, අල්ලාහ් මෙසේ පවසා සිටියි. "අයැද සිටින්නන් වන ඔවුහු ඔවුන්ගෙන් කවරෙකු හෝ වේවා ඔවුන්ගේ පරමාධිපති වෙත වඩා සමීප විය හැකි මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට බිය වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ දඬුවමින් ප්රවේශම් විය යුත්තකි." සූරා අල්ඉස්රා 17:57 තවත් වැකියක අල්ලාහ් මෙසේ අවධාරණය කරයි. නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බව මාගේ ගැත්තන්හට (නබිවරය!) නුඹ දන්වා සිටිනු. තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එය වේදනීය දඬුවම බවද ඔවුනට දන්වා සිටිනු. සූරා අල්හිජිර් 15:49 - 50

ප්රශ්න අංක 32: සර්වබලධාරී අල්ලාහ්ගේ සමහර නම් සහ ගුණාංග සඳහන් කරන්න.

අල්ලාහ්, සර්ව බලධාරී, මහා කාරුණික, සියල්ල ශ්රවණය කරන්නා, සියල්ල දකින්නා, සියල්ල දන්නා, පෝෂණය කරන්නා, ජීවමාන, ශ්රේෂ්ඨවන්ත... යනාදී ලෙස වෙනත් අලංකාර නම් සහ උසස් ගුණාංග ඇත.

ප්රශ්න අංක 33: මෙම නම් පැහැදිලි කරන්න?

පිළිතුර - අල්ලාහ් : එහි තේරුම ඔහු සැබැවින්ම වන්දනාමානය කිරීමට සුදුස්සා ය, ඔහු (අල්ලාහ්) ඒකීයය, ඔහුට ආදේශ කිරීමෙහි ලා කිසිවෙකු නැත.
පරමාධිපතියාණන් :
එනම් මැවුම්කරු, සියල්ලෙහි හිමිකරු, පෝෂණය කරන්නා සහ පාලකයා ඔහු පමණකි, ඔහුටම සියඵ මහිමය හිමි වේවා!
සියල්ල අසන්නා :
ඔහුගේ ශ්රවණය සෑම දෙයකින්ම පුළුල්ය, ඔහුට විවිධ සහ වෙනස් වූ යිසළු හඬ ඇසේ.
සියල්ල දකින්නා:
කුඩා හෝ විශාල වුවත් සියල්ල දකින සහ සියල්ල බලන තැනැත්තාය.
සර්වඥයා:
අතීතය, වර්තමානය සහ අනාගතය යන සෑම දෙයක් පිළිබඳව දැනුම ඇති තැනැත්තා ඔහුය.
දයානුකම්පිත:
අල්ලාහ්ගේ දයාව සෑම ජීවියෙකුම වෙත විහිදෙන අතර, සියලු ගැත්තන්, මැවීම් සහ ජීවීන් ඔහුගේ දයාවට යටත් වේ.
පෝෂණය කරන්නා:
මිනිසුන්, ජින් සහ සියලුම සතුන් ඇතුළු සියලුම ජීවීන් සඳහා පෝෂණය සපයන තැනැත්තා ඔහුය.
ජීවමාන තැනැත්තා :
ජීවමාන තැනැත්තාවූ අල්ලාහ් මිය නොයන අතර අන් සියලු මැවිල්ලන් මිය යන්නේය.
ශ්රේෂ්ඨ වන්තයා:
ඔහුගේ අලංකාර නම්, ගුණාංග සහ ක්රියාවන් තුළ සියලු පරිපූර්ණත්වයකින් සහ අති ශ්රේෂ්ඨත්වයකින් යුතු තැනැත්තාය.

ප්රශ්න අංක 34: මුස්ලිම්වරුන්ගේ විද්වතුන් කෙරෙහි අප විසින් ඉටු කළ යුතු යුතුකම් කුමක්ද?

පිළිතුර - අපි ඔවුන්ට ආදරය කරන අතර, අපේ ආගමික ගැටඵ සහ නීතිමය ප්රශ්න නිරාකරණය කිරීමේදී අපි ඒ සියල්ල ඔවුන් වෙත යොමු කරමු. තවද යහපත් දේ හැර අපි ඔවුන් ගැන කිසිවක් සඳහන් නොකරන අතර ඔවුන් ගැන වෙනත් ආකාරයකින් නරකක් සඳහන් කරන අය නිවරදි මාර්ගයෙන් බැහැරව සිටින්නන්ය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
නුඹලා අතුරින් විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම් වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය. (සූරා අල්මුජාදලා 58:11)

ප්රශ්න අංක 35- සර්වබලධාරී අල්ලාහ්ගේ අවුලියාවරුන් යනු කවුද?

ඔවුන් විශ්වාස කරන්නන් සහ බියබැති දනන්ය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
නියත වශයෙන්ම අල්ලාහ්ගේ අවුලියාවරුන් වන ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නන් ද නොවෙති. ඔවුන් වනාහි ඔවුහු විශ්වාස කළහ. තවද බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් වූහ. සුරා යූනුස් 10:62-63

ප්රශ්න අංක 36- ඊමාන් හෙවත් විශ්වාසය යනු ප්රකාශය සහ ක්රියාවද?

පිළිතුර - ඊමාන් හෙවත් විශ්වාසය යනු ප්රකාශය, ක්රියාව සහ විශ්වාසය වේ.

ප්රශ්න අංක 37: විශ්වාසයේ අඩුවීම වැඩිවීම සිදුවේද?

පිළිතුර - යහපත් දේ කිරීම තුලින් විශ්වාසය වැඩි වන අතර අයහපත් දේ කිරීම තුලින් විශ්වාසය අඩු වේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
“නියත වශයෙන්ම දේව විශ්වාස කරන්නන් වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති.” සූරා අල් අන්ෆාල් 8:2

ප්රශ්න අංක 38 : යහපත් ක්රියා යනු කුමක්ද?

ඉහ්සාන්හි මූලික ම කරුණ වන්නේ "ඔබ අල්ලාහ් දෙවිඳාණන් ව දකින්නා සේ නැමදීම. ඔබ ඔහු ව නොදැක්කද ඔහු ඔබ දෙස බලා සිටින්නේය යන හැඟීමෙන් යුතු ව ඔබ ඔහු ව නැමඳීම" වේ.

ප්රශ්න අංක 39: උත්තරීතරවූ අල්ලාහ් වෙත අපේ ක්රියාවන් පිළිගත් එකක් බවට පත්වන්නේ කවදාද?

පීළිතුර, කොන්දේසි දෙකක් යටතේය.
පළමුව, සියලු ක්රියාවන් පවිත්ර ලෙස සර්වබලධාරී අල්ලාහ් උදෙසාම ඉටු විය යුතුයි.
දෙවනුව, ඒවා නබි (සල්ලල්ලාහු අෙලෙහිව සල්ලම්) තුමාණන්ගේ සුන්නාහ්ව මත පදනම් වී තිබිය යුතුයි.

40: සර්වබලධාරී අල්ලාහ් මත සියල්ල භාරකිරීම යනු කුමක්ද?

පිළිතුර- සියඵ හේතු කාරනා සැලකිල්ලට ගනිමින්, මහත්වූ ප්රතිඵල ලබා ගැනීම සඳහා සහ හානිය පලවා හැරීම සඳහා සර්වබලධාරි අල්ලාහ් මත විශ්වාසය තුලින් රැඳී සිටීමයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:
“කවරෙකු අල්ලාහ් කෙරෙහි සියල්ල භාරකරන්නේ ද, ඔහුට ඔහු ප්රමාණවත්ය.” සූරා අත් තලාක් 65:3
ඔහු ප්රමාණවත්ය': එනම්, (අල්ලාහ්) ප්රමාණවත්ය.

ප්ශ්න අංකර 41: යහපත අණ කිරීමේදී සහ අයහපත වළක්වාලීමේදී ඉටුකළ යුතු යුතුකම් කුමක්ද?

පිළිතුර - යහපත අණ කිරීම යනු බලගතු සහ උත්තරීතර අල්ලාහ්ට යටහත් පහත් භාවය පෙන්වන සියලු ක්රියාවන් අණ කිරීමයි. අයහපත වළක්වාලීම යනු, බලගතු සහ උත්තරීතර අල්ලාහ්ට අකීකරුභාවය පෙන්වන පාපතර ක්රියාවන්ගෙන් වළක්වාලීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
ජනයා වෙනුවෙන් බිහි කරනු ලැබූ ශ්රේෂ්ඨතම සමාජය නුඹලා වන්නෙහුය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහුය. තවද අල්ලාහ්ව විශ්වාස කරන්නෙහුය. සූරා ආලු ඉම්රාන් 3:110.

ප්රශ්න අංක 42: "අහ්ලුස්සුන්නාහ් ව අල්ජමාආ" යනුවෙන් හඳුන්වනු ලබන කණ්ඩායම කවුද?

පිළිතුර - ඔවුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව සහ එතුමාණන්ගේ සහාබාවරුන්ව විශ්වාසයෙන්, ක්රියාවෙන් සහ කතනයෙන් ආදර්ශයට ගෙන ජීවත් වෙමින් සිටි අයයි.
අහ්ලුස් සුන්නාහ් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔවුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ යහමග අනුගමනය කරන බැවිනි. තවද බිද්අත් හෙවත් ආගමික කරුණු තුල අලුතින් යමක් ඇතුලත් කරන ලද දෙයින් වැළැකී සිටීම නිසාය.
කණ්ඩායම:
එනම් ඔවුන් සත්යය මත එක්සත් වූ අතර එහි නොබෙදුණු පිරිසක් බැවිනි.

ඉස්ලාමීය නීති විද්යා පිළිබඳ අංශය.47

ප්රශ්න අංක 1: පිරිසිදුකම ගැන හැඳින්වීමක් කරන්න

පිරිසිදුකම යනු කිල්ලෙන් පිරිසිදු වීම සහ අපවිත්රතාව ඉවත් කිරීමයි.
අපවිත්රතාව ඉවත් කර පිරිසිදු වීම යනු:
මුස්ලිම්වරයෙකු විසින් තම ශරීරය මත, තම ඇඳුම් මත හෝ තමන් සිටිනා ස්ථානයේ සහ තමන් යාච්ඤා කරන ස්ථානයේ තිබෙන ඕනෑම අපිරිසිදු දෙයක් ඉවත් කිරීමයි.
කිල්ලෙන් පිරිසිදු වීම යනු:
එය සිදු කරනු ලබන්නේ වුළු හෙවත් අර්ධස්නානය කිරීම තුලින් සහ ජලස්නානය කිරීම තුලිනි. මේ සඳහා පිරිසිදු ජලය අවශ්ය වේ. තවද ජලය නොමැති විටක තයම්මම් හෙවත් පිරිසිදු පස් වැනි දෑ භාවිතයෙන් පිරිසිදු කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ ජලය අහිමි වූ විටක හෝ (රෝගාතුර වීම වැනි හේතූන් නිසා) ජලය භාවිතා කිරීමට නොහැකි වීම නිසයි.

ප්රශ්න අංක 2: අපිරිසිදු දෙයක් පිරිසිදු කරන්නේ කෙසේද?

පිළිතුර - එය පිරිසිදු වන තෙක් ජලයෙන් සේදීම තුලිනි.
සුනඛයෙකු විසින් ලෙවකන දෙයක් සම්බන්ධයෙන් නම් ඒවා හත් වරක් අපිරිසිදුකම ඉවත් වෙන තුරු සෝදා ගත යුතුයි. පළමු වතාවට පසෙන් පිරිසිදු කළ යුතුයි.

ප්රශ්න අංක 3: වුළු හෙවත් අර්ධස්නානයෙහි වැදගත් කම කුමක්ද?

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. යම් මුස්ලිම් (හෝ මූමීන්) බැතිමතෙක් වුළු දෝවනය කිරීම ආරම්භ කර, ඔහු මුහුණ සේදූවේ නම් ඔහු සිය දෑසින් දුටු සෑම පාපයක්ම ජලය සමග හෝ අවසාන ජල බිංදු සමග ඉවත් වනු ඇත. තව ද දෑත් සෝදන විට දෑත් කළ පව් ද ජලය සමග හෝ අවසාන ජල බිංදු සමග ඉවත් වනු ඇත. දෙපා සෝදන විට දෙපයෙහි පව් ද ජලය සමග හෝ අවසාන ජල බිංදු සමග ඉවත් වී ඔහු පිවිතුරු පුද්ගලයෙකු බවට පත් වෙයි. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

ප්රශ්න අංක 4: වුළු කරන්නේ කෙසේද?

පිළිතුර - තුන් වරක් අත්ල සේදීම.
තුන්වරක් මළ්මළා, ඉස්තින්ශාක් සහ ඉස්තින්සාර් කිරීම.
මළ්මළා යනු :
මුඛය තුළට ජලය දමා, එය පිරිසිඳු කිරීමෙන් පසු ජලය පිටතට යැවීම.
ඉස්තින්ශාක් යනු :
දකුණු අතින් නාසයට ජලය ඇද ගැනීම.
ඉස්තින්සාර් යනු :
ජලය ගෙන පිරිසිඳු කිරීමෙන් පසු වම් අතින් නාසයෙන් ජලය බැහැර කිරීමයි.
මුහුණ තුන්වරක් සේදීම.
අත් දෙක වැල මිට දක්වා තුන් වරක් සේදීම.
හිස එක්වරක් තෙත් අතින් පිරිමැදීම සහ කන්දෙක එක්වරක් අතින් පිරිමැදීම.
පසුව ඔබේ දෙපා වළලුකර දක්වා තුන් වරක් සේදීම.
මෙය වඩාත් සම්පූර්ණ වූ ක්රමයයි. මෙය උස්මාන්, අබ්දුල්ලා බින් සයිද් සහ වෙනත් අය විසින් වාර්තා කරන ලද අතර බුහාරි සහ මුස්ලිම් මූලාශ්රයන් හි සඳහන් හදීස් වල මේ ක්රමය වාර්තා වී ඇත. මෙය පිළිබඳව අල්-බුහාරි සහ වෙනත් මූලාශ්ර ග්රන්ථවලද මෙසේ සඳහන් වී ඇත: "නබි තුමාණන් එක් වරක් වුළු කිරීම සිදු කළේය, තවද එතුමාණන් දෙවරක් වුළු කිරීම සිදු කළේය" මේ අනුව අදහස් වන්නේ: එතුමා විසින් (වුළු අවස්ථාවේදී) සේදිය යුතු අවයව එක් වරක් හෝ දෙවරක් සෝදා ගත්තේය, යන්නයි.

ප්රශ්න අංක 5: වුදූ කිරීමේ අනිවාර්ය කරුණු මොනවාද, ඒවා කීයක් තිබේද?

පිළිතුර - මේවායින් එක් කරුණක් හෝ අත්හැරුණු විටක එම මුස්ලිම් පුද්ගලයාගේ වුළු හෙවත් පිරිසිඳු කිරීම වලංගු නොවේ.
1- මුහුණ සේදීම ඒ අතරින් නාසයට ජලය අතුලත් කර පිරිසිදු කිරීමද අයත් වේ.
2- අත් දෙක වැලමිට දක්වා සේදීම.
3- හිස තෙත් අතින් පිරිමැදීම සහ එම තෙත් අතින් කන්දෙක පිරිමැදීම.
4- දෙපා වළලුකර ඇතුලුව සේදීම.
5- පිරිසිඳු කිරීමට අදාල ස්ථාන පිළිවෙලකට කිරීම. මුහුණ සේදීම, පසුව අත් පිරිසිඳු කිරීම, පසුව හිස පිස දැමීම, පසුව දෙපා සේදීම.
6- අල්-මුවාලාත්: එනම් එක් කොටසක් සෝදා එම කොටස වියළන තෙක් ප්රමාද නොකර අඛණ්ඩව ඉටු කිරීම.
එසේම වුළුහි අඩක් ඉටුකර ඉතුරු කොටස වෙනත් වේලාවක ඉටුකිරීම තුලින් වුළු වලංගු නොවේ.

ප්රශ්න අංක 5: වුළු කිරීමේ දී සුන්නත් කරුණු මොනවාද, ඒවා කීයක් තිබේද?

පිළිතුර- වුළුහි සුන්නතයන් - එනම් ඒවා කෙනෙකු ඉටු කළේ නම්, ඔහුට ඒ සඳහා යහපත් ප්රතිඵල ලැබෙන අතර එය නොකර සිටින විටක ඔහුට පවක් සිදු නොවේ. ඔහුගේ වුළු හෙවත් පිරිසිදු කිරීම වලංගු වේ.
1 - ආරම්භයේදී බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) යනුවෙන් පැවැසීම.
2- සිවාක් හෙවත් දත් පිරිසිඳු කර ගැනීම.
3- දෙඅත්හි මැණික් කටුව දක්වා වූ කොටස සේදීම
4- ඇඟිලි පිරිමැද සේදීම
5- දෙවතාවක් හෝ තුන්වතාවක් සේදීම.
6- දකුණු පැත්තෙන් ආරම්භ කිිරීම.
7- වුළු කිරීමෙන් පසු පහත සඳහන් දික්රය උසුරීම. තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත්, ඔහු ඒකීය බවටත් ඔහුට කිසිදු හවුල් කරුවකු නොමැති බවටත් මම සාක්ෂි දරමි. තවද සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා බවටත් ඔහුගේ ධර්ම දූතයාණන් බවටත් මම සාක්ෂි දරමි.
8 - වුළු කිරීමෙන් පසු රකඅත් දෙකක් ඉටු කිරිම

ප්රශ්න අංක 7: වුදූ අවලංගු කරවන කරුණු මොනවාද?

පිළිතුර - මුත්රා, මලපහ හෝ වාතය වැනි දෑ සිරුරේ සිදුරු (ගුද හා ලිංග) මාර්ගයෙන් පිටවීම.
නින්ද යෑම හෝ ඔල්මාදය ඇති වීම හෝ ක්ලාන්ත වීම.
ඔටු මස් අනුභව කිරීම.
ලිංගික ප්රදේශ හෝ ගුද මාර්ගය ආවරණයකින් තොරව (සෲජුව) අතින් ස්පර්ශ කිරීම.

ප්රශ්න අංක 8: තයම්මුම් යනු කුමක්ද?

තයම්මුම්: එය ජලය නැති වූ විටක හෝ ජලය භාවිතා කිරීමට නොහැකි වූ විටක මහපොලොවේ පස භාවිත කිරීමයි.

ප්රශ්න අංක 9: තයම්මුම් කරන්නේ කෙසේද?

පිළිතුර- දෑතේ අල්ලෙන්, පස මත එක් වරක් ගසා, මුහුණ සහ අත් පිටුපස එක් වරක් පිසදැමීම.

ප්රශ්න අංක 10: තයම්මුම් අවලංගු කරන කරුණු මොනවාද?

වුළු අවලංගු කරවන සියලුම කරුණු තයම්මුම් තත්වයද අවලංගු කරයි.
ජලය ලැබුනු විටක.

ප්රශ්න අංක11: සපත්තු සහ සම් උර යනු කුමක්ද?- ඒවා මත පිස දැමීමට හැකිද?

පිළිතුර- අල්කුෆ්ෆයින් යනු පාදයෙහි පැළඳ සිටින සම් උර වර්ගයකි.
අල්ජව්රබයින් යනු පාදයෙහි පැළඳ සිටින සම් නොවන වර්ගයකි.
පාද සේදීම වෙනුවට ඒ මත පිස දැමීමට ආගමානු කූලව නියම කර ඇත.

සම් උර උඩින් පිස දැමීමෙන් උගත හැකි පාඩම සඳහන් කරන්න?

විශේෂයෙන්ම සීතල, ශීත ඍතුවේ සහ ගමන් බිමන් වලදී, කකුල්වල ඇති පාඋර වැනිදේ ඉවත් කිරීමට අපහසු වන විට, මිනිසුන්ට වන්දනාමාන කටයුතු වලදී පහසුකම් සැලසීම සහ සහන සැලසීමයි.

ප්රශ්න අංක 12: සම් උර මත පිස දැමීම වලංගු වීම සඳහා ඇති කොන්දේසි මොනවාද?

1-සපත්තු පිරිසිඳු තත්ත්වයේ තිබෙන විට හෝ වුළු කිරීමෙන් පසු පැළැදීම.
2- සම් උර පිරිසිඳු තත්ත්වයේ තිබිය යුතුයි. ඒවා අපිරිසිදු නම් ඒ මත පිස දැමීමට නොහැක.
3- වුළු ගන්නා විට සේදිය යුතු ස්ථානය සම් උරයෙන් ආවරණය වී තිබිය යුතුය.
4- පිසදැමීම නිශ්චිත කාල සීමාව තුළ සිදු විය යුතුය. ගමන් බිමන්වල නොයෙදෙන පදිංචිකරුවෙකු සඳහා, එක් දිනක් සහ එක් රාත්රියක් ද, ගමන් බිමන්වල යෙදෙන කෙනෙකු සඳහා දවස් තුනක් හා රාත්රි තුනක් ද වශයෙනි.

ප්රශ්න අංක 12: සම් උර දෙක මත පිස දැමීමේ ක්රම වේදය කුමක්ද?

ජලයෙන් තෙමා ගත් අත් ඇගිලි මගින් පා ඇගිලි මත තබා කෙණ්ඩය දක්වා ගෙන ආ යුතුය. දකුණු අතින් දකුණු කකුල ද වම් අතින් වම් කකුල ද පිරිමැදිය යුතුයි. පිරිමදින විට තම ඇගිලි ඈත් කර ගනියි. පිරිමැදීම නැවත නැවතත් සිදු නොකළ යුතුයි.

ප්රශ්න අංක 15: සම් උර මත පිස දැමීම අවලංගු වන කරුණු මොනවාද?

පිළිතුර 1: පිසදමන ලද නිශ්චිත කාල සීමාව අවසන් වීම, ඒ සඳහා වූ කාල සීමාව අවසන් වීමෙන් පසු නැවත සම් පා උර මත පිස දැමීම නොකළ යුතුයි. ගමන් බිමන්වල නොයෙදෙන පදිංචිකරුවෙකු සඳහා සීමාව, එක් දිනක් එක් රාත්රියක්; තවද, ගමන් බිමන්වල යෙදෙන කෙනෙකු සඳහා දවස් තුනක් හා රාත්රි තුනක් වශයෙනි.
පාවහන් දෙක ඉවත් කිරීම:
යම් පුද්ගලයෙක් සම් පා උර දෙක හෝ ඒවායින් එකක් පිස දැමීමෙන් පසු ගලවන්නේ නම්, ඒවා මත පිසදැමීම වලංගුභාවය නැති වේ.

ප්රශ්න අංක 16 : සලාත් යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර - සලාතය: එය තක්බීර් වලින් පටන් ගෙන නිශ්චිත කියමන් සහ ක්රියාවන් ඉටු කිරීම සමගම සලාම් දීමෙන් අවසන් කරනු ලබන අල්ලාහ්ට වන්දනාමානය කිරීමේ ක්රියාවලියකි.

ප්රශ්න අංක 17: සලාතයට අදාල නීති රීති කුමක්ද?

සලාතය ඉටු කිරීම සෑම මුස්ලිම්වරයකුහටම අනිවාර්යය වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:
සැබැවින්ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි. සූරා අන්නිසා 4:103

ප්රශ්න අංක 18: සලාතය අත්හැරීම පිළිබඳ නීතිය කුමක්ද?

පිළිතුර - කෙනෙකු විසින් සලාතය අත්හැරීමෙන්, ඔහු ඉස්ලාමය ප්රතික්ෂේප කිරීමේ තත්වයට පත්වේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ.
අප හා ඔවුන් අතර පවතින සම්මුතිය සලාතයයි. කවරෙකු සලාතය අත්හරින්නේද ඔහු ප්රතික්ෂේප කරන්නෙකුගේ තත්වයට පත් වන්නේය.
මෙය ඉමාම් අහ්මද්,ඉමාම් තිර්මිදි තුමා සහ වෙනත් අය විසින්ද දැනුම් දී ඇත.

ප්රශ්න අංක 19: මුස්ලිම්වරයෙකුට දිනකට, එනම් දිවා සහ රාත්රි කොපමණ සලාත් සංඛ්යාවක් තිබෙනවාද ? එක් එක් සලාතයන් සඳහා රකආත් (වට ගණන්) කීයක් තිබේද?

පිළිතුර - දිනකට දිවා රාත්රි සලාතයන් (යාච්ඤාවන්) පහක් ඇත. ෆජ්ර් සලාතය: රකආත් දෙකක්, ළුහර් සලාතය: රකආත් හතරක්, අසර් සලාතය: රකආත් හතරක්, මග්රිබ් සලාතය: රකආත් තුනක්, සහ ඉෂා සලාතය: රකආත් හතරක් යනුවෙන් විස්තර කෙරේ.

ප්රශ්න අංක 20: සලාතයක් සඳහා කොන්දේසි මොනවාද?

පිළිතුර - 1. ඉස්ලාම්: කෙනෙක් මුස්ලිම් වරයෙකු විය යුතුයි. මුස්ලිම් නොවන කෙනෙකුගෙන් මෙය වලංගු වන්නේ නැත.
2. බුද්ධිය؛ බුද්ධි විකල් (ඔල්මාදයෙන්) පෙළෙන අයට වලංගු නැත.
3. නිසි වයසට නොපැමිණීම: කුඩා අය සඳහා එය වලංගු නොවේ.
4. චේතනාව පිහිටුවා ගැනීම.
5. නියමිත වේලාව පැමිණීම.
6. කිල්ලෙන් පිරිසිඳු වීම.
7. අපවිත්රතාවයෙන් පිරිසිදු වීම.
8. නිරුවත වසා ගැනීම.
9. කිබ්ලාව දෙසට හැරී සිටීම.

ප්රශ්න අංක 21: සලාතයක මූලිකාංග කීයක් තිබේද?

සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග 14 ක් තිබේ.
පළමුව- අනිවාර්ය සලාතයකදී නැගීට සිටිමට ශක්තිය ඇත්තා නැගිට සිටිමින් සලාතය ඉටු කිරීම.
"අල්ලාහු අක්බර්" යනුවෙන් ආරම්භ තක්බීරය පැවසීම.
සූරතුල් ෆාතිහා පාරායනය කිරීම.
(සෑම රකඅතයකම) රුකූඋ කිරීම. කොන්ද සමතලා කර (දෑත් දණහිස් මත තබා) ඔහුගේ හිස ඒ(කිබ්ලා) දෙසට හරවන තෙක් නැමිය යුතුය.
එහි සිට නැගිට සිටීම.
අල් ඉඃතිදාල් හෙවත් රුකූඋ ඉරියව්වෙන් නැගිට ආරම්භයේ මෙන්ම ඍජු ව සිට ගැනීම.
සුජූද් කිරීම- සුජූද් කිරීමේ දී නළල, නාසය, අත්ල දෙක, දණහිස් දෙක, දෙපා ඇඟිලි පොළොව මත තබා සුජූද් කිරීම අවශ්ය වේ.
සුජූද් තත්ත්වයෙන් නැගිටීම.
සුජූද් දෙක අතර වාඩි වී සිටීම.
මෙහිදී සුන්නත් වූ ක්රමය - ඉෆ්තිරාෂ් ක්රමයට හිඳ ගැනීම. එනම්, වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගැනීම සහ තම දෑත් කලව මත තබා කිබ්ලා දෙසට හැරී (වාඩිවී) සිටීම. යළි දෙවන සජදා ඉටුකිරීම.
පෙර සඳහන් කළ සෑම ක්රියාවකම මදක් සන්සුන්ව රැඳී සිටීම.
අවසන් ෂහාදා ප්රකාශ කිරීම.
එහි වාඩි වී සිටීම.
" අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් " යනුවෙන් දෙවරක් කීම.
මෙහි අප සඳහන් කළ ආකාරයට මූලිකාංගයන් අනු පිළිවෙළින් ඉටු කිරීම. උදාහරණයක් ලෙස: කෙනෙකු විසින් රුකූඋ කිරීමට පෙර හිතාමතාම සුජූද් කළේ නම් සලාතය අවලංගු වේ. නොදැනුවත්ව කළා නම් නැවත රුකූඋ කර පසුව සුජූද් කිරීම අවශ්ය වේ.

ප්රශ්න අංක 22: සලාතයක අනිවාර්ය කරුණු කීයක් තිබේද?

පිළිතුර- සලාතයක අනිවාර්ය කරුණු අටකි. ඒවා පහත සඳහන් වේ.
1- ආරම්භක තක්බීරය හැර සලාතයේ පවසනු ලබන සෙසු තක්බීරයන්.
2- සමිඅල්ලාහු ලිමන් හමිදහ් (අල්ලාහ් ව ප්රශංසා කළ අයට ඔහු සවන් දුන්නේය) යැයි පැවසීම.මෙය ඉමාම් හා තනි ව සලාතය ඉටු කරන්නා වෙත පැවරෙන වගකීමකි.
3-රබ්බනා වලකල් හම්දු (අපගේ පරමාධිපතියාණනි! ඔබටමය සියලු ප්රශංසා) යැයි පැවසීම.
4. සුබ්හාන රබ්බියල් අළීම් (සර්වබලධාරී මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි රුකූඋ ඉරියව්වෙහි එක් වරක් පැවසීම අනිවාර්යය වේ.
5. සුබ්හාන රබ්බියල් අඃලා (අති උත්තරීතර මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි සුජූද් හි එක් වරක් පැවසීම අනිවාර්යය වේ.
6. සජදා දෙක අතර එක් වරක් රබ්බිග් ෆිර්ළී (මාගේ පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව!) යනුවෙන් පැවසීම.
7. ප්රථම තෂහ්හුදය පැවසීම.
8. ප්රථම තෂහ්හුදය වෙනුවෙන් වාඩිවීම.

ප්රශ්න අංක 23: සලාතයට අදාල සුන්නාහ් කීයක් තිබේද? ඒවා මොනවාද?

පිළිතුර- කරුණු 11ක් ඇත. ඒවා පහත සඳහන් වේ.
1-පළමු තක්බීරයෙන් පසු, 'සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරක අස්මුක වතආලා ජද්දක වලා ඉලාහ ගයිරුක.' යනුවෙන් පැවැසීම.
තේරුම:
යා අල්ලාහ්! ඔබේ ප්රශංසාව තුලින් ඔබ පිවිතුරුය. ඔබේ නාමය සමෘද්ධිතය. ඔබේ කීර්තිය උත්තරීතරය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත.
2- පසු ව අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් යැයි පැවැසීම.
3-බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යැයි පැවසීම.
4-(සූරතුල් ෆාතිහා ව පාරායනය කර, එය අවසන් වූ වහාම) ආමීන් යැයි පැවැසීම.
5-සූරතුල් ෆාතිහා ව පාරායනය කිරීමෙන් පසු (වෙනත්) සූරාවක් පාරායනය කිරීම.
6-ඉමාම් විසින් හඬ නගා පාරායනය කිරීම.
7- රබ්බනා වලකල් හම්දු යැයි කීමෙන් පසු ''මිල්උස් සමාවාති, වමිල්උල් අර්ළි, වමිල්උ මා ශිඃත මින් ශයිඉන් බඃදු '' යනුවෙන් පාරායනය කිරීම.
8-රුකූඋ අවස්තාවේදී සුබ්හාන රබ්බියල් අලීම්’ යැයි එක් වරකට වඩා එනම් දෙවන හා තුන්වන වතාවට හෝ ඊට වැඩියෙන් පැවසීම.
9- සුජූද් අවස්තාවේදී සුජූද් සඳහා වූ තස්බීහය එක් වරකට වඩා පාරායනය කිරීම.
10 - සජදා දෙක අතර '' රබ්බිග් ෆිර්ලී ''යනුවෙන් එක් වතාවට වඩා පාරායනය කිරීම.
පසු ව අවසාන ෂාහාදා ව පැවැසීම. මීට අමතර ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත හා පව්ලේ සමාජිකයින් වෙත සලවාත් කීම්, බරකත් හෙවත් ආශිර්වාද පැතීම, ඉන්පසු දුආ ප්රාර්ථනා කිරීම.
සිව්වෙනුව:
ක්රියාවෙන් සිදු කරන සුන්නතයන්, ඒවා අල්හයිආත් යනුවෙන් හඳුන්වනු ලැබේ.
1. පළමු තක්බීරතයත් සමග දෙඅත් එසවීම.
2. රුකූඋ යනවිට දෙඅත් එසවීම.
3- රුකූඋ සිට නැගිටින විට දෙඅත් එසවීම.
4-ඉන්පසු ඒවා පහත හෙලීම.
5- (තක්බීර් බඳින විට) දකුණත වම් අතට උඩින් තැබීම.
6- සලාත් අවස්ථාවේදී සජදා කරන ස්ථානය දෙස දෑස් යොමු කිරීම.
7-සිටගෙන සිටින විටදී දෙපා අතර මදක් ඈත් කර තැබීම.
8-රුකුඋ අවස්ථාවේදී, දෙඅත් ඇඟිලි ඈත් කොට තම දණහිස් මත තබා ගැනීම. තම පිට සමාන්තර ව තබා ගැනීම. හිස ද ඍජු ව තබා ගැනීම.
9-සජදාවට අදාල අවයවයන් පොළොව මත එනම් සුජූද් කරන ස්ථාන වෙත යොමු කිරීමට සැලැස්වීම.
10- සුජූද් අවස්ථාවේදී කෙනෙකු ඔහුගේ දෑත්හි බාහු කොටස ඇළපැති දෙපැත්තෙන්ද, ඔහුගේ උදරය ඔහුගේ කලවාවෙන්ද, ඔහුගේ කලවා ඔහුගේ කෙණ්ඩයෙන් ද දුරස්ව තබා ගැනීම. තවද දණිස් දෙක අතර ඈත් කර ගැනීම.පාද ඇඟිලි සිටුවා ඈත් කර තබා ගැනීම. තම දෑත් තම උරහිස අසල තබා ගැනීම.
11- සජදා දෙක අතර හිඳුමෙහි සහ ප්රථම ෂහාදා හිඳුමෙහි ඉෆ්තිරාශ් ක්රමයට සහ දෙවන ෂහාදා හිඳුමෙහි තවර්රුක් ක්රමයට හිඳ ගැනීම.
12. සුජූද් දෙක අතර වාඩිවීමෙන් පසු අත් දෙක ඇඟිලි දිගු කර කලව මත තබා ගනීයි. තෂහ්හුද් අවස්ථාවේදීත් එසේම තබා ගනීයි. දකුණු වෙදඟිල්ල හා සුළැඟිල්ල නමාගෙන මහපටැඟිල්ල හා මැදඟිල්ල වෘත්තාන්තයක මෙන් තබා ගෙන දබරැඟිල්ලෙන් අල්ලාහ් මෙනෙහි කරන විට සංඥා කිරීම.
සලාම් පැවැසීමේදී දකුණු දෙසට සහ වම් දෙසට හැරී සලාම් පැවැසීම.

ප්රශ්න අංක 24: සලාතය අවලංගු කරන කරුණු කීයක් තිබේද? ඒවා මොනවාද?

පිළිතුර - 1.සලාතයේ රුක්න් හෙවත් ස්ථම්භයක් හෝ කොන්දේසියක් අත්හැරීම.
2. හිතාමතා කතා කිරීම
3. ආහාර පාන ගැනීම.
4. බොහෝ ලෙස අඛණ්ඩව චලනය වීම.
5. සලාතයේ අනිවාර්ය වූ කරුණක් හිතාමතාම අත් හැරීම.

ප්රශ්න අංක 25: මුස්ලිම්වරයෙකු සලාත් ඉටු කරන්නේ කෙසේද?

පිළිතුර- සලාත් ඉටු කරන ආකාරය.
1. වටපිට බැලීමකින් තොරව ඍජූව කෙනෙකුගේ මුළු ශරීරයෙන්ම කිබ්ලාව දෙසට හැරී සිටීම.
2. පසුව චේතනාව වචනයෙන් ප්රකාශ නොකර අවශ්ය කරන සලාතය වෙනුවෙන් චේතනාව සිතින් පිහිටුවා ගනී.
3. පසුව දෑත් තම උරහිසට සමාන්තර ව ඔසවා ‘අල්ලාහු අක්බර්’යැයි ආරම්භ තක්බීරය පැවසීම.
4. තම පපුව මත වමත් බාහු ව තබා ඒ මත දකුණත තබා ගැනීම.
5. පසු ව ප්රාරම්භක ප්රාර්ථනාව උසිරීම. අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින හතායාය කමා බාඅද්ත බයින අල් මෂ්රිකි වල් මග්රිබි අල්ලාහුම්ම නක්කිනී මින් හතායාය කමා යුනක්කස්සව්බුල් අබ්යළු මිනද් දනස්. අල්ලාහුම්ම අග්සිල්නී මින් හතායාය බිල් මාඉ වස්සල්ජි වල් බරද්. තේරුම: යා අල්ලාහ්! ඔබ බටහිර හා නැගෙනහිර දුරස් කලාක් මෙන් මා අතර හා මාගේ පාපයන් අතර දුරස් කරත්වා! අහෝ අල්ලාහ්! සුදු ඇඳුමින් කුණු ඉවත් කරන්නාක් මෙන් මාගේ පාපයන්ගෙන් ද මා පිරිසිදු කරත්වා ! අහෝ අල්ලාහ්! පිනිකැට වලින්, සිසිලෙන් හා ජලයෙන් මාගේ පාපයන් මගෙන් සොදා හරිනු මැනව!
සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක. තේරුම: යා අල්ලාහ්! ඔබේ ප්රශංසාවෙන් ඔබ පිවිතුරුය. ඔබේ නාමය සමෘද්ධිතය. ඔබේ කීර්තිය උත්තරීතරය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත.
6. පසුව පහත සඳහන් කළ ආකාරයට අඌදු පැවැසීම: අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් "පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි." යැයි පාරායනය කිරීම. 7. පසුව පහත සඳහන් ආකාරයට බිස්මිල්ලාහ් පවසා සූරතුල් ෆාතිහා පාරායනය කිරීම. ‘බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්’ (1) -මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්- ‘අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්’ (2) -ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමි වේවා! ‘අර් රහ්මානිර් රහීම්’ (3) - ඔහු මහා කාරුණික පරම දයාබරයාණන්ය. ‘මාලිකි යව්මිද් දීන්’ (4) -විනිශ්චය දිනයේ අධිපතිය. ‘ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්’ (5) -අපි ඔබවම නමදිමු. ඔබෙන් පමණක් පිහිට පතමු. ‘ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්’ (6) -අප ඍජු මග යොමු කරනු මැනව! ‘සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල් ළාල්ලීන්’ (7) ඔබ ආශිර්වාද කළ අයගේ මාර්ගයයි. ඔබේ කෝපයට භාජනය වූවන්ගේ හෝ මුළාවූවන්ගේ මාර්ගය නොව. (අල් ෆාතිහා 1:1-7)
පසුව (ආමීන්) යනුවෙන් පැවසීම, එහි අර්ථය : යා අල්ලාහ්! පිළිතුරු සපයන්න.
8. පසුව අල්කුර්ආනයෙන් පහසු කොටසක් පාරායනය කිරීම. සුබ්හු සලාතයේ දී දීර්ඝ සූරාවන් පාරායනය කිරීම.
9. පසුව රුකූ කරයි. එනම් අල්ලාහ්ව මහිමයට පත් කිරීම වස් තම කොන්ද නමා රුකූ කරයි. රුකූ කරන විට ''අල්ලාහු අක්බර්'' යැයි පවසයි. රුකූ සඳහා නැමෙන විට අත් දෙක ඔහුගේ උරහිස් දක්වා ඔසවයි. සුන්නාහ් ක්රමය නම්: ඔහුගේ පිටකොන්ද සමාන්තර ව තබා හිස ද ඍජු ව තබා ගැනීමයි. තවද ඇඟිලි ඈත් කොට, දෑත් තම දණහිස් මත තබයි.
10.පසු ව ''සුබ්හාන රබ්බියල් අලීම්''යැයි තුන් වරක් පවසයි. වැඩියෙන් පවසන්නේ නම් එවිට « සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික, අල්ලාහුම්ග් ෆිර්ලී» යනුවෙන් පැවසීම උචිතයි.
11-පසුව "සමිඅල්ලාහු ලිමන් හමිදා" යනුවෙන් පවසමින් රුකූ ඉරියව්වේ සිට හිස ඔසවයි, එවිට ඔහු තම උරහිසට සමාන්තරව තම දෑත් ඔසවයි. (ඉමාම්ව අනුගමනය කරන) මඃමූන්වරු "සමිඅල්ලාහු ලිමන් හමිදා" යනුවෙන් පවසන්නේ නැත: ඒ වෙනුවට ඔවුහු " රබ්බනා ලකල් හම්දු", යනුවෙන් පවසති.
12. පසුව නැගිට සිටීමෙන් පසු "රබ්බනා ලකල් හම්දු මිල්අස්-සමාවාති වමිල්අල්-අර්ළි මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" යනුවෙන් පවසයි.
13. ඉන්පසු ඔහු පළමු සුජූද් කරයි. සුජූද් කරන විට "අල්ලාහු අක්බර්" යැයි පවසයි. ඔහු තම අවයව හතක් එනම්, නළල, නාසය, අත්ල, දණහිස සහ පාදවල ඇඟිලි තුඩු පොළොව මත පතිත වන සේ සුජූද් කරයි. තවද ඔහුගේ දෑත්හි බාහු කොටස ඇළපැති දෙපැත්තෙන් දුරස්ව තබා ගනීයි. තම වැලමිට පොළොව මත නොතබා ඇඟිලි තුඩු කිබ්ලා දෙසට හරවා තබා ගනී.
14. පසු ව ''සුබ්හාන රබ්බියල් අඃලා''යැයි තුන් වරක් පවසයි. වැඩියෙන් පවසන්නේ නම්, «සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික, අල්ලාහුම්ග් ෆිර්ලී» යනුවෙන් යනුවෙන් පැවසීම උචිතයි.
15. පසු ව සුජූද් තත්වයේ සිට ''අල්ලාහු අක්බර්'' යැයි පවසා තම හිස ඔසවයි.
16. ඉන්පසු සජදා දෙක අතර හිඳීමේදී ඔහු වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගනී. තවද දණහිසට යාබද දකුණු කලවා මත තම දකුණු අත තබා ගනී. දකුණතෙහි මහපට ඇගිල්ල මැදඟිල්ලට යටින් පිහිටන සේ තබා ගනී. වෙදඟිල්ල හා සුළැඟිල්ල මොළවා ගනියි. දබරැඟිල්ලෙන් සංඥා කර ප්රාර්ථනා කරන විට දී එය සොලවයි. තවද දණහිසට යාබද වම් කලවා මත තම වමත තබා ගනී.
17. සජදා දෙක අතර හිඳගෙන මෙසේ පාරායනය කරයි. ‘රබ්බිග් ෆිර්ලී වර්හම්නී, වහ්දිනී, වර්සුක්නී, වජ්බුර්නී, වආෆිනී.’
18. පසුව ආරම්භයේ සිදු කළාක් මෙන් තක්බීර් පවසා දෙවන සුජූදය ඉටු කරයි.
19. ඉන්පසු ''අල්ලාහු අක්බර්'' යනුවෙන් පවසමින් දෙවන සුජූදයෙන් නැඟිට සිට ගනී.පසුව පළමු රකආතය මෙන්ම දෙවන රකඅතයද ඉටු කරයි. නමුත් මෙහිදී ප්රාරම්භක ප්රාර්ථනාව නොපවසයි.
20. පසුව දෙවන රකඅතය අවසන් වීමෙන් පසු ''අල්ලාහු අක්බර්'' යනුවෙන් පවසමින් සජදා දෙක අතර වාඩිවූ ආකාරයට හිඳ ගනීයි.
21. මෙම හිඳීමේදී අත්තෂහ්හුදය මෙසේ පාරායනය කරයි. “අත්තිය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අඌදු බිල්ලාහි මින් අදාබි ජහන්නම, වමින් අදාබිල් කබ්රි, වමින් ෆිත්නතිල් මහ්යා වල්මමාත් වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්” තේරුම: සියලු පඬුරු ආශිර්වාද හා යහපත අල්ලාහ් සතුය. අහෝ නබිවරය! ඔබට ශාන්තිය හිමි වේවා. එමෙන්ම අල්ලාහ්ගේ කරුණාවත් සමෘද්ධියත් හිමි වේවා. මතත් වූ අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් හටත් හිමි වේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයකු බවද මම සාක්ෂි දරමි. අහෝ අල්ලාහ්, ඔබ ඉබ්රාහීම් හා ඉබ්රාහීම්ගේ පවුලේ උදවියට ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්රශංසාලාභීය. කීර්තිමත්ය. ඔබ ඉබ්රා්හීම් හා ඉබ්රාඅහීම්ගේ පවුලේ උදවියට සමෘධිය ඇති කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට සමෘධිමත් කරත්වා! තවද, මම නිරයේ වේදනාවෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. මිනීවලේ ඇති විය හැකි වේදනාවෙන්ද ආරක්ෂාව පතමි. මසීහ් අද්දජ්ජාල්ගේ කරදර වලින්ද ආරක්ෂාව පතමි. ජීවතුන් අතර සිටියදීත් මරණයෙන් පසුවත් ඇතිවිය හැකි අවුල් සහගත ස්වභාවයෙන්ද අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. පසුව මෙලොව සහ පරලොව යහපත සඳහා තමන් කැමති දේ වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටී.
22. "පසුව අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්" යැයි පවසා දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි.
23. රකඅත් තුනකින් සහ හතරකින් සමන්විත සලාතයකදී පළමු තෂහ්හුදය පාරායනය කරන විට එහි අවසාන වදන, එනම්: ''අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු'' දක්වා පාරායනය කරයි.
24. පසු ව තක්බීර් පවසා නැගිට සිටියි. එවිට දෙඅත් උරහිසට සමාන්තර ව ඔසවයි.
25.පසු ව ඉතිරි රකඅත් (වට) ගණන (තුන්වැනි හා හතරවැනි රකආතයන්) ඉටු කරයි. කෙසේ වෙතත්, මේ රකඅත්වල අල්-ෆාතිහා කියවීමට සීමා කරයි.
26. පසු ව (අවසාන තෂහ්හුදය පැවසීම සඳහා) තවර්රුක් ක්රමයට වාඩි වෙයි. වම් පාදය දකුණු කකුලේ කෙණ්ඩයට යටින් පිටතට එන සේ තම පසුපස බිම තබා දකුණු පාදය සිටුවා තබා ගනියි. (තවද පසුපස බිම තබා තම වම් පාදය දකුණු දෙසින් පිටතට එන සේ තබා ගැනීමටද හැක.) තවද පළමු තෂහ්හුද් අවස්ථාවේදී තබා ගත් ක්රමයට අත්ල කලව මත තබයි.
27. තවද මෙම ඉඳුමෙහි මුළු තෂහ්හුදය කියවයි.
28. පසුව "අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්"යැයි පවසා දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි.

පස්වේලේ සලාතයකදී සලාම් පැවසූ පසු අල්ලාහ් මෙනෙහි කළ යුතු (අල් අද්කාර්) ප්රාර්ථනාවන් කිහිපයක්.

පිළිතුර: ''අස්තග්ෆිරුල්ලාහ්'' යනුවෙන් තුන් වරක්.
අනතුරු ව ‘අල්ලාහුම්ම ඉන්නක අන්තස් සලාමු වමින්කස් සලාමු තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාමි' යැයි පැවසිය යුතුය. තේරුම: යා අල්ලාහ්, ශාන්තිය ඔබයි. ශාන්තිය ඇති වනුයේ ඔබෙන්ය. ගෞරවනී වූ ද අභිමානවත් වූ ද ඔබ භාග්ය වන්තයාය.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්. අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතයිත වලා මුඃතිය ලිමා මනඃත වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු.
තේරුම:
නැමදුම ලබන්නට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නැත. ඔහු එකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නැත.සියලු පාලන බලය හිමිවනුයේ ඔහුටමය. සියලු ප්රශංසා හිමිවනුයේ ඔහුටමය. ඔහු සෑම දෙයක් කිරීම කෙරෙහි ශක්ති වන්තයාය. යා අල්ලාහ්! ඔබ දුන් දෙයක් වළකා ලීමට කිසිවෙකුටත් නොහැක. ඔබ (නොදී) වැළකූ දෙයක් ලබා දීමට කිසිවෙකුටත් නොහැක. ඔබේ දඬුවම්වලින් මිදීමට ධනය හෝ මහිමය කිසිවෙකුටත් ප්රයෝජනවත් විය නොහැක.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි, ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා නඃබුදු ඉල්ලා ඉයියාහු ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ වලහුල් සනාඋල් හසන්, ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්ඃලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන්.
තේරුම:
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සියලු බලතල ඔහු සතුය. ප්රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය. අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ බලවේගයක් නොමැත. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලූ දායාදයන් ඔහු සතුය. ශ්රේෂ්ඨත්වය ද උතුම් වූ උපහාරය ද ඔහුටම හිමිය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ප්රතික්ෂේප කරන්නන් විරුද්ධ වුව ද සියලු නැමදුම් ඔහු වෙනුවෙන් පමණක් ඉටු කරමු.
- '' සුබ්හානල්ලාහ් ''යැයි තිස් තුන් වතාවක් කීම.
-'' අල්හම්දු ලිල්ලාහ් ''යැයි තිස් තුන් වතාවක් කීම.
-'' අල්ලාහු අක්බර් ''යැයි තිස් තුන් වතාවක් කීම.
සියය සම්පූර්ණ කිරීම සඳහා පහත දැක්වෙන දික්රය කීම. ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්.
තේරුම- නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සියලු ආධිපත්යයන් අල්ලාහ් සතුය. සියලු පැසසුම් ඔහු සතුය. ඔහු සියලු දෑ කිරීමට බලය ඇත්තාය.
(මේ පිළිවෙළට අනුව ප්රාර්ථනාවන් මෙනෙහි කිරීමෙන් පසු) සූරතුල් ඉහ්ලාසය සහ මුඅව්විදතෙයින් හෙවත් අල් කුර්ආන් 113 හා 114 යන සූරාවන් ද පාරායනය කරයි. මග්රිබ් හා ෆජ්ර් සලාතයෙන් පසු ව මෙම සූරාවන් තුන්වරක් බැගින් පාරායනය කිරීම සහ අනිකුත් සලාතයෙන් පසු එක්වතාවක් පාරායනය කිරීම.
පසු ව ආයතුල් කුර්සීය හෙවත් (අල් කුර්ආන් 2:255) වැනි වැකිය එක් වතාවක්ද පාරායනා කිරීම.

27. (අනිවාර්යය පස්වේලේ සලාතයන්ට අදාළ) අර්රවාතිබ් හෙවත් සුන්නත් සලාතයන් කුමක්ද? එහි වැදගත් කම කුමක්ද?

පිළිතුර - සුබ්හ් (ෆජ්ර්) සලාතයට පෙර රකආත් දෙකක්.
- ලුහර් සලාතයට පෙර රකආත් හතරක්.
- ලුහර් සලාතයට පසු රකආත් දෙකක්.
- මග්රිබ් සලාතයට පසු රකආත් දෙකක්.
- ඉෂා සලාතයට පසු රකආත් දෙකක්.
නබි (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) තුමාණන් එහි වැදගත්කම ගැන මෙසේ පැවැසූහ. "කෙනෙකු දවසකට දිවා රෑ ස්වේච්ඡාවෙන් රකආත් දොළහක් සලාතය කරයිද, අල්ලාහ් ඔහුට ස්වර්ගයේ නිවසක් ඉදි කරයි." මෙම හදීසය මුස්ලිම් සහ අහ්මද් මූලාශ්ර ග්රන්ථයෙහි සහ වෙනත් මූලාශ්රයන්හි වාර්තා වී ඇත.

ප්රශ්න අංක 28. සතියේ හොඳම දින මොනවාද?

පිළිතුර- ජුම්ආ දිනයයි (සිකුරාදා). නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. "සත්ය වශයෙන්ම නුඹලාට විශේෂිත වූ දිනය ජුම්ආ දිනයයි. එම දිනයේදී නබි ආදම් (අලෙයිහිස් සලාම්) තුමා මවනු ලැබුහ. එම දිනයේදී එතුමා මරණයට පත් වූහ. එම දිනයේදී හොරණෑව පිඹෙනු ඇත. එම දිනයේදී ගිගුරුම් සහිත මහා හඩක් ඇති වේ. එබැවින් මෙම දිනයේදී මා කෙරෙහි අධික වශයෙන් සලවාත් කියන්න. නියත වශයෙන්ම ඔබ පවසන සලවාත් මා වෙත පෙන්වනු ලබයි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) තුමාණන්ගේ (සහාබාවරුන්) මිතුරන් මේසේ ප්රශ්න කළහ. 'නබි තුමාණෙනි! අපේ සලවාතයන් ඔබ වෙත පෙන්වනු ලබන්නේ කෙසේද? එවිට ඔබ (ගේ ශරීරය) දිරාපත් ව ඇත්තේ නොවේද?' එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පිළිතුරු දුන්හ. නිසැකවම උත්තරීතරවූ අල්ලාහ් නබිවරුන්ගේ ශරීරය භූමිය අනුභව කිරීමෙන් තහනම් කොට ඇත.' මෙය ඉමාම් අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත.

ප්රශ්න අංක 29. සිකුරාදා යාඥාවේ නීති රීති කුමක්ද?

පිළිතුර- මෙය, ප්රදේශයක පදිංචිව සිටින, නිසි වයසට පැමිණි සහ බුද්ධියෙන් සපිරිනු සෑම පිරිමි මුස්ලිම් කෙනෙකු කෙරෙහි අනිවාර්ය වගකීමකි.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසා ඇත:
"අහෝ විශ්වාස කළවුනි! ජුමුආ දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලු ව යනු. තවද ව්යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය, නුඹලාට යහපත්ය." (සූරා ජුම්ආ 62:9)

ප්රශ්න අංක 30: ජුම්ආ සලාතයේ රකඅත් ගණන කීයද?

පිළිතුර- සිකුරාදා ජුම්ආ සලාතයේ රකඅත් ගණන දෙකකි. ඉමාම් ශබ්ද නඟා පාරායනය කරන අතර ඒවාට පෙර (ඉමාම් විසින්) සුප්රසිද්ධ දේශනා දෙකක් පවත්වනු ඇත.

ප්රශ්න අංක 31. සිකුරාදා සලාතය මග හැරීමට අවසර තිබේද?

පිළිතුර - ආගමානුකූල නිදහසට කරුණක් හැර සිකුරාදා සලාතයට නොපැමිණ සිටීමට ඉස්ලාම්හි අවසර නැත. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ. කිසියම් පුද්ගලයෙකු නොකඩවා ජුම්ආ සලාතයන් තුනකට සහභාගි නොවූයේ නම්, ඔහුගේ හදවතට අල්ලාහ් විසින් මුද්රා තබනු ඇත. මෙය ඉමාම් අබූ දාවුද් තුමා සහ වෙනත් ඉමාම් වරුන් විසින් වාර්තා කර ඇත.

ප්රශ්න අංක 32. සිකුරාදා දිනයේ සුන්නාහ් ක්රියාවන් සඳහන් කරන්න.?

පිළිතුර:-
1.ජලස්නානය කිරීම
2. සුවඳවිලවුන් (අත්තර්) වැනි දෑ ආලේප කිරීම
3. හොඳම ඇඳුමකින් සැරසී යාම.
4. වේලාසනින් මස්ජිදයට යාම.
5. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා වෙත වැඩි වැඩියෙන් සලවාත් කීම.
6. සූරත් අල්-කහ්ෆ් පාරායනය කිරීම.
7. පා ගමනින් මස්ජිදයට යාම.
8. ප්රාර්ථනා (කන්නලව්ව) සඳහා පිළිතුරු ලැබෙන වේලාව පිළිබඳ විමසිල්ලෙන් සිටීම.

ප්රශ්න අංක 33. ජමාඅත් හෙවත් සාමුහිකව සලාත් ඉටුකිරීමේ වැදගත්කම සඳහන් කරන්න.?

පිළිතුරු - සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. සාමුහික සලාතය තනි ව ඉටු කරන සලාතයට වඩා විසි හත් ගුණයකට අධික තරාතිරමින් උසස් ය. මෙය මුස්ලිම් විසින් වාර්තා කරන ලදී.

ප්රශ්න අංක 34. සලාතයේ බියබැතිකම් ඇති කරගැනීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්ද?

පිළිතුර - එනම් භියබැතිකම හදවතහි ඇති කර ගැනීම සහ අවයවවල නිශ්චලතාවය ඇති කර ගැනීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
දේවත්වය විශ්වාස කරන්නෝ සැබැවින්ම ජය ලැබුවෝය. ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති. සූරා අල් මුඃමිනූන් 23:1-2

ප්රශ්න අංක 35. සකාතය ගැන පැහැදිලි කරන්න.

පිළිතුර - (සකාත් දීමට අනිවාර්යයෙන් බැඳුනු පුද්ගලයෙකු විසින්) තමන් සතු වස්තුව නිශ්චිත කාලයක් තුල, නිශ්චිත කණ්ඩායමක් වෙත නිකුත් කිරීමේ අනිවාර්ය වගකීමකි.
එය ඉස්ලාමයේ පස් මහ කුළුණු වලින් එකක් වන අතර එය ධනවතුන්ගෙන් ලබාගෙන දුප්පතුන්ට දෙනු ලබන අනිවාර්ය පුණ්යාධාරයකි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
“ඔබ සාකාත් පිරිනමන්න.” (සූරතුල් බකරා 2:43)

ප්රශ්න අංක 36. අනිවාර්ය නොවන (සදකාව) දන් දීම යනු කුමක්ද?

පිළිතුර: සකාත් හැර, ඕනෑම (අනුමත) දෙයකින්, පුණ්ය කටයුත්තක් සඳහා ඕනෑම අවස්ථාවක දානයක් දීම වැනි යහපත් ක්රියාවන්.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:
"තවද අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කරන්න." (සූරතුල් බකරා 2:195)

ප්රශ්න අංක 37. උපවාසශීලය පිළිබඳව හැඳින්වීමක් කරන්න.

එය (අල්ලාහ් වෙනුවෙන් යන) චේතනාවකින් යුක්තව අලුයම උදාවේ සිට හිරු බැස යන තෙක් (ආහාර පානාදිය, ලිංගික ඇසුර හා වෙනත්) උපවාසය අවලංගු කරන දෑ යනාදියෙන් වැළකී, අල්ලාහ්ට වන්දනා මානය කරනු ලබන පිළිවෙතක් වන අතර එය වර්ග දෙකකි:
එනම්, අනිවාර්යවූ උපවාසශීලය: මෙය ඉස්ලාමයේ කුළුණු වලින් එකක් වන රමළාන් මාසයේ උපවාසශීලයේ යෙදීම වැනිය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:
“අහෝ විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකිවනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්යය කරනු ලැබීය.” (සූරා බකරා 2:183)
අනිවාර්ය නොවන උපවාසය: උදාහරණයක් ලෙස, සෑම සතියකම සඳුදා සහ බ්රහස්පතින්දා උපවාසයේ යෙදීම සහ සෑම මාසයකම දින තුනක් උපවාසශීලයෙහි යෙදීම. මේ අතරින් හොඳම ඒවා වන්නේ සෑම මසකම ‘අය්යාමුල් බීළ්" (සුදු දින) හෙවත් සෑම චන්ද්ර මාසයකම 13, 14 සහ 15 වැනි දිනයන්හිදී උපවාසශීලයෙහි යෙදීම වේ.

ප්රශ්න අංක 38. රමළාන් මාසයේ උපවාසයේ වැදගත් කම ගැන සඳහන් කරන්න?

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. කවරෙකු රමළාන් මාසයේ දේව විශ්වාසය සහිතව හා කුසල් බලාපොරොත්තු වෙන් උපවාසයේ නිරත වූයේ ද, පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.

ප්ශ්න අංකර 39. රමළාන් හැර වෙනත් කාලයක (අනිවාර්ය නොවන) ස්වේච්ඡා උපවාසයේ ඇති වැදගත්කම සඳහන් කරන්න.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ මාර්ගයේ උපවාසයේ නිරත වන කවර ගැත්තෙකු හෝ වේවා, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ මුහුණ හරීෆ් (අවුරුදු) හැත්තෑවක් පමණ දුරින් නිරයේ ගින්නෙන් දුරස් කරනු මිස නැත. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.
"හරීෆ් හැත්තෑවක්" යන්නෙහි අර්ථය:
අවුරුදු හැත්තෑවකි.

ප්රශ්න අංක 40. උපවාස ශීලය අවලංගු කරන සමහර කරුණු සඳහන් කරන්න?

1- හිතාමතාම ආහාර පාන ගැනීම.
2- හිතාමතාම වමනය දැමීම.
3- ඉස්ලාමයෙන් බැහැරවීම.

ප්රශ්න අංක 41. උපවාසයේ සුන්නත්වූ කරුණු මොනවාද?

පීළිතුර 1. (අදාල වේලාවට) උපවාසයෙන් මිදීම ඉක්මන් කිරීම.
2- සුහූර් වේලාව ප්රමාද කිරීම.
3- පුණ්ය ක්රියාවන් සහ වන්දනාමාන කටුයුතු වැඩියෙන් ඉටුකිරීම.
4- උපවාසයේ යෙදී සිටින්නාට යම්කිසිවෙකු බැන වදින්නේ නම්: ''මම උපවාසයේ යෙදී සිටිමි''. යනුවෙන් පැවැසීම.
5- උපවාසයෙන් මිදුනු විට දුආ ප්රාර්ථනාවන් කිරීම.
6- රුත්බ් (පැසුනු ඉඳි, වියළී ඉඳි බවට පත්වීමට පෙර) වලින් හෝ සාමාන්ය ඉඳි වර්ග අනුභව කිරීමෙන් හෝ ඒ කිසිවක් නැති විටක ජලය පානය කිරීම තුලින් උපවාසයෙන් මිදීම.

ප්රශ්න අංක 42. හජ් මෙහෙය පිළිබඳව හැඳින්වීමක් කරන්න.

පිළිතුර: හජ් යනු, සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන්, නිශ්චිත වේලාවක නිශ්චිත ක්රියාවන් සඳහා අල්ලාහ්ගේ ශුද්ධ වූ (කඃබතුල්ලාහ්) නිවස ඉලක්ක කරගත් චේතනාවෙන් අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන වන්දනාමාන පිළිවෙතකි.
උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි:
“...තවද අල්ලාහ් වෙනුවෙන් එම නිවස හජ් ඉටු කිරීම සඳහා ඒ වෙතට යෑමට හැකියාව ඇති ජනයා වෙත පැවරුණු වගකීමකි. කවරෙකු එය ප්රතික්ෂේප කළේද සැබැවින්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්යතා නොමැත්තා (බව දැනගත යුතු)ය.” (සූරා ආලු ඉම්රාන් 4:97)

ප්රශ්න අංක 43. හජ් වගකීමෙහි (අනිවාර්ය) කුඵණු මොනවාද?

පිළිතුර - 1. නියියත් තැබීම හෙවත් ඉහ්රාම් තත්වයට පත්වීම.
2. (දුල්හජ් 9 වන දින) අරෆාහි රැඳීම.
3. තවාෆුල් ඉෆාදා ඉටු කිරීම.
4. සෆා සහ මර්වාහ් අතර සඊ ඉටුකිරීම.

ප්රශ්න අංක 44. හජ් වගකීමෙහි ඇති වැදගත් කම කුමක්ද?

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. කවරෙකු හජ් වන්දනාව ඉටු කර (එම කාලය තුළ) කාමයේ නොහැසිරී, අසභ්ය හෝ දුරාචාරයේ නොයෙදී වැළකී සිටියේ ද ඔහුගේ මව ඔහු බිහි කළ දිනය මෙන් ඔහු නැවත හැරෙනු ඇත. මූලාශ්රය: ඉමාම් බුහාරි ඇතුළු ව වෙනත් මූලාශ්රයවල සඳහන් වී ඇත.
(ඔහුගේ මව ඔහු බිහි කළ දිනය) යනුවෙන් අදහස් කරනු ලබන්නේ "කිසිදු පාපයකින් තොරව" නැවත හැරෙන බවයි.

ප්රශ්න අංක 45. උම්රා මෙහෙය ගැන පැහැදිලි කරන්න.

පිළිතුර: උම්රා යනු, එය සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන්, නිශ්චිත වේලාවන් සහ නිශ්චිත ක්රියාවන් සඳහා අල්ලාහ්ගේ ශුද්ධවූ (කඃබතුල්ලාහ්) නිවස ඉලක්ක කරගත් චේතනාවෙන් අල්ලාහ්ට කරනු ලබන වන්දනාමාන පිළිවෙතකි.

ප්රශ්න අංක 46. උම්රා ඉටුකීරීමෙහි (අනිවාර්ය) කුඵණු මොනවාද?

පිළිතුර -1. චේතනාව පිහිටුවා ගැනීම හෙවත් ඉහ්රාම් තත්වයට පත්වීම.
2. කඃබතුල්ලාහ් වටා තවාෆ් කිරීම.
4. සෆා සහ මර්වාහ් අතර සඊ ඉටුකිරීම.

ප්රශ්න අංක 47. අල්ලාහ් වෙනුවෙන් ජිහාද් (කැපකිරීම) යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්ද?

පිළිතුර - ඉස්ලාමය ව්යාප්ත කිරීම සහ ඉස්ලාමය සහ එහි ජනතාව ආරක්ෂා කිරීම, ඉස්ලාමයේ සහ එහි ජනයාගේ සතුරාට එරෙහිව සටන් කිරීමට උත්සාහය දැරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
"තවද නුඹලාගේ වස්තුව හා නුඹලාගේ ජීවිත (පුද කරමින්) අල්ලාහ්ගේ මාර්ගයේ කැප කරනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට ශ්රේෂ්ඨය." 41. (සූරා අත්තව්බා 9:41)

නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාගේ චරිතාපදානය32

ප්රශ්න අංක 1. අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පෙළපත කුමක්ද?

පිළිතුර - ඔහු මුහම්මද් බින් අබ්දුල්ලා බින් අබ්දුල් මුත්තලිබ් බින් හාෂිම් ය; හාෂිම්වරු යනු කුරයිෂ් වංශයෙන් පැවැත එන්නන්ය, කුරේෂ්වරු අරාබිවරුගේ පැවත එන්නන්ය, අරාබිවරුන් ඉස්මායිල්ගේ පරපුරෙන් පැවැත එන්නන්ය,ඉස්මායිල්, ඉබ්රාහිම් (අලයිහිස් සලාම්) තුමාගේ පුත්රයාණන්ය. එතුමාණන්ට හා අපගේ නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාට අල්ලාහ්ගේ විශිෂ්ඨතම ආශිර්වාදය සහ සාමය ඇති වේවා!

ප්රශ්න අංක 2. අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මවගේ නම කුමක්ද?

පිළිතුර - ආමිනා බින්ත් වහබ්

ප්රශ්න අංක 3. නබි තුමාණන්ගේ පියා මිය ගියේ කවදාද?

පිළිතුර - එතුමාණන් මව් කුස තුල සිටියදීම එතුමාණන්ගේ පියා මදීනාවේ මිය ගියේය. ඒ වන විටත් නබිතුමාණන් උපත ලැබී නැත.

ප්රශ්න අංක 4. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා උපත ලැබුවේ කවදාද?

පිළිතුර - ඇත් වසර (ආමුල් ෆීල්) රබී අල්-අව්වල් මාසයේ සඳුදා දිනක.

ප්රශ්න අංක 5. ඔහු ඉපදුණේ කුමන නගරයේ ද?

පිළිතුර - මක්කා නගරයේදීය.

ප්රශ්න අංක 6. එතුමාණන්ගේ මව හැර එතුමාණන්ට කිරි පොවා එතුමාණන්ව හදා වඩා ගත් කාන්තාවන් කවුද?

පිළිතුර - එතුමාගේ පියාගේ වහලියක් වන උම් අයිමන්.
එතුමාණන්ගේ මාමා කෙනෙකු වූ අබු ලහබ්ගේ වහලිය වූ සුවයිබා.
හලීමා අස්සඅදියියා.

ප්රශ්න අංක 7. එතුමාගේ මව මිය ගියේ කවදාද?

පිළිතුර: එතුමාගේ වයස අවුරුදු හයේදී, එතුමාගේ මව මිය ගිය අතර එතුමාගේ සීයා අබ්දුල් මුත්තලිබ් එතුමාව රැකබලා ගත්තේය.

ප්රශ්න අංක 8. එතුමාගේ සීයා වූ අබ්දුල් මුත්තලිබ්ගේ මරණයෙන් පසු එතුමාව රැකබලා ගත්තේ කවුද?

පිළිතුර: එතුමාගේ සීයා අබ්දුල් මුත්තලිබ්, එතුමාගේ වයස අවුරුදු අටේදී මිය ගිය අතර පසුව එතුමාගේ සුඵපියා වන අබු තාලිබ් එතුමාව රැකබලා ගත්තේය.

ප්රශ්න අංක 9. එතුමා තම සුඵ පියා සමඟ සිරියාවට ගියේ කවදාද?

පිළිතුර: එතුමාගේ වයස අවුරුදු දොළහේදී තම සුඵපියා සමඟ සිරියාවට ගමන් කළේය.

ප්රශ්න අංක 10. එතුමාගේ දෙවන ගමන සිදුවුනේ කවදාද?

පිළිතුර: එතුමාණන්ගේ දෙවන ගමන, කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ මුදලින් වෙළඳාම් කිරීම සඳහා ගිය ගමනය. එතුමා ආපසු පැමිණි විට, එතුමා ඇය සමඟ විවාහ වුුහ, එවිට එතුමාගේ වයස අවුරුදු විසිපහකි.

ප්රශ්න අංක 11. කුරෙයිෂ්වරු කඅබාව නැවත ගොඩනැගුවේ කවදාද?

පිළිතුර: කුරෙයිෂ්වරුන් විසින් කඅබාව නැවත ගොඩනගන විට, එතුමාගේ වයස අවුරුදු තිස්පහකි.
කළු ගල තැබිය යුත්තේ කවුරුන්ද? යන්න පිළිබඳව ඔවුන් අතර මතභේද ඇති වූ විට, ඔවුහු එතුමාව විනිශ්චය කරුවෙකු බවට පත් කළ අතර, එතුමා විසින් එය වස්ත්රයකට දමා, සෑම ගෝත්රයකටම වස්ත්රයේ එක් කෙළවරක් අල්ලා ගන්නා ලෙස අණ කළේය. (එම අවස්ථාවේදී) ගෝත්ර සංඛ්යාව හතරක් විය. අදාල ස්ථානය දක්වා එසවූ පසු එතුමාණන්ගේ සුරතින් එම කඵ ගල අදාල ස්ථානයේ තබන ලදි.

ප්රශ්න අංක 12. එතුමාණන්ව නබිවරයෙකු වශයෙන් එවන විට එතුමාගේ වයස කීයද? එතුමාව යවන ලද්දේ කවුරුන් වෙතටද?

පිළිතුර: එවිට එතුමාට වයස අවුරුදු හතළිහක් වූ අතර, එතුමාණන් සියලු මිනිසුන්ට පණිවිඩකරුවෙකු සහ අනතුරු අඟවන්නෙකු ලෙස යවන ලදී.

ප්රශ්න අංක 13. වහී හෙවත් දේව හෙළිදරව්ව ආරම්භ වීමට පළමුව සිදුවූ දෙය කුමක්ද?

පිළිතුර: සැබෑ වූ සිහිනය, අරුණාලෝකය පැහැදලිව උදාවෙන ආකාරයට එතුමාණන්ගේ සිහින පැහැදිලි ව තිබුණි.

ප්රශ්න අංක 14. වහී පහළ වීමට පෙර එතුමාගේ තත්වය කෙසේ වීද? තවද එතුමාට මුලින්ම වහී පහළ වූයේ කවදාද?

පිළිතුර: එතුමා හිරා ගුහාවේ අල්ලාහ්ට වන්දනාමානය කරමින් සිටියෝය. තවද ඒ සඳහා සියළු අයුරින් සූදානම් වනු ඇත.
එතුමාණන් හිරා ගුහාවේ නමස්කාර කරමින් සිටියදී එතුමාණන්ට වහී පහළ විය.

ප්රශ්නය 15. අල්-කුර්ආනයෙන් එතුමාණන්ට පහළ වූ පළමු වදන කුමක්ද?

පිළිතුර: (පහත සඳහන්) අල්ලාහ්ගේ කියමන. 1-මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. 2- ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය. 3-අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. 4- ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය. 5- ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය. (සූරා අල්-අලක් 96:1-5)

ප්රශ්න අංක16. ඔහුගේ පණිවිඩය මුලින්ම විශ්වාස කළේ කවුද?

පිළිතුර: පිරිමින් අතර, අබූ බක්ර් අස්සිද්දීක්, සහ කාන්තාවන් අතර,
කදීජා බින්ත් කුවෙයිලිද් සහ පිරිමි ළමුන් අතර, අලී බින් අබී තාලිබ්, සහ සේවයකින් අතර, සයිද් බින් හාරිතා, සහ වහලුන් අතර, බිලාල් අල් හබෂී, (රළියල්ලාහු අන්හුම්) සහ වෙනත් අය වෙති.

ප්රශ්න අංක 17. ඉස්ලාමයට ඇරයුම් කිරීමේ (දාවා) කටයුතු සිදුවූයේ කෙසේද?

පිළිතුර - ඉස්ලාමය වෙත ආරාධනා කිරීමේ (දාවා) කටයුතු වසර තුනක් පමණ රහසිගතව පැවති අතර, පසුව අල්ලාහ් නබිතුමාට විවෘතව ආරාධනා කරන ලෙස අණ කළේය.

ප්රශ්නය 18. කැඳවීම විවෘතව කරන ලෙස අණ කිරීමෙන් පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහ එතුමාණන්ව විශ්වාස කළ අයගේ තත්ත්වය කුමක් වීද?

පිළිතුර - අබිසීනියාවේ නජ්ජාසි රජතුමා වෙත ඔහුගේ රැකවරණය පතා සංක්රමණය වීමට මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් අනුගාමිකයන්ට අවසර දෙන තෙක් මුෂ්රීක්වරුන් එතුමාට සහ මුස්ලිම්වරුන්ට (අඛණ්ඩව) හිරිහැර කරමින් සිටියහ.
බහුදේවවාදීන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හානියක් කර ඝාතනය කිරීමට ඒකමතිකව එකඟ වූ අතර, උත්තරීතරවූ අල්ලාහ් එතුමාණන්ව ඔවුන්ගෙන් ආරක්ෂා කර, ඔවුන්ගෙන් සුරක්ෂිත වීමට එතුමාණන්ගේ සුඵපියා වූ අබුතාලිබ්ගේ රැකවරණයද මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ලබා දෙන ලදි.

ප්රශ්නය 19. නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ දූත මෙහෙවරයේ දසවන වර්ෂයේදී මිය ගියේ කවුද?

පිළිතුර - එතුමාණන්ගේ සුඵපියා වූ අබු තාලිබ් සහ එතුමාණන්ගේ බිරිඳ කදීජා (රළියල්ලාහු අන්හා) අභාවප්රාප්ත වූහ.

ප්රශ්න අංක 20. අල් ඉස්රා වල්මිඃරාජ් ගමන සිදුවූනේ කවදාද?

පිළිතුර - එතුමාණන්ගේ වයස අවුරුදු පනහේදී මෙම ගමන සිදු වූ අතර, දිනපතා පස් වේලේ සලාතය මෙම ගමනේදී අනිවාර්ය කරන ලදි.
අල් ඉස්රාඃ:
(මක්කාවේ) මස්ජිදුල් හරම්හි සිට මස්ජිදුල් අක්සා (ජේරුසලම්) දක්වා ගිය ගමන.
අල්මිඃරාජ්:
බයිතුල් මුකද්දිසය සිට අහස් හතක් පසුකර සිද්රතුල් මුන්තහා තෙක් ගිය ගමන.

ප්රශ්න අංක 21. නබි ﷺ තුමාණන් මක්කාවෙන් පිටත මිනිසුන්ට ආරාධනා කළේ කෙසේද?

පිළිතුර: එතුමා තායිෆ් වැසියන්ට ආරාධනා කරමින් සිටියහ. තවද මදීනාවේ වැසියන්වූ අන්සාර්වරු පැමිණ එතුමාණන්ව හමුවී ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව විශ්වාස කර, එතුමාණන්ට පක්ෂපාතී වී සහයෝගය දක්වන බවට ප්රතිඥා දෙන තුරු, විවිධ කාලවලදී සහ මිනිසුන්ගේ රැස්වීම්වලට පෙනී සිටිමින් ආරාධනා කර සිටියේය.

ප්රශ්න අංක 22. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කොපමණ කාලයක් මක්කාවේ නැවතී ආරාධනා කළාද?

පිළිතුර: අවුරුදු 13 ක්.

ප්රශ්න අංක 23: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සංක්රමණය වුනේ කුමන ප්රදේශයකටද?

මක්කා පුරවරයේ සිට මදීනා නගරයට.

ප්රශ්න අංක 24: මදීනාවේ කොපමණ කාලයක් සිටියේද?

පිළිතුර: අවුරුදු දහයක්.

ප්රශ්න අංක 25: මදීනාවේදී එතුමාණන්ට පනවන ලද ඉස්ලාමීය වගකීම් මොනවාද?

පිළිතුර- එතුමාණන්ට සකාත් (අනිවාර්ය බද්ධ), සව්ම් හෙවත් උපවාසය, හජ් වන්දනාව, අල්ජිහාද් (කැපවීම) අල් අදාන් (සලාතය සඳහා ආරාධනය) වැනි ඉස්ලාමීය වගකීම් අනිවාර්ය කරන ලදි.

ප්රශ්න අංක 26: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ජයග්රහණවලින් වැදගත්ම ජයග්රහණය කුමක්ද?

පිළිතුර: බද්ර් සටනේ ජයග්රහණය.
උහද් සටනේ ජයග්රහණය.
අල් අහ්සාබ් සටනේ ජයග්රහණය.
මක්කා සටනේ ජයග්රහණය.

ප්රශ්නය 27: අල්-කුර්ආනයෙන් එතුමාණන්ට පහළ වූ අවසන් වදන කුමක්ද?

පිළිතුර - අල්ලාහ් මෙසේ පවසා සිටියි. එහි නුඹලා ව අල්ලාහ් වෙත නැවත යොමු කරනු ලබන දිනයක් ගැන නුඹලා බිය බැතිමත් වනු. පසු ව සෑම ආත්මයකටම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලබන්නේය. තවද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය. (සූරා බකරා 2:281)

ප්රශ්න අංක 28: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිය ගියේ කවදාද? සහ එවිට එතුමාගේ වයස කීයද?

පිළිතුර - හිජ්රි එකොළොස්වන වසරේ රබී අල්-අව්වල් මාසයේදී එතුමාගේ වයස අවුරුදු හැට තුනේදී අභාවයට පත් වුුහ.

ප්රශ්න අංක 29: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්යාවන් ගැන සඳහන් කරන්න.

පිළිතුර:1. කදීජා බින්ත් කුවයිලිද් (රළියල්ලාහු අන්හා) තුමිය.
2- සවුදා බින්ත් Zසුම්ආ (රළියල්ලාහු අන්හා) තුමිය.
3- ආඉෂා බින්ත් අබී බක්ර් අස් සිද්දීක් (රළියල්ලාහු අන්හා) තුමිය
4- හෆ්සා බින්ත් උමර් (රළියල්ලාහු අන්හා) තුමිය.
5- සයිනබ් බින්ති ජහෂ් (රළියල්ලාහු අන්හා) තුමිය.
6- උම්මු සලමා හින්ද් බින්ත් අබී උමයියා (රළියල්ලාහු අන්හා) තුමිය.
7- උම්මු හබීබාහ් බින්ති අබී සුෆ්යාන් (රළියල්ලාහු අන්හා) තුමිය.
8- ජුවය්රිය්යාහ් බින්ත් අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය.
9- මය්මූනා බින්ත් අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය.
10- සුෆියියාහ් බින්ත් හුයයි (රළියල්ලාහු අන්හා) තුමිය.
11- සයිනබ් බින්ත් ජහෂ් - රළියල්ලාහු අන්හා - තුමිය. (ආඉෂා බින්ත් අබී බක්ර් අස් සිද්දීක් -රළියල්ලාහු අන්හුමා- තුමිය හැර අන් සියළු අය, විවාහ වී සැමියා මිය යෑමෙන් වැන්දඹු බවට පත් අසරණ අය වේ.)

ප්රශ්න අංක 30: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දරුවන් කවුද?

පිළිතුර- පිරිමි දරුවන් තිදෙනෙකි.
අල් කාසිම්
අබ්දුල්ලාහ්
ඉබ්රාහීම්
ගැහැණු දරුවන්:

ෆාතිමා
රුකයියහ්
උම්මු කුල්සූම්
zසයිනබ්.
ඉබ්රාහිම් හැර එතුමාණන්ගේ සියලුම දරුවන් කදීජා -රළියල්ලාහු අන්හා- තුමියගෙන් උපත ලැබූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අභාවයට පත් වී මාස හයකට පසු ෆාතිමා තුමිය මිය ගිය අතර අනෙක් සියල්ලෝම එතුමාණන්ට පෙර මිය ගියහ.

ප්රශ්න අංක 31: නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ ශරීර ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්න?

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, මිටි හෝ උස අයකු නොවූ අතර එතුමාණන්ගේ ශරීරය මධ්යස්තව පිහිටා තිබිණි. එතුමාණන් රතු පැහැයට බර සුදු පැහැයෙන් යුක්ත වූ අතර, එතුමාණන්ට (ලස්සන) ඝන රැවුලක්, පුළුල් නේත්රා දෙකක් සහ විශිෂ්ට මුඛයක් තිබිණි. එතුමාණන්ගේ හිසකෙස් ඉතා කළු පැහැයෙන් යුක්ත වූ අතර විශාල උරහිස් ද තිබිණි. එතුමාගේ ශරීරයෙන් (නිතර) හොඳ සුවඳක් විහිදුනු අතර අනෙකුත් අලංකාර ලක්ෂණද පිහිටා තිබිණි.

ප්රශ්න අංක 31: නබි ﷺ තුමාණන් තම සමාජය හැර ගියේ කුමක් මතද?

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමාජය හැර ගියේ සුදෝවන් සුදු, පැහැදිලි මාර්ගකය. එහි රාත්රිය, දවල් මෙන් වේ. විනාශයට පත් වූ කෙනෙකු හැර අන් කිසිවෙකු එයින් බැහැර වන්නේ නැත. යම් යහපතක් ඇත්තේද ඒ ගැන සමාජයට කියා දුන්නේය. යම් අයහපතක් ඇත්තේද ඒ ගැන සමාජයට අනතුරු ඇඟව්වේය.

අල්කුර්ආන් පරිච්ඡේද සඳහා අර්ථවිවරණය.17

ප්රශ්න අංක 1. අල්ෆාතිහා පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?

පිළිතුර: අල්ෆාතිහා පරිච්ඡේදය සහ එහි අර්ථ විවරණය
1. ‘බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්’ -මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්; 2. ‘අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්’ -ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමි වේවා!' 3. "අර් රහ්මානිර් රහීම්" - ඔහු මහා කාරුණික පරම දයාබරයාණන්ය. 4. "මාලිකි යව්මිද් දීන්" -විනිශ්චය දිනයේ අධිපතිය. 5. "ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්'' -අපි ඔබවම නමදිමු. ඔබෙන් පමණක් පිහිට පතමු. 6. "ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්" -අප ඍජු මග යොමු කරනු මැනව. 7. "සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල් ළාල්ලීන්" ඔබ ආශිර්වාද කළ අයගේ මාර්ගයයි. ඔබේ කෝපයට භාජනය වූවන්ගේ හෝ මුළාවූවන්ගේ මාර්ගය නොව. (අල් ෆාතිහා 1:1-7)
අර්ථ විග්රහය:
එය සූරා අල්-ෆාතිහා ලෙස හැඳින්වීමට හේතුව අල්ලාහ්ගේ ශුද්ධ වූ අල්කුර්ආන් ග්රන්ථය මෙම පරිච්ඡේදයෙන් ආරම්භ වන නිසයි.
🎧 1- "بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ" - තේරුම (අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.) අර්ථ විග්රහය බිස්මිල්ලාහ් ; අල්ලාහ්ගේ නාමයෙනි, ආශීර්වාද ලබන සර්වබලධාරි ඔහුගේ නම සඳහන් කිරීමෙන් සහ ඔහුගේ උපකාරය පතමින්, මම අල්-කුර්ආනය කියවීමට පටන් ගනිමි.
(الله ) එනම් අල්ලාහ්, ඔහු සැබවින්ම වන්දනාමානය කිරීමට සුදුසු වන අතර, වෙනත් කිසිවෙකු (අල්ලාහ් යන) මෙම නාමයෙන් හැඳින්වීමට නොහැක.
අර්-රහ්මාන්: මහා දයාව ඇති තැනැත්තා, ඔහුගේ දයාව සියල්ල ආවරණය කරයි.
අර් රහීම්:
දේව විශ්වාස කරන්නන් කෙරෙහි විශේෂයෙන් කරුණා ගුණය දක්වන්නා.
🎧 2-(අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්) තේරුම: සියලු ආකාරයේ ප්රශංසාව සහ පරිපූර්ණත්වය උත්තරීතරවූ අල්ලාහ්ට පමණි.
🎧 3-(අර්රහ්මානිර් රහීම්) එනම් සියල්ල ආවරණය කරන මහා දයාවේ හිමිකරු සහ විශ්වාස කරන්නන් වෙත ඔහුගේ දයාව විහිදුවන්නා.
🎧 4-(මාලිකි යව්මිද්දීන්) විනිශ්චය දිනයේ රජු ය. එනම් මරණින් පසු සියලු දෙනා නැවත නැගිටුවන දිනයේදී.
🎧 5-(ඉයියාක නඃබුදු වඉයියාක නස්තඊන්) තේරුම: අපි ඔබට පමණක් නමස්කාර කරමු, ඔබගෙන් පමණක් පිහිට පතන්නෙමු.
🎧 6-(ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්.) එය ඉස්ලාම් සහ සුන්නාහ් වෙත මග පෙන්වීමකි.
🎧 7-සිරාතල්ලzදීන අන් අම්ත අලයිහිම්. ඝයිරිල් මග්ලූබි අලයිහිම් වලළ්ළාල්ලීන්.” නබිවරුන්ගේ සහ ඔවුන්ව අනුගමනය කළ අයගේ සහ අල්ලාහ්ගේ ධර්මිෂ්ඨ ගැත්තන්ගේ මාර්ගයයි. එනම්, කිතුනුවන්ගේ සහ යුදෙව්වන්ගේ මාර්ගය නොවේ.
සූරතුල් ෆාතිහා ව පාරායනයනය කිරීම අවසන් වූ වහාම, ආමීන් - (තේරුම- අපේ ප්රාර්ථනාවන් සඳහා පිළිතුරු ලබා දෙනු මැනව!) යනුවෙන් පැවැසීම සුන්නත් වේ.

අල්සzල්zසලා පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?

අල්සzල්zසලා පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට, 2. මහපොළොව එහි ඇති බර බැහැර කළ විට, 3. තවද එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි. 4. එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි. 5. සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට, 6. එදින තම ක්රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි. 7. කවරෙක් අණුවක් තරම් ප්රමාණයකින් යහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී. 8. කවරෙක් අණුවක් තරම් ප්රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී. අල්සzල්zසලා පරිච්ඡේදය 99:1-8
අර්ථ විග්රහය:

🎧 1) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පොළොවට සිදුවන දැඩි කම්පනය හේතුවෙන් එය චලනය වන විට,
🎧 (2) පොළොව තුළ වළදමා ඇති මිය ගිය ඇත්තන් හා වෙනත් දේවල් බැහැර කරනු ලබන විට,
🎧 (3) පොළොව මෙසේ කම්පනය වන්නට සහ එය චලනයට වන්නට හේතුව කුමක්දැ?යි මිනිසා වික්ෂිප්තව විමසයි.
🎧 4- ඒ මහත්වූ දිනයේදී පොළොව තමන් මත සිදු වූ සියලු යහපත හා අයහපත පිළිබඳ තොරතුරු එළිපිට දන්වා සිටිනු ඇත.
🎧 (5) එය අල්ලාහ්, එයට -පොළොවට- දැනුම් දී ඇති බැවින් හා ඒ ගැන නියෝග කර ඇති බැවිනි.
🎧 6- ඒ උතුම් වූ දවසේදී, පෘථිවිය කම්පනය වන විට, මිනිසුන් මෙලොවදී කළ (හොඳ හා නරක) දේ දැකීමට, කණ්ඩායම් වශයෙන් විනිශ්චය ලබා දෙන ස්ථානයෙන් පිටත්ව යනු ඇත;
🎧 7- එබැවින් කවරෙකු කුඩා කුහුඹුවකු තරම්වත් යහපත් උතුම් ක්රියාවක් කර ඇත්තේද ඔහු එය තමන් ඉදිරියේ දකිනු ඇත.
🎧 8- කවරෙක් කුඩා අණුවක් තරම් ප්රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය ඔහු ඉදිරියේ දැක ගනී.

ප්රශ්න අංක 3: අල්ආදියාත් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?

පිළිතුර- අල්ආදියාත් පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1- හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්, 2- කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද, 3- තවද අලුයමෙහි ආක්රමණය කරන්නන් මත ද (දිවුරමින්.) 4- එවිට එමගින් උන් දූවිලි නංවති. 5-කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති. 6-නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය. 7- තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ. 8- තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ. 9-නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද? 10- තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද? 11-නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව අභිඥානවන්තය. සූරතුල් ආදියාත් 100:1-11
අර්ථ විග්රහය:

🎧 1. වේගවත් බව හේතුවෙන් උන් හති දමන හඬ ඇසෙන තරමට දිව යන අශ්වයින් මත අල්ලාහ් දිවුරා ඇත.
🎧 2. දිව යන විට උන්ගේ කුර බලවත් ලෙස ගල්වල ගැටීමෙන් ගිනි පුපුරු නංවන අශ්වයින් මත අල්ලාහ් දිවුරා ඇත.
🎧 3. අලුයම් කාලයෙහි සතුරන් වෙත කඩා පනින අශ්වයින් මත අල්ලාහ් දිවුරා ඇත.
🎧 4. උන් එසේ දිව යන විට දූහුවිලි අවුස්සාලයි.
🎧 5. අශ්වාරෝහකයින් සමඟ කණ්ඩායම් වශයෙන් සතුරන් මැදට කඩා පනියි.
🎧 6. මෙසේ අශ්වයින් මත දිවුරා සැබැවින්ම මිනිසා තම පරමාධිපති බලාපොරොත්තුවන අයුරින් තමන් කළ යුතුව ඇති යහපත් දෑ නොකොට ඉන් වැළකී සිටින බව අවධාරණය කරයි.
🎧 7. එසේ යහපත් දෑ සිදුකිරීමෙන් වැළකී සිටින ඔහුම එයට සාක්ෂිකරුවකි. එය පැහැදිළි හෙයින් එය ප්රතික්ෂේප කරන්නට ඔහුට හැකියාවක් නොලැබෙන්නේය.
🎧 8. සැබැවින්ම ඔහු ධනයට කෑදරය. මසුරුය.
🎧 9. විනිශ්චය සඳහාත් ප්රතිඵල පිරිනැමීම සඳහා මියගිය ඇත්තන් මිනීවළවල් වලින් යළි අවදිකරවා මහපොළොවෙන් ඉවතට ගන්නා විට ඔවුන් කල්පනය කරන්නාක් මෙන් එම විෂය නොපවතිනු ඇතැයි මෙළොව ජීවිතය තෝරාගත් අය වටහා නොගන්නේ මන්ද?
🎧 10. සිත් තුළ ඇති කරගත් ඔහුගේ සිතුවිලි, විශ්වාසය හා වෙනත් දෑ පැහැදිළි කරනු ලැබ, ඒවා එළියට ගෙන එනු ලැබේ.
🎧 11. සැබැවින්ම එදින ඔවුන්ගේ පරමාධිපති, ඔවුන් පිළිබඳ සියලු තොරතුරු මැනවින් දැන සිටියි. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

ප්රශ්න අංක 4: අල් කාරිආහ් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

පිළිතුර- අල්කාරිආ පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. කම්පනය ඇති කරන සිදුවීම. 2. කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද? 3. කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? 4. තවද එදින මිනිසා විසිරී ගිය (කෘමීන් වර්ගයක් වන) මේරුන් මෙන් පත් වනු ඇත. 5. තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් පත් වනු ඇත. 6. එබැවින් තම තුලාව බරින් වැඩි වූ අය නම්, 7. ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි. 8. තවද තම තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්, 9. ඔහුගේ වාසස්ථානය හාවියා වනු ඇත. 10. තවද එය (හාවියා) කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද? 11- (එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි. සූරතුල් කාරිආහ් 101:1-11
අර්ථ විග්රහය:

🎧 1. අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන දිනයකි එය.
🎧 2. අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන ඒ දිනය කුමක්ද?
🎧 3. අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන එම දිනය කුමක් දැයි අහෝ දූතය! ඔබට දැනුම් දුන්නේ කුමක්ද? එය යළි අවදි කරවන දිනයකි.
🎧 4. මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන එදින ඔබ මොබ දුවන මේරුන් මෙන් ඔවුහු සැරිසරති.
🎧 5. පීරන ලද පුළුන් මෙන් අවතැන් වී ගොස් සැහැල්ලුවෙන් ගමන් කරන තත්ත්වයට කදු පත්වනු ඇත.
🎧 6. තමන්ගේ අයහකම් වලට වඩා තමන් කළ යහකම් බරින් වැඩි වූ අය වනාහි,
🎧 7. ස්වර්ගය හිමි කර ගනිමින් තෘප්තිමත් ජීවිතයක පසු වනු ඇත.
🎧 8. තමන්ගේ යහකම් වලට වඩා තමන් කළ අයහකම් බරින් වැඩි වූ අය වනාහි,
🎧 9. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහුගේ නවාතැන, ඔහුගේ වාසස්ථානය වන්නේ නිරයයි.
🎧 10. අහෝ දූතය! එය කුමක්දැයි ඔබව දැනුවත් කර සිටියේ කුමක්ද?
🎧 11. එය දැඩි තාපයෙන් යුත් ගින්නකි.

ප්රශ්න අංක:5. 102. සූරත් අත්-තකාසුරු (අධික ව රැස් කිරීම) පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න?

පිළිතුර- සූරත් අත්-තකාසුරු සහ එහි අර්ථ විග්රහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. (ලෞකික සම්පත්) අධික ලෙස සෙවීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත. 2. නුඹලා මිනීවළවල් හමු වන තුරු, 3. එසේ නොව, නුඹලා (ඉක්මණින්) මතු දැන ගනු ඇත. 4. යළි එසේ නොව, නුඹලා (ඉක්මණින්) මතු දැන ගනු ඇත. 5. එසේ නොව, නුඹලා තිරසාර දැනුමෙන් දැන ගන්නාහු නම්, 6. සැබැවින්ම නුඹලා නිරය දකිනු ඇත. 7. පසු ව (නැවත වරක්), නුඹලා එය තිරසාර ඇසින් දකිනු ඇත. 8. තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව නුඹලාගෙන් විමසනු ලබනු ඇත. සූරා අත්-තකාසුර් 102:1-8
අර්ථ විග්රහය:

🎧 1. අහෝ මිනිසුනි! ධනය හා දරුවන් හේතුවෙන් නුඹලා එකිනෙකා තුළ ඇති තරඟය අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
🎧 2. නුඹලා මිය ගොස් නුඹලාගේ මිණිවලවලට නුඹලා ඇතුළුවන තුරු.
🎧 3. ධනය හා දරුවන් හේතුවෙන් එසේ නුඹලා එකිනෙකා අහංකාරකම් පාමින් අල්ලාහ්ට අවනත වීමෙන් දුරස්වීම නුඹලාට සුදුසු නැත. එසේ නුඹලා වෙනතකට යොමු වී කටයුතු කිරීමේ විපාකය නුඹලා ඉක්මණින් මතු දැනගනු ඇත.
🎧 4. එහි විපාකය නුඹ මතුලොවෙහි දැනගනු ඇත.
🎧 5. සැබැවින්ම අල්ලාහ් ඉදිරියට නුඹලා ව ඉදිරිපත් කරනු ඇත. එවිට නුඹලා සිදු කළ සියලු ක්රියාවන්ට ඔහු ප්රතිඵල දෙනු ඇතැයි නුඹලා ස්ථීරවම වටහා ගන්නේ නම් එසේ දරුවන් හා ධනය හේතුකොට ගෙන අහංකාරකම් පා නුඹලා අල්ලාහ්ගෙන් වෙනතකට යොමු නොවන්නාහුය.
🎧 6. අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරා ගින්න නුඹලා දෑසින්ම දැක ගනු ඇත.
🎧 7. සැබැවින්ම එය කිසිදු සැකයකින් තොරවම ස්ථීර ලෙසම දැක ගනු ඇත.
🎧 8. සුවය, ධනය හා වෙනත් සම්පත් අතුරින් කවර ආශිර්වාදයක් අල්ලාහ් නුඹලාට පිරිනමා ඇත්තේද ඒ පිළිබඳ ව නුඹලාගෙන් එහිදී ප්රශ්න කරනු ලබන්නෝය.

ප්රශ්න අංක 6: අල්-අස්ර් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

අල්-අස්ර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. කාලය මත දිවුරමින්. 2. නියත වශයෙන්ම මිනිස් සංහතිය අලාභයෙහිම පසු වෙති. 3. නමුත් (සත්යය) විශ්වාස කර, දැහැමි ක්රියාවන් ඉටු කර, සත්ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර. අල්-අස්ර් පරිච්ඡේදය 103:(1-3)
අර්ථ විග්රහය:
🎧 1. සුවිශුද්ධයාණන් කාලය මත දිවුරා සිටී.
🎧 2. නියත වශයෙන්ම මිනිසා යම් අඩුවක හා විනාශයක සිටියි.
🎧 3. නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කොට, දැහැමි ක්රියාවන් ඉටු කර, ඔවුන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට සත්යය පිළිබඳ අන්යෝන්යව උපදෙස් දෙමින් ඒ මත ඉවසීමෙන් සිටින මෙන් ද උපදෙස් දෙමින් ජීවත් වන්නන් හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජීවිතයෙහි ජය ලබන්නෝ වෙති.

ප්රශ්න අංක 7: අල්-හුමසා පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?

අල්-හුමසා පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. කේලාම් කියන, දොස් කියා අපහාස කරන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා! 2. ඔහු වනාහි ධනය රැස් කොට එය ගණන් කළ අයෙකි. 3. නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරනු ඇතැ යි ඔහු සිතයි. 4. එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි. 5. හුතමා ව යනු කුමක්දැ යි නුඹලා ව දැනුවත් කළේ කුමක්ද? 6. එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය. 7. එය සිත් මත එබිකම් කරයි. (පසාරු කරයි) 8. සැබැවින්ම එය, උස් කුළුණුවල බඳිනු ලබයි, 9. ගින්න ඔවුන්ව වට කර ගන්නකි. අල්-හුමසා පරිච්ඡේදය 104:1-9
අර්ථ විග්රහය:

🎧 1. මිනිසුනට එරෙහිව අධික ලෙස කේලාම් කියමින් දොස් නගමින් ඔවුනට අපහාස කරමින් සිටින්නන් හට විනාශය හා දැඩි දඬුවම අත් වනු ඇත.
🎧 2. ඔහුගේ අරමුණ ධනය රැස්කොට එය ගණන් කර තැබීමය. ඒ හැර වෙනත් කිසිදු අරමුණක් ඔහුට නැත.
🎧 3. නියත වශයෙන්ම ඔහු රැස් කළ ධනය ඔහුව මරණයෙන් මුදවා, මෙලොව ජීවිතයේදී ඔහුව සදාකාලිකයකු ලෙස ජීවත් කරවනු ඇතැයි ඔහු සිතයි.
🎧 4. මෙම අධමයා රූපණය කරන මෙන් කරුණ නොපවතී. දැඩි දඬුවම සඳහා එහි හෙළන සෑම දෙයක්ම කඩා පොඩිකර දමන නිරා ගින්නට සැබැවින්ම ඔහුව හෙළනු ලැබේ.
🎧 5. අහෝ දූතය! හෙළන සෑම දෙයක්ම විනාශ කර දමන නිරා ගින්න කුමක් දැයි ඔබට දන්වා සිටියේ කුමක්ද?
🎧 6. සැබැවින් එය අල්ලාහ්ගේ අවුළනු ලැබූ ගින්නය.
🎧 7. එය මිනිසුන්ගේ ශරීර තුළින් රිංගා ඔවුන්ගේ හදවත් දක්වා ප්රසාර වී යනු ඇත.
🎧 8. සැබැවින්ම එය දඬුවමට ලක්වූවන් ආවරණය කර ගනු ඇත.
🎧 9).ඉන් පිටවිය නොහැකි තරමට උසට තනන ලද කුළුණු තුළ එය පවතියි.

ප්රශ්න අංක 8: අල්-ෆීල් (ඇතා) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?

පිළිතුර- අල්-ෆීල් පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේදැ යි නුඹ නුදුටුවෙහිද? 2. ඔවුන්ගේ කුමන්ත්රණය ඔහු නිෂ්ළුල නොකළේද? 3. තවද ඔහු(අල්ලාහ්) ඔවුන් වෙත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය. 4. උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ කුඩා ගල් හෙළුවේය. 5. එවිට ඔහු ඔවුන් ව කා දමන ලද පිදුරු මෙන් (වූ තත්ත්වයට) පත් කළේය. අල්-ෆීල් පරිච්ඡේදය (1-5)
අර්ථ විග්රහය:
🎧 1. අහෝ දූතය! අබ්රහා හා ඔහුගේ ඇතුන් සමඟ පැමිණි සේනාව කඃබාව කඩා දමන්නට සිතූ අවස්ථාවේදී ඔබේ පරමාධිපති කටයුතු කළ ආකාරය කෙසේදැයි ඔබ නොදුටුවෙහිද?
🎧 2. එය කඩා බිඳ දැමීමේ ඔවුන්ගේ ඒ නපුරු කුමන්ත්රණය අල්ලාහ් නිෂ්ඵල කර දැමීය. කඃබා දේවස්ථානයෙන් ජනයා ඉවත් කිරීමට සිතූ ඔවුන්ගේ වෑයම අසාර්ථක විය. ඉන් කිසිදු ඵලක් ලබන්නට ඔවුනට නොහැකි විය.
🎧 3. කුරුල්ලන් වර්ගයක් ඔවුන් වෙත අල්ලාහ් එවීය. උන් රංචු පිටින් ඔවුන් වෙත ආවේය.
🎧 4. රත් කරන ලද මැටියෙන් යුත් ගල් උන් ඔවුන් මත හෙළුවේය.
🎧 5. සතුන් විසින් කා දමන ලද, උන් විසින් පාගා දමන ලද පැළැටිවල කොළ මෙන් අල්ලාහ් ඔවුන්ව පත් කළේය.

ප්රශ්න අංක 9: සූරා කුරෙයිෂ් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?

පිළිතුරු: සූරත් කුරෙයිෂ් පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. කුරෙයිෂ්වරුන් වෙත (හුරුපුරුදු ලෙස යාම් ඒම් සඳහා) ඇල්ම ඇති කරලීම වෙනුවෙන් 2. (එනම්) ශීත හා ග්රීෂ්ම ඍතුවන් හි (ව්යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්ට ඇල්ම ඇති කරලීම වෙනුවෙන්. 3. එබැවින්, මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා! 4. කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහුය. සූරා කුරෙයිෂ් :1-4
අර්ථ විග්රහය:

🎧 1. කුරෙෂ්වරුන් ඔවුන්ගේ ඇල්ම හේතුවෙන් ශීත ඍතුවේ සහ ගිම්හානයේ සංචාරයේ යෙදීමට හුරුපුරුදු වූ බව එයින් අදහස් කරනු ලැබේ.
🎧 2. ශීත ඍතුවෙහි සුරක්ෂිතව යමන් දේශයට හා ග්රීස්ම ඍතුවෙහි සුරක්ෂිතව සිරියා දේශයට යෑමේ පුරුද්ද හා ඇල්ම ඇති කළ හේතුවෙන්.
🎧 3. මෙම ශුද්ධවූ නිවසේ පරමාධිපතියාණන් වන අල්ලාහ්ට ඔවුන් නැමදුම් කරත්වා! ඔවුනට මෙම ගමන පහසු කළේ ඔහුය. එබැවින් කිසිවකු හා කිසිවකට ඔවුන් ආදේශ නොකළ යුතුය.
🎧 4. ඔහු, අරාබිවරුන් අතර කඃබාව ශුද්ධත්වයට පත් කොට, එය ගරුකටයුතු ස්ථානයක් බවට පත් කොට ඔවුනට ආරක්ෂාවද ඔවුන්ගේ කුසගින්නට ආහාරයද සැපයීය.

ප්රශ්න අංක 10. අල්-මාඌන් (අල්ප වස්තූන්) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න?

පිළිතුර- අල්-මාඌන් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද? 2. එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි. 3. තවද දුප්පතාගේ ආහාරය (ඔහුට ලබා)දීම පිළිබඳ ව දිරි නොගන්වයි. 4. එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා! 5. ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූහ. 6. අන් අයට පෙන්වා (පුරසාරම් දොඩ) වන්නෝ වූහ. 7. නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූහ. අල්-මාඌන්:1-7
අර්ථ විග්රහය:

🎧 (1) විනිශ්චය දිනයේ වේදනාව බොරු යැයි පවසන්නන් නුඹ හඳුනන්නෙහිද?
🎧 (2) ඔහු අනාථයා දැඩි අවශ්යතාවයකින් පෙළෙන විට ඔහුට උපකාර කිරීමෙන් වළක්වාලයි.
🎧 (3) දිළිඳුන් හට ආහාර සැපයීමට තමන් උනන්දු නොවන අතරම ඒ සඳහා අන් අයව දිරි නොගන්වයි.
🎧 (4) නොසැලකිලිමත්ව මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන් විනාශ වේවා! දඬුවමට ලක් වේවා!
🎧 (5) ඔවුහු ඔවුන්ගේ සලාතය ඉටු කිරීම ගැන සැලිකිලිමත් නොවූහ. එහි වේලාව අතපසු වී යන තෙක්ම ඒ ගැන ඔවුන් තැකුවේ නැත.
🎧 (6) ඔවුහු ඔවුන්ගේ නැමදුම් හා ඔවුන්ගේ ක්රියාවන් සෙසු ජනයාට පෙන්වති. එය අල්ලාහ් වෙනුවෙන් අවංකව සිදු නොකරති.
🎧 (7) උදව් කිරීමෙන් හානියක් ඇති නොවන සුළු දෑ පවා අන් අයට දීමෙන් ඔවුන් වැළකෙති.

ප්රශ්න අංක 11. අල්-කව්සර් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?

පිළිතුර- අල්-කවිසර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. නියත වශයෙන්ම අපි නුඹට අසීමිත වූ සම්පත් පිරිනැමුවෙමු. 2. එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සතෙකුගේ ගෙල කපා කැප කරනු. 3. නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා. අල්-කව්සර් පරිච්ඡේදය:1-3
අර්ථ විග්රහය:

🎧 1-අහෝ දූතය! අපි ඔබට අධික යහපත පිරිනැමුවෙමු. ස්වර්ගයේ ඇති කව්සර් නම් තටාකයද ඒවායින් එකකි.
🎧 2- මෙම ආශිර්වාදය වෙනුවෙන් ඔබ අල්ලාහ්ට නැමදුම් කරමින් ඔහු වෙනුවෙන් සතුන් කැප කරමින් ඔහුට කෘතවේදී වන්න.
🎧 3- ඔබට එරෙහිව දොස් පවරමින් සිටි අය සියලුම යහපත් දැයින් කපා හරින ලදී. ඔහු ගැන සිහිපත් කරනු ලබන විට, ඔහුගේ නපුරුකම ඈදාගෙන ඔහු සිහිපත් කරන ලදී.

ප්රශ්න අංක 12. අල්-කාෆිරූන් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

පිළිතුර- අල්-කාෆිරූන් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. (නබි මුහම්මද්) පවසනු. අහෝ දේව ප්රතික්ෂේපකයිනි! 2. නුඹලා නමඳින දෑ මම නොනමඳිමි 3. තවද නුඹලා ද මා නමඳින දෑ නමඳින්නන් නොවන්නාහුය. 4. තවද නුඹලා නැමඳූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි. 5. තවද නුඹලා ද මා නමඳින දෑ නමඳින්නන් නොවන්නාහුය. 6. නුඹලාට නුඹලාගේ ආගම. මට මාගේ ආගම. අල්-කාෆිරූන් පරිච්ඡේදය1-6
අර්ථ විග්රහය:

🎧 (1) අහෝ දූතය, අල්ලාහ් පිළිබඳ ප්රතික්ෂේප කරන්නන් අමතා “අහෝ ප්රතික්ෂේප කරන්නනි“ යැයි පවසනු.
🎧 (2) දැන් හෝ මින් ඉදිරියට හෝ නුඹලා වැදුම් පිදුම් කරන පිළිමවලට මම කිසිසේත් නැමදුම් නොකරමි.
🎧 (3) මම කවර කෙනකුව නැමදුම් කර සිටින්නෙම් ද, ඔහුට නැමදුම් කරන්නන් ලෙස නුඹලාද නැත. ඔහු ඒකීය වූ අල්ලාහ්ය.
🎧 (4) නුඹලා නමදිමින් සිටි දෑ නැමදුම් කරන්නෙකු ලෙස මම ද නැත.
🎧 (5) මම කවර කෙනකුව නැමදුම් කර සිටින්නෙම් ද ඔහුට නැමදුම් කරන්නන් ලෙස නුඹලාද නැත. ඔහු ඒකීය වූ අල්ලාහ්ය.
🎧 (6) නුඹලා වෙනුවෙන් කවර ආගමක් නුඹලා විසින් ආරම්භ කර ඇත්තේද, එය නුඹලා සතුය. අල්ලාහ් මා වෙත පහළ කළ මාගේ ආගම මා සතුය.

ප්රශ්න අංක 13. අන්-නස්ර් (උපකාරය) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

අන්-නස්ර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1-අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්රහණය පැමිණි විට. 2-තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට. 3-නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය අන්-නස්ර් පරිච්ඡේදය:1-3
අර්ථ විග්රහය:

🎧 (1) අහෝ දූතය! ඔබේ ආගමට අල්ලාහ්ගේ උපකාරය පැමිණි විට, එය ගෞරවයට පත් වන විට, තවද මක්කාහ් ජයග්රහණය සිදු වන විට,
🎧 (2) කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ජනයා ඉස්ලාමය තුළට පිවිසෙනු නුඹ දකින්නෙහිය.
🎧 (3) ඔබ කවර වැදගත් කරුණකට එවනු ලැබුවේද එම කටයුත්ත අවසන් වී ඇති බවට මෙය සළකුණක් බව දැන ගන්න. එබැවින් උපකාරය හා ජයග්රහණය ආශිර්වාද කළ ඔබගේ ප්රමාධිපතිට කෘතඥවනු පිණිස ඔහුගේ ප්රශංසාවෙන් ඔබ ඔහුව පිවිතුරු කරනු. ඔහුගෙන් සමාව අයැද සිටිනු. ඔහු තම ගැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙන්නාය.

ප්රශ්න අංක 14. සූරත් අල්-මසද් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?

පිළිතුර- අල්-මසද් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා ! ඔහු ද විනාශ වේවා ! 2. ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත. 3. මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් ගින්නට පිවිස දැවෙනු ඇත. 4. තවද දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද. 5. ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳි වලින් යුත් කඹයකි. අල්-මසද් පරිච්ඡේදය:1-5
අර්ථ විග්රහය:

🎧 1. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මහප්පා කෙනකු වූ, අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබූ ලහබ්, නබි තුමාණන්ට හිංසා හා වේදනා ගෙන දෙමින් කටයුතු කළ ආකාරය හේතුවෙන් ඔහුගේ දෑත් විනාශයට පත් විය. ඔහු හරිහම්බ කළ දෑද විනාශ වී ගියේය.
🎧 2. ඔහුගේ ධනය හෝ ඔහුගේ දරුවන් අතරින් කවර කරුණක් හෝ ඔහුව මුදවා ගන්නට ඔහුට ප්රයෝජනවත් වූයේද? ඔහුව දඬුවමින් මුදවාලන්නට ඒවා ඉදිරිපත් වූයේ නැත. එමෙන්ම ඔහුට ඒ දෙක ආශිර්වාදය ගෙන දුන්නේද නැත.
🎧 3. අග්නි ජාලාවෙන් යුත් ගින්නට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහු පිවිසෙනු ඇත. එහි උෂ්ණයෙන් ඔහු තැවෙනු ඇත.
🎧 4. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් යන එන මඟ කටු අතු දමමින් එතුමාණන්ව හිංසාවට ලක් කළ ඔහුගේ බිරිය වූ උම්මු ජමීල්ද නිරයට පිවිසෙනු ඇත.
🎧 5. නිරයට ඇදගෙන යන ඉඳි කෙඳිවලින් අඹරා සාදන ලද කඹයක් ඇයගේ ගෙලෙහි තිබෙනු ඇත.

ප්රශ්න අංක 15. අල්-ඉහ්ඃලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

පිළිතුර- අල්-ඉහ්ඃලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රාහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. (නබි මුහම්මද්!) පවසනු. ඔහු, එනම් අල්ලාහ් ඒකීයය. 2. අල්ලාහ් ස්වාධීනය. 3. ඔහු ජනිත නොකළේය. තවද ඔහු ජනිත කරනු නොලැබුවේය. 4. තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. අල්-ඉක්ලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය:1-4
අර්ථ විග්රහය:

🎧 1. (අහෝ දූතය!) නුඹ මෙසේ පවසනු: අල්ලාහ් වන ඔහු දේවත්වයෙන් තනි වූ කෙනෙකි. පිදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවකු නැත.
🎧 2. පූර්ණ හා අලංකාර ගුණාංග තුළ උපරිමයෙන්ම කීර්තියට පත් ප්රධානියා ඔහුය. සියලු මැවීම් ඔහුගෙන් යැපෙනු ඇත.
🎧 3. ඔහු කිසිවකු ජනිත කළේ නැත. එසේම කිසිවෙක් විසින් ඔහුව ජනිත කරනු ලැබුවේද නැත. පිවිතුරු ඔහුට කිසිදු දරුවකු හෝ පියකු හෝ නැත.
🎧 4. ඔහුගේ මැවීම් තුළ ඔහුට සමාන කිසිදු උපමාවක් නැත.

ප්රශ්න අංක 16. අල්-ෆලක් (අරුණෝදය)පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

පිළිතුර- අල්-ෆලක් (අරුණෝදය) සහ එහි අර්ථ විග්රහය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. “(නබිවරය!) අරුණෝදයේ පරමාධිපතිගෙන් මම ආරක්ෂාව පතමි යැයි පවසනු.” 2. “ඔහු මැවූ දෑහි හානියෙන්.” 3. තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද. 4. තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද. (5) තවද, ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන්ද (ආරක්ෂාව පතමි). (සූරතුල් අල්-ෆලක් :1-5)
අර්ථ විග්රහය:
🎧 1. අහෝ දූතය! ඔබ පවසන්න මම හිමිදිරියේ පරමාධිපතියාණන්ගෙන් ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.
🎧 2. වේදනා ගෙන දෙන මැවීම්වල හානියෙන් ද.
🎧 3. සොරුුුන්, සතුරන් හා සතුන්ගෙන් රාත්රියේදී සිදුවිය හැකි හානියෙන් ද මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි.
🎧 4. ගැට මත පිඹ හූනියම් කරන හූනියම් කරුවන් හා සූනියම් කාරියන්ගේ නපුරෙන්ද මම ඔහුගෙන් ආරක්ෂාව පතමි.
🎧 5. සිදු කරන යම් ක්රියාවක් තුළින් ඊර්ෂ්යාවක් ඇති වන්නේද එසේ ඊර්ෂ්යා කරන්නාගේ හානියෙන්ද මම ආරක්ෂාව පතමි.

ප්රශ්න අංක 17. අන්-නාස් (මිනිසුන්) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?

අන්-නාස් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.
1. (නබි මුහම්මද්!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. 2. (ඔහු) මිනිසුන්ගේ රජුය. 3. මිනිසුන්ගේ දෙවියාය. 4. (නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ඔහුගෙන් ආරක්ෂාව පතමි). 5. ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි. 6. (ඇසෙන් නොපෙනෙන ජීවී විශේෂයක් වූ) ජින්වරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද වෙති. අන්-නාස් පරිච්ඡේදය:1-6.
අර්ථ විග්රහය:

🎧 1. අහෝ දූතය, ඔබ පවසන්න මම හිමිදිරියේදී පරමාධිපතියාණන්ගෙන් ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.
🎧 2. ඔහු මිනිසුන්ගේ රජුය. ඔහු කැමති දේ ඔවුන් අතර ක්රියාත්මක කරවයි. ඔහු හැර වෙනත් කිසිදු හිමිකරුවකු ඔවුනට නොමැත.
🎧 3. ඔවුන් විසින් සැබෑ ලෙස නැමදුමට ලක් විය යුත්තාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු වෙනත් කිසිවකු ඔවුනට නොමැත.
🎧 4. මිනිසා තුළට කුකුස් හෙළන ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව පතමි.
🎧 5. ඔහු මිනිසාගේ හදවත් වලට කුකුස් හෙළයි.
🎧 6. ඔවුන් ජින්නුන් අතර මෙන්ම මිනිසුන් අතරද වෙති.

නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ (හදීස්) වදන් පිළිබඳ කොටස.14

ප්රශ්න අංක 1. "සියලු ක්රියාවන් චේතනාව (නියියතය) මත තීරණය කරනු ලැබේ. " යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව විශ්වාස කරන්තන්ගේ නායක උමර් බින් අල් හත්තාබ් (රළියල්ලාහු අන්හු) වාර්තා කරයි. “ක්රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුම තම චේතනාව මත ප්රතිඵලය හිමි කර ගනී. එබැවින් කවරෙකුගේ හිජ්රත් හෙවත් දේශාන්තරය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් කරන්නේද, ඔහුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ හිජ්රතය ලෞකික ප්රතිලාභ සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා පිහිටියේ ද ඔහුගේ හිජ්රතය ඔහු කවර දෙයක් වෙත හිජ්රත් ගියේ ද ඒ සඳහා පිහිටනු ඇත. " යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කළ ප්රකාශයට මා සවන් දුනිමි. බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා වීඇත.
මෙම නබි වදනෙන් උගතු යුතු පාඩම්.
1. සෑම ක්රියාවක් සඳහා, එනම් සලාතය, සව්ම් හෙවත් උපවාසය, හජ් සහ වෙනත් මෙවැනි ක්රියාවන් සඳහා චේතනාවක් තිබිය යුතුය.
2. සර්වබලධාරී අල්ලාහ් කෙරෙහි කෙනෙකුගේ චේතනාව තුළ අවංකභාවයක් තිබීම අවශ්ය වේ.
දෙවන (හදීස්) වදන.

"අපගේ කටයුත්තට (ඉස්ලාමයට) එහි නොමැති නවීන ක්රම සහ වීධි කවරෙකු ඇතුඵ කරන්නේද,." යන හදීසය සම්පූර්ණ කරන්න. ඉන් උගතු යුතු පාඩම් ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.

විශ්වාසීන්ගේ මෑණියන් වන උම්මු අබ්දුල්ලාහ් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ වාර්තා කරයි. මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ: "අපගේ කටයුත්තට (ඉස්ලාමයට) එහි නොමැති නවීන ක්රම සහ වීධි කවරෙකු හෝ ඇතුඵ කරන්නේ නම් එය ප්රතික්ෂේප කරනු ලැබේ." බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත
මෙම නබි වදනින් උගතු යුතු පාඩම්.
1. ආගමේ (ඉස්ලාමයේ) එහි නොමැති නවෝත්පාදන තහනම් කිරීම.
2. (ඉස්ලාමයේ) එහි නොමැති නවෝත්පාදන ක්රියාවන් ප්රතික්ෂේප කරනු ලබන අතර ඒවා පිළිගනු නොලැබේ.
තුන්වැනි හදීසය.

"අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ." යන හදීසය සම්පූර්ණ කරන්න. ඉන් උගතු යුතු පාඩම් ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.

උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එතුමා මෙසේ පැවසීය: “දිනක් අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ අප වෙත සුදෝ සුදු ඇඳුමකින් හා කළුවන් හිසකෙස් සහිත මිනිසෙකු පැමිණීය. ගමනක සළකුණක් හෝ ඔහු මත දැක ගන්නට නොවීය. අප අතරින් කිසිවකුත් ඔහුව හඳුනන්නේ ද නැත. අවසානයේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල) වෙත ඔහුගේ දණහිස් දෙක එතුමාගේ දණහිස් දෙකට ළං කර, තම අත්දෙක එතුමාගේ කලවා දෙක මත තබා වාඩි වී මෙසේ විමසීය: "අහෝ මුහම්මද්! මට ඉස්ලාමය ගැන තොරතුරු දන්වන්න." එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඉස්ලාම් යනු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත්, සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රැකීම, හැකියාව දරන්නේ නම් දේව නිවනට ගොස් හජ් වන්දනා ඉටු කිරීම' යැයි පැවසූහ. ඔහු ‘ඔබ සත්යමය ප්රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. ඔහු ගැන අපි පුදුමයට පත්වූයෙමු. ඔහු එතුමාගෙන් විමසයි. එය සත්ය යැයි ද පවසයි. ඔහු තවදුරටත්, ‘ඊමානය ගැන තොරතුරු මට දන්වනු' යැයි විමසා සිටියේය. එවිට එතුමා, 'අල්ලාහ්, ඔහුගේ මලාඉකාවරු, ඔහුගේ ග්රන්ථ හා ඔහුගේ දූතයින්, හා අවසන් දිනය ඔබ විශ්වාස කිරීම හා හොද හෝ නරක පෙර නියමයට අනුව සිදුවන බව ඔබ විශ්වාස කිරීමයි.' යැයි කීහ. එවිට ඔහු, 'ඔබ සත්යමය ප්රකාශ කළෙහිය.' යැයි කීය. නැවතත් ‘මට ඉහ්සාන් ගැන දන්වා සිටින්න’ යැයි පැවසීය. එතුමා, 'ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුට නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි.' කීහ. පසුව ඔහු, 'මට අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටින්න' යැයි පැවසීය. එතුමා, 'විමසනු ලබන්නාට වඩා විමසන්නා ඒ ගැන දන්නාය.’යැයි කීහ. ඔහු ‘අවසන් දිනයේ සළකුණු ගැන මට දන්වන්නැ.'යි කීය. එතුමා, 'වැහැලියක් තම ස්වාමි පුත්රයා බිහි කරනු ඇත. පාවහන් නොමැති නිර්වස්ත්ර, එළුවන් බලා ගන්නා එඩේරුන් උස් ගොඩ නැගිලි ඉදි කිරීමෙහි එකිනෙකා තරඟ වදිති.' යැයි කීහ. පසුව ඔහු හැරී ගියේය. එතුමා මදක් රැඳී සිට පසුව මෙසේ විමසීය. ‘අහෝ උමර්! මගෙන් මෙසේ කරුණු විමසා සිටි තැනැත්තා කවුරුන්දැයි ඔබ දන්නෙහි ද?' එවිට මම, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දන්නාය". යැයි පැවසුවෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, “සැබැවින්ම ඔහු ජිබ්රීල්ය. නුඹලාට නුඹලාගේ දහම ඉගැන්වීම සඳහා ඔහු නුඹලා වෙත පැමිණියේය.” යැයි පැවැසුවේය. මෙය මුස්ලිම් විසින් වාර්තා කරන ලදී.
මෙම නබි වදනේ වැදගත්කම.
1-ඉස්ලාම් අනිවාර්ය කුළුණු පහක් මත ඉදි කර ඇති බව සඳහන් වීම.
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම.
තවද, සලාත් ඉටු කිරීම,
සකාත් දීම,
රමළාන්හි උපවාසය රුකීම,
ශුද්ධ වූ නිවස වෙත ගොස් හජ් වන්දනා ඉටු කිරීම.
2- ඊමාන් හෙවත් විශ්වාසය අනිවාර්ය කුළුණු හයක් මත ඉදි කර ඇති බව සඳහන් වීම.
අල්ලාහ් විශ්වාස කිරීම.
ඔහුගේ සුරදූතයින් විශ්වාස කිරීිම,
ඔහුගේ ග්රන්ථ ගැන විශ්වාස කිරිම.
ඔහුගේ පණිවිඩකරුවන් (රසූල්වරුන්) විශ්වාස කිරීම.
අවසන් දිනය විශ්වාස කිරීම.
හොඳ හෝ නරක පෙර නියමයට අනුව (අල්ලාහ් විසින් තීරණය අනුව) සිදුවන බව ඔබ විශ්වාස කිරීමයි.
ඉහ්සාන් හි කුළුණු ගැන සඳහන් කිරීම. එය එක් කුළුණකින් සමන්විත වේ. එය වනාහි: "ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුව නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි" යන්නයි.
අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටීම, එහි වේලාව පිළිබඳ අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොදනී.
සිව්වන හදීසය.

ප්රශ්න අංක 4- "ඊමානයෙන් පිරිපුන් විශ්වාස කළවුන් "යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්.?

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "ඊමානයෙන් (විශ්වාසයෙන්) පිරිපුන් විශ්වාස කළවුන් කව්රුන්ද යත් ඔහු ගතිගුණ අතින් අලංකාරවන්තයන්ය. " අත් තිර්මිදී විසින් වාර්තා කර ඇත. තවද මෙය හසන් සහීහ් වර්ගයට අයත් හදීසයක් වේ.
මෙම නබි වදනේ වැදගත්කම.
1- යහපත් ගතිගුණ කෙරෙහි දිරිගැන්වීම.
2- ගතිගුණ අතින් පරිපූර්ණත්වයට පත්වීම යනු ඊමාන් හෙවත් විශ්වාස කිරීමෙන් පරිපූර්ණත්වයට පත්වීමයි.
3- සැබැවින්ම විශ්වාසය (ඊමානය) අඩු වැඩි වේ.
පස්වන හදීසය.

ප්රශ්න අංක 5. "කෙනෙකු අල්ලාහ් හැර වෙන කිසිවක් හෝ කිසිවෙකු මත දිවුරුම් කරන්නේ නම්" යන හදීසය සම්පූර්ණ කරන්න. ඉන් උගත යුතු කරුණු කිහිපයක් සඳහන් කරන්න?

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "කවරෙකු අල්ලාහ් හැර වෙනත් දෙයක් මත දිව්රන්නේ ද ඔහු අල්ලාහ් ප්රතික්ෂේප කළේය. එසේ නොමැති නම් ඔහු අල්ලාහ්ට ආදේශ තැබුවේය." ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
මෙම නබි වදනේ වැදගත් ප්රයෝජන.
-අල්ලාහ් මත හැර වෙනත් දෙයක් මත දිව්රීම නොකළ යුතුය.
"අල්ලාහ් මත හැර වෙනත් දෙයක් මත කරන දිව්රීම" අල්ලාහ්ට කුඩා පරිමාණයෙන් ආදේශ කිරීමක් වේ.
හයවන හදීසය.

"නුඹලා අතරින් කිසිවකු හෝ" යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරන්න.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "නුඹලා අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්රිය මනාපයකු වන තෙක් ඔහු විශ්වාස කරන්නෙක් වන්නේ නැත." බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

සියලුම මිනිසුන්ට වඩා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට ආදරය කළ යුතුය.
එය ඊමාන් (දේව විශ්වාසයේ) පරිපූර්ණත්වයයි.
හත්වන හදීසය

"ඔබ අතරින් කිසිවකු තමන් ප්රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත්"යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඔබ අතරින් කිසිවකු තමන් ප්රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත් ප්රිය කරන තෙක් ඔහු දෙවියන් විශ්වාස කරන්නෙකු නොවේ. බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1. විශ්වාස කරන්නා තමාට ප්රිය කරන ආකාරයටම අනිකුත් විශ්වාස කරන්නනන්ට ද යහපත තුලින් ප්රිිය කළ යුතුය.
එය ඊමාන් (විශ්වාසයේ) පරිපූර්ණත්වයයි.
අට වන හදීසය

ප්රශ්න අංක 8. " මාගේ ආත්මය කාගේ අතෙහි තිබේද," හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරනන.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබී සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. මාගේ ආත්මය කාගේ අතෙහි තිබේද, එය (සූරා අල් ඉක්ලාස් පරිච්ඡේදය) අල්-කුර්ආනයේ තුනෙන් කොටසකට සමාන වේ. මූලාශ්රය බුහාරි
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

සූරා අල් ඉක්ලාස් පරිච්ඡේදයේ වැදගත්කම
එය අල්-කුර්ආනයේ තුනෙන් කොටසට සමාන වේ.
නව වන හදීසය.

ප්රශ්න අංක 9. " ලාහව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්" හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරන්න.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. "ලාහව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්" යනු ස්වර්ගයේ නිධානයන්ගෙන් එකකි. බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1. මෙම පාඨයෙහි වැදගත්කම- එය ස්වර්ගයේ නිධානයන්ගෙන් එකකි.
2. ගැත්තා ඔහුගේ ස්ව බලයෙන් මිදී, සර්වබලධාරී අල්ලාහ් මත පමණක් යැපීමට අධිෂ්ඨාන කරයි.
දහ වන හදීසය.

ප්රශ්න අංක 10. "ඇත්ත වශයෙන්ම, ශරීරය තුල මස් කැබැල්ලක් ඇත"යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.

පිළිතුර - සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්රකාශයකට සවන් දුන් බව අන් නුඋමාන් බින් බශීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. ඇත්ත වශයෙන්ම, ශරීරය තුල මස් කෑබැල්ලක් ඇත, එය යහපත් නම් මුළු ශරීරයම යහපත් වනු ඇත, එය දූෂිත නම් මුළු ශරීරයම දූෂිත වනු ඇත, එය හදවතයි. බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත
මෙම හදීස් පාඨය ලබා දෙන ආදර්ශ:

1. සිතේ යහපත්කම යනු එය බාහිර හා අභ්යන්තර යහපත්කම් වලින් සමන්විතය.
2. සිතේ යහපත්කම කෙරෙහි අවධානය යොමු කිරීම, කුමක් නිසාද යත් එය තුළ මිනිසාගේ යහපත්කම ඇති බැවිනි.
එකලොස්වන හදීසය.

ප්රශ්න අංක 11. "කෙනෙකු අවසාන වශයෙන් ලාඉලාහ ඉල්ලල්ලාහ් " යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව මුආද් බින් ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. කවරෙකු අවසාන වශයෙන් "ලාඉලාහ ඉල්ලල්ලාහ් " යනුවෙන් පවසන්නේද ඔහු ස්වර්ගයට පිවිසෙන්නේය. ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1- ලාඉලාහ ඉල්ලල්ලා යන පාඨයෙහි වැදගත්කම නම්, ඒ තුලින් කෙනෙකුට ස්වර්ගයට පිවිසීමට වරම් ලැබීම.
2- මෙලොවේදී කෙනෙකු අවසාන වශයෙන් "ලාඉලාහ ඉල්ලල්ලාහ් " යනුවෙන් පැවැසීමේ වැදගත්කම.
දොලොස්වන හදීසය.

ප්රශ්න අංක 12: "අධික ලෙස දොස් නගන්නා හෝ ශාප කරන්නා හෝ දුෂ්ටකම් කරන්නා" යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අධික ලෙස දොස් නගන්නා හෝ ශාප කරන්නා හෝ දුෂ්ටකම් කරන්නා හෝ අසභ්ය වචන කතා කරන්නා හෝ පූර්ණ දේව විශ්වාසියෙකු වන්නේ නැත. ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1- සියලුම අසත්ය සහ අසභ්ය කතා තහනම් කිරීම.
2- එසේ නොකිරීම දේව විශ්වාස කරන්නේකුගේ දිවෙහි දක්නට ලැබෙන ලක්ෂණයකි.
දහතුන්වැනි හදීසය.

ප්රශ්න අංක 13. "පුද්ගලයෙකුගේ ඉස්ලාමයේ ඇති යහපත්කම"යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරනන.?

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "පුද්ගලයෙකුගේ ඉස්ලාමයේ ඇති යහපත්කම අතර ඔහු තමාට අදාළ නොවන දේ අත්හැරීමයි." මෙය ඉමාම් තිර්මිදි විසින් දන්වා ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1. අන් අයගේ ආගම හා ලෞකික කටයුතු සම්බන්ධ කාරණාවලදී පුද්ගලයෙකුට අදාළ නොවන දේ අත්හැරීම.
ඔහුගේ පරිපූර්ණ වූ ඉස්ලාමයට අදාළ නොවන දේ අත්හැරීම.
දහහතරවන හදීසය:

"දෙවිඳාණන් අල්ලාහ්ගේ පුස්තකයෙන් (ශුද්ධ වූ අල්කුර්ආනයෙන්) අකුරක් කියවන්නේ නම්" යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරනන?

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කෙනෙකු විසින් දෙවිඳාණන් අල්ලාහ්ගේ පුස්තකයෙන් (ශුද්ධ වූ අල්කුර්ආනයෙන්) අකුරක් කියවන්නේ නම්, ඒ තැනැත්තාට එක් පිනක් ලැබෙන්නේය. ඒ එක් පින දස ගුණයක් බවට පත් වෙයි. අලිෆ් -ලාම් - මීම් යනු එක අක්ෂරයක් යැයි මා නොපවසමි. එහෙත් අලිෆ් එක් අක්ෂරයකි, තවද ලාම් තව අක්ෂරයකි, මීම් තවත් අක්ෂරයකි.“ ඉමාම් තිර්මිදි විසින් මෙය වාර්තා කර ඇත.
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:

1. අල්කුර්ආනය පාරායනය කිරීමේ වැදගත්කම
2. ඔබ කියවන සෑම අකුරකම ඔබට යහපතක් ඇති බව.

ඉස්ලාමීය සදාචාරය පිළිබඳ කොටස26

ප්රශ්න අංක 1 - උත්තරීතරවූ අල්ලාහ් සමග සදාචාර විධි පවත්වා ගන්නේ කෙසේද?

පිළිතුර - 1.උත්තරීතරවූ අල්ලාහ්ව මහිමයට පත්කිරීම.
2- හවුල්කරුවෙකු නොමැතිව ඔහුට පමණක් වන්දනාමාන කිරීම.
3- ඔහුට කීකරු වීම.
4- පාප ක්රියාවන් අත්හැරීම.
5- සර්වබලධාරි අල්ලාහ්ගේ අසංඛ්යාත ත්යාග සහ ආශීර්වාද සඳහා ඔහුට ස්තුතිය පුද කිරීම සහ ප්රශංසා කිරීම.
6- අල්ලාහ්ගේ පූර්ව නියමය සමඟ ඉවසීමෙන් සිටීම.

ප්රශ්න අංක 2 - මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන් සමග සදාචාර විධි පවත්වා ගන්නේ කෙසේද?

පිළිතුර -1. එතුමාණන්ව අනුගමනය කර එතුමාණන්ගේ මගපෙන්වීම් අනුව අප ජීවිතය සකස්කර ගැනීම.
එතුමාණන්ට කීකරු වීම.
3- පාප ක්රියාවන් අත්හැරීම
4. එතුමාණන් පැවසු දේ විශ්වාස කිරීම.
5- එතුමාගේ සුන්නාවට වඩා, අධිකව නව්යකරණයක් සිදු නොකර සිටීම.
6- තමාට සහ සියලු මිනිසුන්ට දක්වන ආදරයට වඩා වැඩි ආදරයක් එතුමාණන්ට දැක්වීම.
7. එතුමාණන්ට ගෞරවය දැක්වීම, එතුමාණ්න්ට සහ එතුමාණන්ගේ (සුන්නාහ් හෙවත්) මග පෙන්වීම කෙරෙහි සහයෝගය දැක්වීම.

ප්රශ්න අංක 3 - දෙමව්පියන් සමග සදාචාර විධි පවත්වා ගන්නේ කෙසේද?

1 - අයහපත් ක්රියාවන්හිදී හැර දෙමාපියන්ට කීකරු වීම.
2- දෙමව්පියන්ට ඇපැ උපස්ථාන කිරීම.
3- දෙමව්පියන්ට උදව් උපකාර කිරීම.
4- දෙමව්පියන්ගේ අවශ්යතා ඉටු කර දීම.
5- දෙමව්පියන් සඳහා ප්රාර්ථනා කිරීම.
6- කතා කිරීමේදී ඔවුන් සමඟ ආචාරශීලී වීම; ඔවුන්ට "චී" යැයි පැවසීමට පවා අනුමත නැත. එය ප්රකාශයන් අතුරින් අධම ප්රකාශය එයයි.
7- දෙමවුපියන් ඉදිරියේ සිනහ මුසු මුහුණකින් සිටීම. ඔවුන් ඉදිරියේ මුහුණ හකුලා නොගැනීම.
8- මාගේ දෙමව්පියන්ගේ කටහඬට වඩා උස් හඩක් නඟන්නේ නැත, ඔවුන් දෙදෙනාට සවන් දෙමි, වචනවලින් ඔවුන්ට බාධා නොකරමි, තවද මා ඔවුන්ගේ නමින් ඔවුන් අමතන්නේ නැත, නමුත් "මගේ තාත්තා," "මගේ අම්මා" යැයි කියමි.
9- මගේ පියා සහ මව කාමරයේ සිටින විට ඇතුල් වීමට පෙර මම ඔවුන්ගෙන් අවසර ඉල්ලා සිටිමි.
10- දෙමාපියන්ගේ දෑත් සහ හිස සිප ගැනීම.

මා විසින් ඥාති සබඳතා පවත්වාගත යුත්තේ කෙසේද?

පිළිතුර 1- සහෝදරයා, සහෝදරිය, මාමා, නැන්දා, පියාගේ සහෝදර සහෝදරියා්, සහ අනෙකුත් ඥාතීන්ගේ දුක සැප විමසීමට නෑගම් යාම.
2- වචනයෙන් සහ ක්රියාවෙන් ඔවුන්ට යහපතක් කර උපකාර කිරීම.
3- මෙයට ඔවුන් සම්බන්ධ කර ගැනීම සහ ඔවුන්ගේ සැප දුක් ගැන විමසීම ද ඇතුළත් වේ.

ප්රශ්න අංක 5: මම මගේ සහෝදරයන් සහ මිතුරන් සමඟ කටයුතු කරන්නේ කෙසේද?

පිළිතුර- 1. හොඳ මිතුරන් සමග මිතු දම් පවත්වමි.
2- මම දුෂ්ටයන්ගේ ඇසුරෙන් වැළකී සිටිම.
3- මම මගේ සහෝදරයන්ට සලාම් කියා ආචාර කර ඔවුන්ට අතට අත දෙමි.
4- ඔවුන් රෝගා තුර වුවහොත් මම ඔවුන් බැලීමට යන අතර ඔවුන්ට සුවය ලැබෙන ලෙස මම යාච්ඤා කරමි.
කිසිවකු කිඹුහුමක් ඇරිය විට ඔහුට ‘යර්හමුකල්ලාහ්’ (අල්ලාහ් ඔබට ආශිර්වාද කරත්වා) යනුවෙන් පැවසීම.
6- ඔහුව (සහෝදරයෙකු) බැහැදැකීමට මට ආරාධනා කළහොත් මම ඔහුගේ ආරාධනයට පිළිතුරු දෙමින් ඔහුව බැහදැකීමට යමි.
7- මම ඔහුට (යහපත සඳහා) උපදෙස් දෙමි.
8- ඔහුට අසාධාරණයක් සිදුවුවහොත් ඔහුට උදව් කරමි, ඔහුව අයුක්තියෙන් වළක්වමි.
10- මා වෙනුවෙන් මම කැමැත්තක් දක්වන්නේ යම් දෙයකටද, ඒ දේ මගේ මුස්ලිම් සහෝදරයාට ලැබීමටද මා කැමැත්තක් දක්වමි.
11- ඔහුට මගේ උදව් අවශ්ය නම් මම ඔහුට උදව් කරමි.
12- වචනයෙන් හෝ ක්රියාවෙන් කිසිම හානියක් ඔහුට සිදු නොකරමි.
13- ඔහුගේ රහස් රකිමි.
14- මම ඔහුට අපහාස නොකරමි, ඔහුට පරුෂ වචනයෙන් කතා නොකරමි, ඔහුව හෙළා නොදකිමි, ඊර්ෂ්යා නොකරමි, ඔහු ගැන ඔත්තු නොබලමි, ඔහුට වංචා නොකරමි.

ප්රශ්න අංක 6: අසල්වැසියන් සමග පවත්වා ගත යුතු සදාචාර විධි මොනවාද?

පිළිතුර 1- මම අසල්වැසියාට වචනයෙන් සහ ක්රියාවෙන් යහපතක්ම කරන අතර ඔහුට මගේ උදව් අවශ්ය වූ විටක ඔහුට උදව් කරමි.
2- මංගල්යය, විවාහය හෝ වෙනත් කටයුත්තකදී ඔහු සතුටින් සිටින විටක ඔහුට සුබ පතන්නෙමි.
3- ඔහු අසනීප වුවහොත් මම ඔහුව බැහදැකීමට යමි, ඔහුට විපතක් වූ විටක ඔහුව සනසන්නෙමි.
4- මම ඔහුට අප විසින් සකස් කළ ආහාර හැකි තරම් පිරිනමමි.
5- මම වචනයෙන් හෝ ක්රියාවෙන් ඔහුට හානියක් නොකරමි.
6- මම ඔහුට ශබ්ද නඟා කට හඬ අධික කර බාධා නොකරන්නෙමි, ඔහු ගැන ඔත්තු බැලීමෙන් වැළකී සිටිමි, ඔහු සමඟ ඉවසීමෙන් කටයුතු කරමි.

ප්රශ්න අංක 7: ආගන්තුක සත්කාරයේදී සහ ආගන්තුකයෙකු සමග හැසිරීමේදී පවත්වා ගත යුතු සදාචාර විධි මොනවාද?

පිළිතුර 1- ආගන්තුක සත්කාරයට මට ආරාධනා කළ තැනැත්තාට මම පිළිතුරු දෙන්නෙමි.
2- මට යමෙකු හමුවීමට අවශ්ය නම්, ඔහුගෙන් අවසරය සහ ඒ සඳහා කාල වේලාවක් ඉල්ලා සිටිමි.
3- (කෙනෙකුගේ නිවසට හෝ වෙනත් ස්ථානයකට) ඇතුළු වීමට පෙර අවසර ඉල්ලමි.
4- හමුවීමකදී එහිදී ප්රමාද නොවෙමි.
5- නිවසේ අය ඉදිරියේ මගේ බැල්ම බිම හෙලා ගනිමි.
6- මා විසින් ආගන්තුකයෙකු පිළිගන්නා අතර ප්රීතිමත් මුහුණකින් සහ හොඳම පිළිගැනීමේ වදන් ප්රකාශ කරමින් ඔහුට හොඳම පිළිගැනීමක් ලබා දෙමි.
7- ආගන්තුකයා හොඳම ස්ථානයේ අසුන් ගැනීමට සළස්වමි.
8- තවද ආහාර පාන පිළි ගන්වා ආගන්තුක සත්කාරයෙන් ඔහුව ගෞරවයට ලත් කරමි.

රෝගියෙකු සමග සහ රෝගියෙකු බැහැ දැකීමේදී පවත්වා ගත යුතු සදාචාර විධි ගැන සඳහන් කරන්න.

පිළිතුර -1- මට වේදනාව දැනෙන විට;මම මගේ දකුණු අත එම ස්ථානය මත තබා, මම තුන් වරක් මෙසේ කියමි: "අල්ලාහ්ගේ නාමයෙනි", තවද මම මෙසේ කියමි: "මට වැළඳී ඇති සහ මා පරෙස්සම් විය යුතු "නපුරෙන් අල්ලාහ්ගේ මහිමයෙන් සහ බලයෙන් මම රැකවරණය පතමි." යනුවෙන් හත්වතාවක් කියමි.
2- අල්ලාහ් නියම කර ඇති දෙයින් තෘප්තිමත් වෙමි. තවද ඉවසිලිවන්ත වෙමි.
3- මම මගේ අසනීප තත්වයෙන් පසුවන සහෝදරයා බැලීමට ඉක්මනින් යමි. ඔහු වෙනුවෙන් දුආ අයැද සිටිමි. ඔහු සමඟ වැඩි වේලාවක් ගත නොකරමි.
4- ඔහු මගෙන් ඉල්ලා සිටින තුරු බලා නොසිට, මම ඔහු වෙනුවෙන් ආගමානූකූලව මතුරමි.
5- මම ඔහුට ඉවසිලිවන්තව සිටින ලෙසටත්, (අල්ලාහ්ගෙන්) කන්නලව් කරන ලෙසටත්, යාච්ඥා කරමින්, හැකි පමණින් තමන් පවිත්රව සිටින ලෙසටත් උපදෙස් දෙමි.
6- රෝගියකුට කරනු ලබන ප්රාර්ථනාව: "අස්අලුල්ලාහල් අලීම් රබ්බල් අර්ෂිල් අලීම්. අන් යෂ්ෆීක්" හත් වතාවක්. තේරුම- උත්තරීතර අර්ෂයෙහි පරමාධිපති වන සර්වබලධාරී අල්ලාහ්ගෙන් මම ඔබට සුවය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

ප්රශ්න අංක 9: දැනුම සෙවීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි සඳහන් කරන්න?

පිළිතුර - 1- සර්වබලධාරී අල්ලාහ් කෙරෙහි අවංක චේතනාව පිහිටුවා ගැනීම.
2- මම ඉගෙන ගත් දැනුම ක්රියාවට නංවමි.
3- මම ගුරුවරයාට ඔහු ඉදිරියේදී සහ ඉදිරියේ නොමැති විටක ඔහුට ගරු කරමි.
4- ඔහු ඉදිරියෙහි ආචාරශීලීව අසුන් ගනිමි.
5- මම ඔහුට හොඳින් සවන් දෙන අතර, ඔහුගේ පාඩමක් උගන්වන අතර තුරදී බාධා නොකරමි.
6- මම ප්රශ්නය ඇසීමේදී ආචාරශීලී වෙමි.
7- මම ඔහුට ඔහුගේ නම කියා කතා නොකරමි.

ප්රශ්න අංක10: සභාවකදී පිළිපැදිය යුතු සදාචාර විධි මොනවාද?

පිළිතුර - 1- මම සභාවට සහභාගි වී සිටින අයට සලාම් කියා ආචාර කරමි.
2- මා සහභාගි වී සිටින සභාව අවසන් වන තුරු මම එහි වාඩි වී සිටිමි, මම අදාල සභාවෙන් කිසිවකු නැගිට්ටවන්නේ හෝ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඔවුන්ගේ අවසරයකින් තොරව අසුන් නොගනිමි.
3- සභාවේ වෙනත් කෙනෙකුට වාඩි වීමට ඉඩ සළසා දෙමි.
4- මම සභාවේ පවත්වනු ලබන කතා බහට බාධා නොකරමි.
5- මම සභාවෙන් පිටවීමට පෙර අවසර ඉල්ලා සිටින අතර ඉන් පසු සලාම් කියා පිටත් වෙමි.
6- සභාවේ කටයුතු අවසන් වීමෙන් පසු මම සභාව වෙනුවෙන් සමාව අයද සිටීමේ (දුආ) ප්රාර්ථනාව (පහත සඳහන් ආකාරයට) කියමි. ‘සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලයික.’
(යා අල්ලාහ් ඔබගේ ප්රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ විය. ඔබ හැර නැමදුමට කිසිවකු නොමැති බව මම සාක්ෂි දරමි. මම ඔබෙන් පව් සමාව අයැදිමි. තවද ඔබ වෙත පසුතැවිලි වී හැරෙමි.)

ප්රශ්න අංක11: නිදාගැනීමේ ආචාර විධි ගැන සඳහන් කරන්න?

පිළිතුර -1 මම කල් වෙලාවට නිදාගනිමි.
2- මම පිරිසිදු වීමෙන් පසු නිදාගනිමි.
3 - මම මූනින් අතට හැරී නිදා නොගනිමි.
4- මම දකුණු පැත්තට ඇලවී නිදාගනිමි.මගේ දකුණු අත මගේ දකුණු කම්මුලට යටින් තබා ගනිමි.
5- මම මගේ ඇඳ (එහි ඇතිරිලි) ගසා ගනිමි.
6- ආයතුල් කුර්ෂි, සූරතුල් ඉහ්ලාස් සහ අල් මුඅව්විදතයින් සුරාවන් වැනි අව්රාදයන් නින්දට යන විට තුන් වරක් කියවමි. තවද මම මෙසේ කියමි. "දෙවියනි! ඔබගේ නාමයෙන් මම මිය යන්නෙමි. කවද ජීවත් වන්නෙමි." බිස්මි කල්ලාහුම්ම අමූතු වඅහ්යා.
තේරුම- යා අල්ලාහ් ඔබේ නාමයෙන් මරණය (හෙවත් නින්ද) ට පත්වෙමි. ඔබේ නාමයෙන්ම නැවත ජීවය ලබන්නමි.
7- මම ෆජ්ර් සලාතය සඳහා නැගිටිමි.
8- මම අවදි වූ පසු මෙසේ කියමි. අල්හම්දු ලිල්ලාහිල්ලදී අහ්යානා බඃද මා අමාතනා ව ඉලෙයිහින් නුෂූර්. තේරුමඃ අප මරණයට පත්කළ, පසුව අපට ප්රාණය ලබාදුන් අල්ලාහ්ටම සියලූ ප්රසංශා හිමිවේවා. තවද ඔහු වෙතය අපි නැවත යා යුත්තේ.

ප්රශ්න අංක 12: ආහාර ගැනීමේදී පවත්වා ගත යුතු සදාචාර විධි මොනවාද?

පිළිතුර-
1 - බලවත් වූ සහ උත්තරීතර අල්ලාහ්ට යටහත් පහත් භාවය දැක්වීම වස් ආහාර පාන ගැනීමේදී භියබැති කම මුල්කරගෙන චේතනාව පිහිටුවා ගනිමි.
කෑම අනුභව කිරීමට පෙර, අත් දෙක මැණික් කටුව ඇතුළුව සේදීම.
3- මම "අල්ලාහ්ගේ නාමයෙන්" යැයි කියමි, මම මගේ දකුණු අතෙන් සහ මට සමීපව ඇති ආහාර අනුභව කරමි, මම පිඟානයේ (බන්දේසියේ) මැද ඇති දේ හෝ වෙනත් කෙනෙකු ඉදිරියේ ඇති දෑ අනුභව කරන්නේ නැත.
4- "අල්ලාහ්ගේ නාමයෙනි" යැයි කීමට මට අමතක වුවහොත්, මම මෙසේ කියමි: "අල්ලාහ්ගේ නාමයෙන්, එහි ආරම්භය සහ අවසානය දක්වා."
5- ආහාරවලින් ලැබෙන දෙයින් මම සෑහීමකට පත්වන අතර, මම ආහාරයේ වරදක් නොදකිමි. මම එයට කැමති නම්, මම එය අනුභව කරමි, මම එයට අකමැති නම් මම එය අත්හැර දමමි.
6- මම ආයාර කට කිහිපයක් අනුුුභව කරමි, නමුත් අධිකව ගන්නේ නැත.
7- මම ආහාර හෝ පානය මත පිඹින්නේ නැත, එහි උණුසුම අඩුවන තුරු ඉවසා සිටිමි.
8- මම ආහාර අනුභව කරන විට පවුලේ අය සමග හෝ ආගන්තුකයන් සමඟ හෝ වෙනත් අය සමඟ එකතු වී ආහාර අනුභව කරමි.
9 - මට වඩා වැඩිමල් කෙනෙකුට ටපර මම කෑම අනුභව කරන්න පටන් ගන්නේ නැත.
10- මම කිසිවක් පානය කරන විට "අල්ලාහ්ගේ නාමයෙන්" යැයි කියන අතර, මම වාඩි වී උගුරු තුනක් පානය කරමි.
11- මම ආයාර අනුභව කර අවසන් වූ විට "අල්හම්දු ලිල්ලාහ්" යනුවෙන් අල්ලාහ්ට ස්තුති කරමි.

ප්රශ්න අංක13: ඇඳුම් පැළඳීමේ අදාචාර ධර්ම කීයක් තිබේද?

පිළිතුර1- මම මගේ ඇඳුම දකුණු පැත්තෙන් පැළඳීමට පටන් ගනිමි, ඒ සඳහා "අල්හම්දු ලිල්ලාහ්"යනුවෙන් අල්ලාහ්ට ස්තුති කරමි.
2- ඇඳුම, වළලුකරට වඩා පහළට නොපළදමි.
3- පිරිමි ළමයින් ගැහැණු ළමයින්ගේ ඇඳුම් නොඅඳින අතර ගැහැණු ළමයින් පිරිමි ළමයින්ගේ ඇඳුම් අඳින්නේ නැත.
4- දේව විශ්වාස නොකරන්නන්ගේ හෝ පව්කාරයන්ගේ ඇඳුම් අනුකරණය නොකිරීම.
5- ඇඳුම් ගලවන විට "බිස්මිල්ලාහ්" අල්ලාහ්ගේ නාමයෙන් යැයි කීම.
6- පළමුව දකුණු පාදයට පාවහන් පැළඳීම, (පාවහන් ගලවන විට) වම් පාදයේ පාවහන් (පළමුව) ඉවත් කිරීම.

ප්රශ්න අංක 14 : වාහනයක ගමන් කිරීමේ සදාචාර ධර්ම සඳහන් කරන්න.

පිළිතුර 1 මම "බිස්මිල්ලාහ්" අල්ලාහ්ගේ නාමයෙනි, "අල්හම්දු ලිල්ලාහ්" සියලු ප්රශංසා අල්ලාහ්ටම හිමි වේවා! යනුවෙන් පවසමි. "සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන්" 13 - තේරුම; මෙය (වාහනය) අප වෙත ලබාදුන් ඔහු (අල්ලාහ්) සුවිශුද්ධය. මේ සඳහා වූ ශක්තිය අප සතුව තිබුනේ නැත. වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන් 14.තේරුම - සැබැවින් අප අපගේ පරමාධිපති වෙතම යා යුතුයි. සූරතුල් සුහ්රුෆ් 43:13, 14
2- මම මුස්ලිම්වරයෙකු පසුකර ගියහොත්; ඔහුට "සලාම්" (සාමය ඇති වේවා!) යනුවෙන් පවසමි.

ප්රශ්න අංක 15- පාරේ ගමන් කිරීමේ සදාචාර ධර්ම ගැන සඳහන් කරන්න.

පිළිතුර-1- මම ඇවිදීමේදී මධ්යස්ථ සහ නිහතමානී වන අතර පාරේ දකුණු පසින් ගමන් කරමි.
2- සලාම් පැවැසූ තැනැත්තාට සලාම් (සාමය වේවා! යනුවෙන්) පවසමි.
3- මගේ බැල්ම බිම හෙළා ගනිමි, කිසිවෙකුට හිරිහැර නොකරමි.
4-යහපත අණ කර අයහපත වළක්වමි.
5- හානි සිදු කරන දෑ මාර්ගයෙන් ඉවත් කරමි.

මස්ජිදයට පිවිසීමේදී හා ඉන් පිටත් වීමේ දී පිළිපැදිය යුතු ආචාරධර්ම ගැන සඳහන් කරන්න.

පිළිතුර- 1මම මගේ වම් පාදය පිටතට තබා මෙසේ කියමින් පිටත්වෙමි. "බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලාහව්ල වලාකුව්වත ඉල්ලා බිල්ලාහ්, අල්ලාහුම්ම ඉන්නී අවූදු බික අන් අදිල්ල අව් අදිල්ල අව් අසිල්ල අව් අසිල්ල අව් අද්ලිම අව් උද්ලම අව් අජ්හල අව් යුජ්හල අලෙයිය." තේරුම-අල්ලාහ්ගේ නාමයෙන් (පිටත්වෙමි,) මගේ කාර්යයන් සියල්ල සම්පූර්ණයෙන් අල්ලාහ් වෙත භාරකර ඔහුවම විශ්වාස කරමි. තවද අල්ලාහ් හැර වෙනත් කිසිදු ශක්තියක් හෝ බලයක් නැත. යා අල්ලාහ් මා මංමුළාවීම හෝ මා අවමානයට ලක්වීම හෝ අසාධාරණය කිරීම හෝ මා අසාධාරණයට ලක්වීම, මා මන්ද බුද්ධිකයකු වීම හෝ මන්ද බුද්ධිකයකු බවට පත්කරනු ලැබීම යනාදියෙන් මාව ආරක්ෂා කරනු මැන. 2-මම මගේ දකුණු පාදය තබා මෙසේ කියමින් නිවස තුලට ඇතුල් වෙමි. "බිස්මිල්ලාහි වලජ්නා වබිස්මිල්ලාහි හඃරජ්නා වඅලල්ලාහි රබ්බිනා තවක්කල්නා." යැයි අල්ලාහ් වෙත පවරා) විශ්වාසය තබමු.
සිවාක් කිරීම ආරම්භ කරමි. පසුව නිවසේ සිටින සියලු දෙනාට සලාම් කියමි.

ප්රශන අංක 17-ශාරීරික අවශ්යතා සපුරා ගැනීමේදී පිළිපැදිය යුතු සදාචාර ධර්ම ගැන සඳහන් කරන්න.

පිළිතුර- 1මම මගේ වම් පාදය ඇතුලට තබා මෙසේ කියමින් ඇතුල් වෙමි.
2- ඇතුල්වීමට පෙර මෙසේ කියමි. "බිස්මිල්ලාහි, අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් හුඃබ්සි වල් හඃබාඉසි." තේරුම:-අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමි. යා අල්ලාහ්! කාන්තා හා පිරිමි නරක ජින්වරුන්ගේ හානියෙන් මා ඔබගෙන් ආරක්ෂාව පතමි.
3- අල්ලාහ් සිහි කිරීමට අදාල කිසිවක් මා එයට ඇතුල් වීමේදී රැගෙන නොයමි.
4- ශාරීරික අවශ්යතා සපුරා ගැනීමේදී එම ස්ථානය වසා ගනිමි.
5- ශාරීරික අවශ්යතා සපුරා ගැනීමේ ස්ථානයේදී කතා නොකරමි.
6- මම මුත්රා කරන විට හෝ මළපහ කරන විට කිබ්ලාව දෙසට හැරී හෝ ඒ පෙදෙසට පිටු පස ප්රෙද්ශ හරවා නොසිටිමි.
7- අපිරිසිදු දෑ ඉවත් කිරීමට මම මගේ වම් අත භාවිතා කරන අතර මගේ දකුණු අත භාවිතා නොකරමි.
8- මම මිනිසුන් ගමන් කරන මාර්ගයේ හෝ ඔවුන් (විවේක ගන්නා) සෙවණැලි යට මගේ ශාරීරික අවශ්යතා ඉටු නොකරමි.
9- මම ශාරීරික අවශ්යතා ඉටු කිරීමෙන් පසුව මගේ අත් සෝදා ගනිමි.
10- මම මගේ වම් පාදය පිටතට තබා“ගුෆ්රානක” තේරුම- ඔබෙන් සමාව අයද සිටිමි යැයි කියමි.

ප්රශ්න අංක 18 : මස්ජිදයක් (මුස්ලිම් දේවස්ථානයක්) තුළ පිළිපැදිය යුතු සදාචාර ධර්ම ගැන සඳහන් කරන්න.

පිළිතුර 1- මස්ජිදය තුලට ඇතුල් වීමේදී මගේ දකුණු පාදය එහි තබා මෙසේ කියමි. "බිස්මිල්ලාහි අල්ලාහුම්මෆ් තහ්ලී අබ්වාබ රහ්මතික." තේරුම - අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමි’යා අල්ලාහ් ඔබේ කරුණාවේ දොරටු මා කෙරෙහි විවෘත කරනු මැනවි.
2- සුන්නත් වූ රකඅත් දෙකක් ඉටු කිරීමෙන් පසු එහි වාඩිවෙමි.
3- සලාත් කරමින් සිටින්නන් අතරින් ගමන් නොකරමි. මස්ජිදය තුල විකිණීම් සහ මිලදී ගැනීම් වල නිරත නොවෙමි.
4- මම මගේ වම් පාදය මස්ජිදයෙන් පිටතට තබා පිටත් වන විට මෙසේ කියමි, "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික" - තේරුම, යා අල්ලාහ් ඔබගේ ආශිර්වාදය ඉල්ලා සිටිමි.

ප්රශ්න අංක 19- සලාම් කීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි මොනවාද?

පිළිතුර 1-මම මුස්ලිම්වරයෙකු මුණගැසුණු විට, “අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු”යනුවෙන් අමතමි. ඒ හැර වෙන කිසිවක් නොපවසමි, සහ මම මගේ අතින් පමණක් ඇඟිල්ල දිගු නොකරමි. සලාම් වෙනුවට අතෙන් සංඥා නොකරමි.
2-- මා විසින් සලාම් කියන තැනැත්තාට සිනහමුසු මුහුණින් එසේ සලාම් කියා ආචාර කරමි.
3-මගේ දකුණතින් අතට අතදී ආචාර කරමි.
4- යමෙක් මට සුබපැතුම් පිරිනමන්නේ නම්, මම ඔහුට ඉතා වඩා හොඳ ආකාරයට සලාම් කියා ආචාර කරමි, නැතහොත් ඔහු සුබ පැතූ ආකාරයටම සුබ පතමි.
5-මම දේව ව්ශ්වාස නොකරන කෙනෙකුට සලාම් කියා සුබපැතුම් පිරිනැමීම ආරම්භ නොකරමි, ඔහු මට ආචාර කරන්නේ නම් මම ඔහුට ඒ හා සමානව ප්රතිචාර දක්වමි.
6- වයසින් බාල වූවන් වැඩිමහල් තැනැත්තාටද, (වීදියක හෝ) පදික වේදිකාව මත ගමන් කරන තැනැත්තාට, වාහනයෙන් ගමන් කරන්නාද, වාඩි වී සිටින තැනැත්තාට ඒ හරහා ගමන් කරන්නාද සලාම් කියා ආචාර කළ යුතුයි, එමෙන්ම, සුළු පිරිසක් විශාල පිරිසට සලාම් කියා ආචාර කළ යුතුයි.

ප්රශ්න අංක 20 - අවසර ගැනීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි මොනවාද?

පිළිතුර -1. මම අදාල ස්ථානයට ඇතුළු වීමට පෙර අවසර ඉල්ලා සිටිමි.
2.මම තුන් අවස්ථාවේ අවසර ඉල්ලා සිටින අතර, අවසර නොලැබුනු විටක මම ආපසු හැරී යමි.
3.මම දොරට මෘදු ලෙස තට්ටු කරමි, දොර ඉදිරිපිට නොසිට, එහි දකුණු පැත්තෙන් හෝ වම් පැත්තෙන් සිටගෙන සිටිමි.
4-මම මගේ පියා, මගේ මව හෝ වෙනත් කිසිවකුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ කාමරයට ඇතුළු නොවෙමි. විශේෂයෙන්ම අලුයම සහ දහවල් නින්දට පෙර සහ සවස් කාලයේ සලාතයෙන් පසුව අවසරයකින් තොරව එසේ ඇතුල් නොවමි.
මට රෝහලක් හෝ වෙළඳ සැල් වැනි ස්ථාන වලට අවසරයකින් තොරව ඇතුළු විය හැක.

සත්ව සුභසාධනයේ සදාචාර විධි සඳහන් කරන්න.

පිළිතුර -1 සත්වයාට ආහාරය හා ජලය සපයමි.
2- සත්වයා කෙරෙහි දයානුකම්පාව සහ කරුණාව දක්වන අතර ඔවුන්ට දරාගත නොහැකි බර ඔවුන් මත නොපටවමි.
3- මම සතුන්ට කිසිම ආකාරයක වධයක්, හානියක් හෝ හිංසාවක් නොකරමි.

ප්රශ්න අංක 22. ක්රිඩා කටයුතුවලදී පිළිපැදිය යුතු සදාචාර විධි ගැන සඳහන් කරන්න.

පිළිතුර 1. අල්ලාහ්ට කීකරු වීම සඳහා, සහ ඔහුගේ තෘප්තිය ලබා ගැනීම සඳහා ක්රීඩා කටයුතුවලදී භියබැති කම උදෙසා චේතනාව ඇති කර ගනිමි.
2. සලාත් වේලාවන්හිදී ක්රීඩා නොකරමි.
3. පිරිමි ළමයින් ගැහැණු ළමයින් සමඟ ක්රීඩා නොකරයි.
4. මම මගේ නිරුවත වැසෙන පරිදි ක්රීඩා නිල ඇඳුමක් භාවිතා කරමි.
5. මුහුණට පහර දීම සහ ශරීර රහස්ය පෙදෙස් හෙළි කිරීම වැනි තහනම් ක්රීඩා වලින් මම වැළකී සිටිමි.

ප්රශ්න අංක 23. විහිළු තහළු කිරීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි මොනවාද?

පිළිතුර -1. විහිළුව බොරුවක් නොවිය යුතු අතර එහි අවංකභාවයක් තිබිය යුතුයි.
2. විහිළුවක් හුදෙක්ම සමච්චලයෙන්, උපහාසයෙන්, අපයෝජනයෙන් සහ බිය ගැන්වීම් වලින් තොර විය යුතුයි.
3. අනවශ්ය විහිළු අවශ්ය නැත.

ප්රශ්න අංක 24. කිවිසුමක් යන විට පිළිපැදිය යුතු සදාචාර විධි සඳහන් කරන්න.

පිළිතුර අංක 1. කිවිසුම් යන විට අත හෝ වස්ත්රයක් හෝ ලේන්සුවක් නාසය මත තබා ගැනීම.
2. කිවිසුමක් ගිය පසු" අල්හම්දු ලිල්ලාහ්" සියලු ප්රසංශා අල්ලාහ්ටම හිමි වේවා! යනුවෙන් කීම.
3- එවිට (අවට සිටින) ඔහුගේ සහෝදරයා හෝ මිතුරා මෙසේ කියයි: "යර්හමුකල්ලාහ් " අල්ලාහ් ඔබට අනුකම්පා කරන සේක්වා! යනුවෙන් පවසයි.
ඔහු ඔහුට එසේ පැවසූ විට:
"යහ්දීකුමුල්ලාහ් වයස්ලහු බාලකුම් "අල්ලාහ් ඔබට මඟ පෙන්වමින් ඔබේ ආත්මභාවය යහපත් තත්වයට පත් කරත්වා යනුවෙන් (කිවිසුම පිට කළ තැනැත්තා) පවසයි.

ප්රශ්න අංක 25. ඈනුමක් ඇරීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි ගැන සඳහන් කරන්න.

පිළිතුර 1. ඈනුම යටපත් කිරීමට උත්සාහ කිරීම.
2. ඈනුමක් ඇරීමේදී ආාහ් කියමින් හඬ නැඟීමෙන් වැළැකී සිටීම.
3. අත කට මත තැබීම.

ප්රශ්න අංක 26. අල්කුර්ආනය කියවීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි මොනවාද?

පිළිතුර 1. වුදූ ගැනීමෙන් පසු පිරිසිඳු තත්වයේ සිටියදී අල්කුර්ආනය පාරායනය කිරීම.
2. ආචාරශීලීව හා ගෞරව ලෙස වාඩි වීම.
3. අල්කුර්ආනය පාරායනය කිරීම ආරම්භ කර වින “අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්” (පළවා හරින ලද ෂෙයිතාන්ගෙන් අල්ලාහ්තආලා වෙතින් රැකවරණය පතමි) යනුවෙන් පැවසීම.
4. අල්කුර්ආනය අධ්යයනය කිරිම.

යහපත් ගති ගුණ පිළිබඳ පරිච්ඡේදය.30

ප්රශ්න අංක 1. යහපත් ගති ගුණ සහ එහි ඇති වැදගත් කම ගැන සඳහන් කරන්න.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. "ඊමානයෙන් (විශ්වාසයෙන්) පිරිපුන් විශ්වාස කරන්නන් කවුරුන්ද යත් ඔවුන් ගතිගුණ වලින් අලංකාරවන්තයන්ය. " මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.

ප්රශ්න අංක 2. අප විසින් ඉස්ලාමීය සදාචාර ධර්ම පිළිපැදිය යුත්තේ ඇයි?

පිළිතුර - 1. මන්ද එය සර්වබලධාරී අල්ලාහ්ගේ ආදරය ඇති වීමට හේතුවකි.
2- තවද (අල්ලාහ් විසින්) මවන ලද දේ කෙරෙහි ආදරය කිරීමට හේතුවකි.
3. එය (කුසල්) තරාදියේ ප්රමාණයෙන් බරම දෙයයි.
4. යහපත් හැසිරීම් යහපත් ප්රතිඵලය වැඩි කරයි.
5.තවද ඊමාන් හෙවත් විශ්වාසය වර්ධනය වීමේ ලක්ෂණයකි.

ප්රශ්න අංක 3. යහපත් ගති ගුණ (අපේ ජීවිතයට ) මුසු කර ගැනීමේ මාර්ගය කුමක්ද?

පිළිතුර- ශුද්ධවූ අල්කුර්ආනයේ උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි. නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි සූරත් අල්ඉස්රා 17:9 මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. ‘සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය.’ ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.

ප්රශ්න අංක 4. අල් ඉහ්සාන් සහ එහි ලක්ෂණ මොනවාද?

අල් ඉහ්සාන් යනු සැමවිටම අප කෙරෙහි අල්ලාහ්ගේ නිරීක්ෂණයක් පවතින බව සිහියේ තබාගෙන කටයුතු කිරීම, සහ අල්ලාහ්ගේ මැවීම් කෙරෙහි යහපත කිරීම සහ කරුණාව දැක්වීම.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ. නිසැකවම අල්ලාහ් තආලා සෑම කරුණකදීම අල්ඉහ්සාන් (හෙවත් සියල්ල මැනැවින් සිදු කිරීම) ගැන සඳහන් කර ඇත. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
පහත සඳහන් කරුණු ක්රියාවන් වේ:

ඉහ්සාන් යනු, සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන වන්දනාමාන කටයුතු මැනවින් ඉටු කළ යුතු අතර, ඒවා ඔහු වෙනුවෙන් යහපත් චේතනාවකින් (අවංකව) ඉටු කළ යුතුය.
වචනයෙන් හා ක්රියාවෙන් දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීම.
ලේ ඥාතීන්ට හා හිතවතුන්ට කරුණාව, දයාව දැක්වීම.
අසල්වැසියන්ට උදව් උපකාර කිරීම.
අනාථ දරුවන්ට සහ අසරණයන්ට කරුණාව දැක්වීම.
ඔබට අයහපතක් කරන්නන්ට යහපතක් කිරීම.
කතා කිරීමේදී සංවර වීම
වාද විවාද කිරීමේදී සංවර වීම
සත්වයින්ට කරුණාව දැක්වීම

ප්රශ්න අංක 5. අල්ඉහ්සාන් හෙවත් යහපතට ප්රතිවිරුද්ධ දෙය කුමක්ද?

පිළිතුර - අල්ඉහ්සාන් හෙවත් යහපතට ප්රතිවිරුද්ධ දෙය නම් අයහපත් දෑ සිදු කිරීමයි. එනම්,
උත්තරීතරවූ අල්ලාහ්ට වන්දනාමානය කිරිමේදී යහපත් චේතනාවකින් තොරව නැමැදුම් කිරිම.
දෙමාපියන්ට අකීකරු වීම.
ඥාතී සම්බන්ධතා බිඳ දැමීම.
අසල්වැසිියන් සමග සුහඳව කටයුතු නොකිරීම.
තවද දුප්පතුන්ට සහ අසරණයින්ට යහපතක් සිදු නොකිරීම සහ වචනයෙන් සහ ක්රියාවෙන් හිරිහැර කිරීම.

ප්රශ්න අංක 6. විශ්වාස වන්තකම සහ එහි ලක්ෂණ.

පිළිතුර:
1. සර්වබලධාරී අල්ලාහ් සම්බන්ධයෙන් ඇති අයිතිවාසිකම් සුරැකීමේ විශ්වාස වන්තකම.
එය ඉටුකරන ආකාර:
සලාතය, සකාත්, උපවාස, හජ්, සහ අල්ලාහ් අපට අණ කළ වෙනත් නමස්කාර ක්රියාවන් ඉටු කිරීමේදී ඇති කර ගත යුතු විශ්වාස වන්තකම.
මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරීමේදී ඇති කර ගත යුතු විශ්වාස වන්තකම.
මිනිසුන්ගේ ගෞරවය සුරක්ෂිත කිරීම.
ඔවුන්ගේ මිළ මුදල් ආරක්ෂා කිරීම.
ඔවුන්ගේ රුධිරය ආරක්ෂා කිරීම.
තවද ඔවුන්ගේ රහස් සහ ඔවුන් ඔබ වෙත විශ්වාසය මත පැවරු ඔවුන්ගේ පැවරුම් වැනි සියඵ කරුණු සුරක්ෂිතව රැකගැනීම.
ජයග්රාහී දනන් ගැන උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. තවද ඔවුහු වනාහි (ඔවුන් වෙත විශ්වාසය මත පැවරුණු) ඔවුන්ගේ පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති. සූරත් අල්මුඅ්මිනූන් 23:8

ප්රශ්න අංක 7. විශ්වාසවන්ත කමට ප්රතිවිරුද්ධ කරුණු මොනවාද?

පිළිතුර - ද්රෝහීකම, එනම් සර්ව බලධාරී අල්ලාහ්ගේ අයිතිවාසිකම් සහ මිනිසුන්ගේ අයිතිවාසිකම් අනිසි ලෙස අහිමි කිරීමයි.
නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. වංචා සහගත පුද්ගලයින්ගේ ලක්ෂණ තුනකි. " විශ්වාස කළොත් ද්රෝහීකම් කරයි " එයින් එක ගුණාංගයකි. මූලාශ්රය : බුහාරි හා මුස්ලිම්.

ප්රශ්න අංක 8. විශ්වාසවන්තභාවයේ ගති ලක්ෂණ මොනවාද?

පිළිතුර- යථාර්ථය ඇති සැටියේ ප්රකාශ කිරීම සහ ඇත්ත පවතින ආකාරයටම පැවසීමයි.
විශ්වාසවන්තභාවයේ ගති ලක්ෂණ පහත සඳහන් වේ.
මිනිසුන් සමඟ කතා කිරීමේදී අවංක ලෙස සත්ය කතා කිරීම.
පොරොන්දු දීමේදී අවංක වීම.
සෑම වචනයකම හා ක්රියාවකම අවංක ලෙස කටයුතු කිරීම.
නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. “සත්යවාදීකම ධර්මිෂ්ඨකම වෙත මග පෙන්වයි, ධර්මිෂ්ඨකම ස්වර්ගය වෙත මග පෙන්වයි, මිනිසෙක් සත්යවාදී කෙනෙකු බවට පත් වන තුරු ඔහු සත්ය කතා කරයි” මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.

සත්යවාදීකමට ප්රතිවිරුද්ධ ගති ලක්ෂණ මොනවාද?

පිළිතුර - සත්යයට පටහැනි ගති ලක්ෂණ වනාහි බොරු කීමයි. එනම් මිනිසුන්ට බොරු කීම, පොරොන්දු කඩ කිරීම සහ බොරු සාක්ෂි දීම වැනි ගති ගුණ වේ.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ. ‘බොරු කීමෙන් නුඹලා වැළකී සිටිය යුතුයි. හේතුව සැබැවින්ම බොරු කිරීම අයහපත් ක්රියාවන් වෙත මග පෙන්වයි. සැබැවින්ම අයහපත් ක්රියාවන් අපා ගින්න වෙත මග පෙන්වයි. මිනිසා බොරු කියමින් බොරුව මත (ජීවත් වෙමින්) සිටින විටදී අල්ලාහ් අබියස ඔහු මහා බොරුකාරයකු ලෙස සටහන් කරනු ලැබේ. මූලාශ්රය : බුහාරි හා මුස්ලිම්. නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. “කුහකයකුගේ ලක්ෂණ තුනකි” - ඒවායින් කරුණු දෙකක් මෙසේ සඳහන් කර ඇත. “ඔහු කතා කරන විට බොරු කියයි, ඔහු පොරොන්දුවක් දුන් විටක ඔහු එය කඩ කරයි.” මූලාශ්රය : බුහාරි හා මුස්ලිම්.

ප්රශ්න අංක10. ඉවසීමේ ගුණාංගයෙහි ඇති වර්ග සඳහන් කරන්න?

පිළිතුර - උත්තරීතර වූ අල්ලාහ්ට අවනත වීමේදී ඉවසීමකින් යුතුව කටයුතු කිරීම.
පව් ඉදිරියේ (එයින් වැළැකී සිටීම සඳහා) ඉවසීමෙන් කටයුතු කිරීම.
(අල්ලාහ්ගේ කැමැත්ත අනුව) වේදනාකාරී සිදුවීම් වලදී ඉවසීම සහ ඒ සෑම අවස්ථාවකදීම අල්ලාහ්ට ප්රශංසා කිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
" අල්ලාහ් ඉවසිලිවන්තයින් ප්රිය කරයි " 146 සූරා ආලු ඉම්රාන් 3:146 නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. අල්ලාහ් විශ්වාස කරන්නාගේ කරුණු පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත්ය. එය අල්ලාහ් විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එයද ඔහුට යහපත් වන්නේය. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

ඉවසීමේ ගුණාංගයට ප්රතිවිරුද්ධ ගුණාංග මොනවාද?

පිළිතුර - එනම් (අල්ලාහ්ගේ කටයුතුවලදී) අවනත විය යුතු තැන්හිදී ඉවසීමෙන් තොර වීම. පව් ඉදිරියේ (එයින් වැළැකී සිටීම නොව) ඉවසීමෙන් තොරව කටයුතු කිරීම, (අල්ලාහ්ගේ කැමත්ත අනුව) පූර්ව විනිශ්චය පිළිබඳව වචනයෙන් හෝ ක්රියාවෙන් අතෘප්තිමත් වීම.
එනම්,
මරණය බලාපොරොත්තු වීම
කම්මුල්වලට පහර දීම.
ඇඳුම් ඉරා ගැනීම.
හැඟීම් අවුස්සා ගැනීම.
තමන්ට විනාශයක් ඇති වීම සඳහා ප්රාර්ථනා කිරීම.
නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. සැබැවින්ම අතිමහත් තිළිණ මහත් පරීක්ෂණ සමග ඇත. සැබැවින්ම අල්ලාහ් යම් පිරිසක් ප්රිය කළේ නම් ඔහු ඔවුන් පරීක්ෂණයට ලක් කරන්නේය. කවරෙකු මෙය පිළිගත්තේ ද ඔහුට තෘප්තිය ඇත. තවද කවරෙකු කෝප වූයේ ද ඔහුට උදහස ඇත. මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

එකිනෙකා අතර අන්යෝන්ය වශයෙන් උදව් උපකාර කර ගැනීම ගැන සඳහන් කරන්න.

එනම් යහපත් කටයුතු වලදී එකිනෙකා අතර අන්යෝන්ය වශයෙන් උදව් උපකාර කර ගැනීම
අන්යෝන්ය වශයෙන් උදව් උපකාර කර ගැනීම සඳහා උදාහරණ
(අනුන් සතු) අයිතීන් ලබාදීමේදී ඇති කර ගත යුතු සහයෝගීතාවය.
අපරාධ කරන්නාට ප්රතිචාර දැක්වීමට සහයෝගයෙන් කටයුතු කිරීම.
නැති බැරි අයගේ සහ අවශ්යතා ඇති අයගේ අවශ්යතා සපුරාලීමේදී සහයෝගයෙන් කටයුතු කිරීම.
සියලු යහපත සඳහා සහයෝගීතාවය දැක්වීම.
පාප ක්රියා, හානි සිදුකිරීම් සහ ආක්රමණ කිරීම් වැනි කරුණු වලට සහයෝගය නොදීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය. (සූරා අල් මාඉදා 5:2) නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. “විශ්වාස කරන්නාට තවත් විශ්වාස කරන්නෙකු සමඟ ඇති සම්බන්ධතාවය ගොඩනැඟිල්ලක් වැනිය, එය එකිනෙක ශක්තිමත් කරයි. මූලාශ්රය : බුහාරි හා මුස්ලිම්. නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. මුස්ලිම්වරයෙකු යනු (තවත්) මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකි. ඔහු ඔහුට වරදක් කරන්නේවත්, වැරදි කරන කෙනෙකුට ඔහුව භාර දෙන්නේවත් නැත. යමෙක් තම සහෝදරයාගේ අවශ්යතා ඉටු කරන්නේ නම්, අල්ලාහ් ඔහුගේ අවශ්යතා ඉටු කරයි; යමෙක් මුස්ලිම්වරයෙකුව ඔහුගේ කරදරවලින් මුදවන්නේ නම්, නැවත නැඟිටීමේ දිනයේදී අල්ලාහ් ඔහුගේ කරදර සමනය කරයි. තවද යමෙක් මුස්ලිම්වරයෙකුගේ (ඔහුගේ පාපය) වසන් කරන්නේ නම්, අල්ලාහ් ඔහුව (ඔහුගේ පාප) නැවත නැඟිටීමේ දිනයේ වසන්නේය." මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.

ප්රශ්න අංක 13. ලැජ්ජා වීමේ ගුණය සහ එහි වර්ග මොනවාද?

පිළිතුර 1. ලැජ්ජා වීමේ ගුණය අල්ලාහ්ගෙන් ය: එය ඔබව ඔහු (අල්ලාහ්) ට පාපී ක්රියා කිරීමට මග පාදන්නේ නැත.
2. මිනිසුන් ඉදිරියේ ලැජ්ජාවෙන් කටයුතු කිරීම යනු: අසභ්ය කතාවලින් වැළකීම සහ කෙනෙකුගේ රහස්ය තැන් හෙළිදරව් නොකිරීම මෙයට ඇතුළත් වේ.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ, "ඊමාන් (හෙවත් විශ්වාසය) ට ශාඛා හැත්තෑවකට වඩා හෝ ශාඛා හැටකට වඩා ඇත - එහි ඉහළම ප්රකාශය නම්: 'අල්ලාහ් හැර වන්දනාමානය කිරීමට වෙන කිසිවෙකු නැත' යන්නයි. එයින් අවම දෙය වන්නේ හානිකර දෙයක් මාර්ගයෙන් ඉවත් කිරීම වේ. තවද ලැජ්ජා වීමේ ගුණය ඊමාන් (හෙවත් විශ්වාසයෙ) හි ශාඛාවකි." මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

ප්රශ්න අංක14. කරුණා ගුණයන්හි ලක්ෂණ මොනවාද?

පිළිතුර - වැඩිහිටියන්ට දයාව හා ගෞරවය දැක්වීම
තරුණයින්ට සහ කුඩා වයසේ පසුවන දරුවන්ට කරුණාව දයාව දැක්වීම.
දුප්පතුන්, අසරණයන් සහ අවශ්යතා ඇති අය සඳහා කරුණා දයාව දැක්වීම.
සත්ත්වයින්ට හිංසා නොකිරීම සහ ආහාර පාන දී පෝෂණය කිරීමෙන් ආදරය දැක්වීම.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. දේවත්වය විශ්වාස කරන්නන් ඔවුන් එකිනෙකා අතර සෙනෙහස පෑමෙහි ද, ඔවුන් එකිනෙකාට කරුණාවෙන් කටයුතු කිරීමෙහි ද, ඔවුන් එකිනෙකා ආදරය කිරීමෙහි ද උපමාව වනුයේ ශරීර අවයවයක් වේදනා විදින විට, ශරීරයේ සෙසු අවයව (එහි බලපෑම නිසා) නින්දට නොයා හා උණ ගැනීමෙන් එයට (ඒ වේදනාවට) හවුල් වන ශරීරයේ උපමාව මෙනි. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්. අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නා නුඹලාට කරුණා කරනු ඇත. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත

ප්රශ්න අංක: 15 ආදරය, දයාව සහ එහි වර්ග මොනවාද?

පිළිතුර: උත්තරීතරවූ අල්ලාහ් කෙරෙහි ආදරය දැක්වීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
විශ්වාස කළවුන් අල්ලාහ්ට දැඩි ලෙස ප්රිය කරන්නන් වෙති. (සූරතුල් බකරා 2:165)
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි ආදරය දැක්වීම.
එතුමාණෝ මෙසේ පැවැසූහ. “මාගේ ප්රාණය කවරෙකුගේ අතේ තිබේද, (ඔහු මත දිවුරා පවසමි) ඔබ අතර කෙනෙක් සිය දෙමාපියන්ට වඩා සහ සිය දරුවන්ට වඩා මා ඔහුගේ අධික ආදරයට පත් කර ගන්නා තුරු ඔහු සැබෑ විශ්වාසය තැබු කෙනෙක් බවට පත් වන්නේ නැත.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්රය බුහාරි
විශ්වාස කරන්නන්ට ප්රේමය දක්වන්න, ඔබ ඔබට ආදරය කරන ආකාරයටම ඔවුන්ගේ යහපත වෙනුවෙන් (කටයුතු කිරීමට) ප්රිය කරන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. ඔබ අතරින් කිසිවකු තමන් ප්රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත් ප්රිය කරන තෙක් ඔහු විශ්වාස කරන්නෙකු නොවන්නේය. මූලාශ්රය බුහාරි

ප්රශ්න අංක16. සැහැල්ලු සිත ගැන නිර්වචනය කරන්න

පිළිතුර - මිනිසුන් මුණගැසෙන විට ප්රීතියෙන්, සිනහවෙන්, කරුණාවෙන් යුතුව මුහුණේ ඉරියව් සන්නිවේදනය කිරීම.
එය මිනිසුන් ඉදිරියේ මුහුණ හකුළා ගැනීමේ පුරුද්දට ප්රතිවිරුද්ධය, මෙය, මිනිසුන් විසින් ඔවුන්ව පලවා හරියි.
මෙහි වැදගත්කම ගැන සඳහන් නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන්ගේ උපදෙස් බොහෝ ඇත. යහපත් කටයුතු අතරින් කිසිවක් ඔබ හෙළා නොදකින්න. එය ඔබේ සහෝදරයාව සිනහමුසු මුහුණින් හමුවීම වුවද විය හැක. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි. අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. “ඔබගේ සහෝදරයා සිනාමුසු මුහුණින් පිළිගැනීම කුසල් ක්රියාවකි” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

ප්රශ්න අංක 18. ඊර්ෂියාව යනු කුමක්ද?

පිළිතුර - අන් අයට ලැබී තිබෙන ආශීර්වාදයන් දුරු වේවායි පැතීම හෝ අනුන්ට ලැබී තිබෙන ආශීර්වාදයන්ට ද්වේෂ කිරීම.
ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.) (සූරතුල් ෆලක්:5)
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. නුඹලා එකිනෙකා කෙරෙහි අමනාපයක් ඇති නොකරගන්න, ඊර්ෂ්යාවක් හෝ සතුරුකමක් ඇති කර නොගන්න; එකිනෙකාට පිටුපා නොසිටින්න. තවද අල්ලාහ්ගේ ගැත්තන් වශයෙන් සහෝදරයන් බවට පත් වන්න. බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත

ප්රශ්න අංක 18. උපහාසය යනු කුමක්ද?

පිළිතුර - එය ඔබගේ මුස්ලිම් සහෝදරයාට සමච්චල් කිරීම සහ පහත් කොට සැළැකීම වේ. මෙය සිදු නොවිය යුතුයි.
අල්ලාහ් මෙය තහනම් කරමින් මෙසේ පවසයි. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසකට සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. එමෙන්ම කාන්තාවෝ තවත් කාන්තාවන්ට සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. තවද නුඹලා අතර දොස් නොකියනු. තවද පටබැඳි නම් වලින් නුඹලා එකිනෙකා ආමන්ත්රණය නොකරනු. දේව විශ්වාසයෙන් පසු ව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරුය. තවද කවරෙකු පාප සමාව අයැද නොසිටියේද එවිට ඔවුහුමය අපරාධකරුවෝ. (සූරත් අල්හුජ්රාත් 49:11)

ප්රශ්න අංක19. නිහතමානිකම නිර්වචනය කරන්න?

පිළිතුර- පුද්ගලයෙකු මිනිසුන් ඉදිරියේ තමාව උසස් කොට නොපෙන්වීමයි. තවද මිනිසුන් හෙළා නොදැකීම හා සත්යය ප්රතික්ෂේප නොකිරීමයි.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි:
තවද මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානී ව ගමන් කරති. සූරත් අල්ෆුර්කාන් 25:63 එනම් - නිහතමානී පුද්ගලයින්. අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. කෙනෙකු අල්ලාහ් උදෙසා අවංක ලෙස යටහත් පහත් වන්නේද අල්ලාහ් ඔහුගේ තත්වය උසස් කරනු මිස නැත. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි. නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ. "සැබැවින්ම, කෙනෙකු තවත් කෙනෙකුට උඩංගු නොවන ලෙසත්, කෙනෙකු තවත් කෙනෙකුට පීඩා නොකර ලෙසත්, ඔබ නිහතමානි විය යුතු බවත් දෙවියන් වහන්සේ මට හෙලිදර කර ඇත." මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

තහනම් කරන ලද අහංකාරකමේ වර්ග මොනවාද?

පිළිතුර - 1. සත්යය ප්රතික්ෂේප කිරීම, එය නොපිළිගැනීම සහ සත්යයට විරුද්ධව උඩඟුකමින් කටයුතු කිරීම.
2. මිනිසුන් කෙරෙහි උඩඟුකමින් කටයුතු කිරීම, එනම් ඔවුන්ව පහත් කොට සැලකීම සහ අවතක්සේරු කිරීමයි.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. කවරෙකුගේ හදවත තුළ අණු ප්රමාණයක තරම් අහංකාරය ඇත්තේ ද ඔහු ස්වර්ගයට නොපිවිසෙනු ඇත. එවිට පුද්ගයෙකු මෙසේ විචාලේය. "ඇත්ත වශයෙන්ම පුද්ගලයෙකු තම ඇඳුම අලංකාර විය යුතුයි යනුවෙන් සහ ඔහුගේ පාවහන් අලංකාර විය යුතුයි යනුවෙන් ප්රිය කරයි." එවිට මුහම්මද් (සල්) තුමාණන් මෙසේ ප්රකාශ කළේය: නියත වශයෙන්ම අල්ලාහ් අලංකාර වන අතර ඔහු අලංකාරය ප්රිය කරයි. උඩඟුකම යනු සත්යය පිළිකුල් කිරීම සහ මිනිසුන්ව පිළිකුල් කිරීමයි. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
- සත්යය ප්රතික්ෂේප කිරීම.
-මිනිසුන් දෙස පහත් කොට බැලීම: ඔවුන්ව හෙළා දැකීම.
හොඳ ඇඳුමක් ඇඳීම සහ හොඳ පාවහනක් පැළැඳීම අහංකාරකම නොවේ.

ප්රශ්න අංක 21. තහනම් කරන ලද, වංචා සහගත ගුණයේ වර්ග කිහිපයක් සඳහන් කරන්න?

පිළිතුර - මිලදී ගැනීමේදී සහ විකිණීමේදී භාණ්ඩයේ දෝෂය වසන් කිරීම වංචා සහගත ක්රියාවන්ය.
-අධ්යාපනය හැදෑරීමේදී සිදු කරනු ලබන වංචාව, ඒ වගේම සිසුන් විසින් විභාගයේදී (කොපි කිරීම වැනි) වංචාවෙහි යෙදීම.
බොරු සාක්ෂි කියමින් වචනය තුලින් වංචා කිරීම.
- ඔබ පවසන දේ සහ ඔබ මිනිසුන් සමඟ එකඟ වන දේ ඉටු නොකිරීම.
(ව්යාපාර කටයුුතුවලදී) වංචා කිරීම තහනම් කිරීම (සම්බන්ධයෙන් සිදුවීමක්) මෙසේය, වරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ) ආහාර ගොඩ ගසා විකුණන ස්ථානයක් පසු කරමින් යනවිට, එතුමාණන් සිය අත එහි (ආහාර ගොඩ තුල) එබූ අතර එතුමාගේ ඇඟිලි තෙත් විය, එවිට එතුමා වෙළෙන්දා අමතා මෙසේ පැවසීය: “ආහාර අයිතිකරුවාණෙනි! මේ මොකක්ද?" එවිට ආහාර අයිතිකරු, "අල්ලාහ්ගේ දූතයාණෙනි!වර්ෂාව නිසා මේවා තෙත් විය " යනුවෙන් පැවැසුවේය. එවිට එතුමාණන් මෙසේ පැවැසුහ. “ඇයි මිනිස්සුන්ට පෙනෙන විදියට මෙම ආහාර උඩින් දැම්මේ නැත්තේ? අනුන්ට වංචා කරන්නා මාගෙන් කෙනෙකු නොවේ. ” මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
අස්සුබ්රා යනු ආහාර ගොඩකි.

ප්රශ්න අංක 22. කේලාම් කීම යනු කුමක්ද?

පිළිතුර - එය ඔබගේ මුස්ලිම් සහෝදරයා නොමැති අවස්ථාවක (ඔහු ගැන) ඔහු පිළිකුල් කරන දෙයක් සඳහන් කිරීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නොකිව යුතුය. නුඹලා අතරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්රිය කරන්නේ ද? නුඹලා එය පිළිකුල් කරන්නෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නාය; මහා කරුණාන්විතය. (සූරත් අල්හුජ්රාත් 49:11)

ප්රශ්න අංක 23. ඕපාදූප කතා කිරීම යනු කුමක්ද?

පිළිතුර - මිනිසුන් අතර රණ්ඩු දබර ඇති කිරීමේ අරමුණින් අනුන්ගේ පෞද්ගලික දේවල් පිළිබඳ (තැනින් තැන) කීම.
අල්ලාහ්ගේ දූතයාණන් පවසා ඇත. ඕපාදූ කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

ප්රශ්න අංක 24. කම්මැලිකම යනු කුමක්ද?

පිළිතුර- එනම්, යහපත් දේ කිරීමට සහ පුද්ගලයෙකු විසින් කළ යුතු දේ කිරීමට පසුගාමී වීම.
රාජකාරි කිරීමේදී කම්මැලිකමින් සිටීමද මෙයට ඇතුලත් වේ.
ඒ ගැන අනතුරු අඟවමින් අල්කුර්ආනය මෙසේ විස්තර කරයි:
ඇත්තෙන්ම කුහකයන් අල්ලාහ් රවටන්නට අදහස් කරති. එහෙත් (අල්ලාහ්) ඔහු, ඔවුන් රැවටට්ටුවෙය. තවද ඔවුන් සලාත් කිරීමට (පිවිස) නැගිට සිටින කම්මැලිකමෙන්, (තමන් සලාත් කරන්නන් බවට) මිනිසුන්ට පෙන්වීම පිණිස (නැගිට) සිටින්නෝය. තවද ඔවුහු ඉතා ස්වල්ප වශයෙන් මිස අල්ලාහ්ව මෙනෙහි නොකරන්නෝය.' සූරත් අන්නිසා 4:42
එබැවින් විශ්වාස කරන්නා විසින් කම්මැලිකම, උදාසීනත්වය සහ අක්රියාකාරි අත්හැර, සර්වබලධාරි අල්ලාහ් සතුටු වන ආකාරයෙන් මේ ජීවිතයේ සියලු වැඩ කටයුතු එහි බැරෑරුම්කම තේරුම් ගෙන උත්සාහයෙන් යුක්තව කටයුතු කිරීමට වගබලාගත යුතුයි.

ප්රශ්න අංක 25. කෝපයේ වර්ග සඳහන් කරන්න?

පිළිතුර - 1. ප්රශංසා කළ හැකි කෝපය: උත්තරීතරවූ අල්ලාහ් වෙනුවෙන් කෝපයට පත් වීම. එනම් අවිශ්වාස කරන්නන්, කුහකයින් හෝ වෙනත් අය විසින් අල්ලාහ්ගේ ශුද්ධවන්ත කමට අපහස සිදු කළ විටක ඇති විය යුතු කෝපය.
2- නින්දා සහගත කෝපය : පුද්ගලයෙකු විසින් නොකිව යුතු දේ කීමට සහ කිරීමට මග සලස්වන කෝපයයි.
නින්දා සහගත කෝපයට ප්රතිකාර.
වුදූ හෙවත් අර්ධ දෝවනය
සිටගෙන සිටිනවා නම්, වාඩිවීම, වාඩිවී සිටිනවා නම් පැත්තට ඇලවීම.
මේ සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමාගේ දේශනාවක් වන "කෝප නොවන්න." යන උපදෙස් පිළිපැදීම.
කෝප වූ විට ඇති වෙන ආවේගශීලී බව පාලනය කර ගැනීම සඳහා,
පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීම.
නිහඬියාව.

ප්රශ්න අංක 26. ඔත්තු බැලීම යනු කුමක්ද?

පිළිතුර- එය මිනිසුන්ගේ වැරදි අඩුපාඩු සහ ඔවුන් සඟවන දේ හඳුනා ගැනීම සහ සෙවීමයි.
ඒ සඳහා උදාහරණ.
- නිවෙස්වල මිනිසුන්ගේ අඩුපාඩු දැකීම.
මිනිසුන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ කථාවට සවන් දීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
‛ඔබලා (අනුන්ගේ) වරද නොසොයනු. (අල්කුර් ආන්). (සූරත් අල්හුජ්රාත් 49:12)

ප්රශ්න අංක 27. නාස්තිය යනු කුමක්ද? මසුරුකම යනු කුමක්ද? සහ ත්යාගශීලීත්වය යනු කුමක්ද?

පිළිතුර- නාස්තිය: එනම් අසාධාරණ ලෙස මුදල් වියදම් කිරීම.
එහි ප්රතිවිරුද්ධ දෙය මසුරුකමයි:
එය කෙනෙකුගේ අයිතිය නොදී රඳවා තබා ගැනීමයි.
නිවැරදි ක්රමය නම් මේ දෙක අතර මධ්යස්ථ පිළිවෙත අනුගමනය කිරීමයි , තවද මුස්ලිම්වරයා ත්යාගශීලී විය යුතුයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති නොකරති. තවද මසුරු ද නොවෙති. ඒ අතර මැද මාවතක් විය. සූරත් අල්ෆුර්කාන් 25:67

ප්රශ්න අංක 28. බියගුලුකම යනු කුමක්ද? නිර්භීතකම යනු කුමක්ද?

පිළිතුර - බියගුලුකම යනු: බිය නොවිය යුතු දේ ගැන බිය වීමයි.
උදාහරණයක් ලෙස සත්යය පැවසීමට සහ නපුර ප්රතික්ෂේප කිරීමට ඇති බිය.
නිර් භීතකම:
එනම් එය නිවැරදි දේ කිරීමේ නිර් භීතකම වන අතර එය ඉස්ලාමය සහ මුස්ලිම්වරුන් ආරක්ෂා කිරීම සඳහා ජිහාද් සඳහා වූ නිර් භීතකම වේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ යාච්ඤා කළේය. "අහෝ අල්ලාහ්! මම ඔබෙන් බියගුලුකමින් ආරක්ෂාව පතමි." අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. "ශක්තිමත් විශ්වාස කරන්නෙකු. දුර්වල විශ්වාස කරන්නෙට වඩා අල්ලාහ්ට වඩා හොඳ සහ වඩාත් ආදරණීය වන අතර සෑම කෙනෙකු තුළම යහපතක් ඇත." මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

ප්රශ්න අංක 29. දිවෙන් පිටවන තහනම් කියමන් කිහිපයක් සඳහන් කරන්න?

පිළිතුර - උදාහරණයක් ලෙස බැනීම, සාප කිරීම.
පුද්ගලයෙකු විසින් තවත් කෙනෙකුට " තිරිසනා " යනුවෙන් පැවැසීම හෝ එවැනි වෙනත් පහත් වචන භාවිතා කිරීම.
එසේත් නැතිනම් අසභ්ය වචන සහ පහත් වචන භාවිතා කිරීම.
ඉහත සඳහන් කරුණු සියල්ලක්ම නොකරන ලෙස නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් පවසා ඇත. මහත් සේ දොස් නගන්නා හෝ ශාප කරන්නා හෝ දුෂ්ටකම් කරන්නා හෝ අසභ්ය වචන කතා කරන්නා හෝ පූර්ණ දේව විශ්වාසියෙකු වන්නේ නැත. මෙය ඉමාම් තිරමිදි හා ඉමාම් ඉබ්නු හිබ්බාන් විසින් දන්වා ඇත.

ප්රශ්න අංක 30.මුස්ලිම්වරයෙකුට යහපත් සදාචාරයන් අනුගමනය කිරීමට උපකාර වන හේතු සඳහන් කරන්න?

පිළිතුර 1.උත්තරීතරවූ අල්ලාහ් ඔබට යහපත් හැසිරීම් වලින් ආශීර්වාද කර ඒ සඳහා ඔබට උපකාර කරන ලෙස ප්රාර්ථනා කර සිටීම.
2-සර්වබලධාරී අල්ලාහ් ඔබව නිරීක්ෂණය කරන බවත්, ඔහු ඔබව හොඳින් දන්නා බවත්, ඔබට සවන් දෙන බවත්, ඔබව දකින බවත් ඔබ විසින් දැන සිටීම.
3-යහපත් හැසිරීම් වලින් ලැබෙන (මහඟු) ප්රතිඵල ගැන සහ ඒවා ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන බව මෙනෙහි කිරීම.
4- අයහපත් හැසිරීම් වලින් ලැබෙන (අනතුරුදායක) ප්රතිඵල ගැන සහ ඒවා නිරයට පිවිසීමට හේතුවක් වන බව මෙනෙහි කිරීම.
5-යහපත් පුරුදු සර්වබලධාරී අල්ලාහ්ට සහ ඔහුගේ මැවිල්ලට ආදරය ගෙන එයි, නරක පුරුදු අල්ලාහ්ට සහ ඔහුගේ මැවිල්ලට කෝපය ගෙන දෙයි.
6- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ චරිතාපදානය කියවීම, සහ එතුමාගේ ආදර්ශය අනුගමනය කිරීම.
7- යහපත් මිනිසුන් ඇසුරු කිරීම සහ නරක මිනිසුන්ගේ ඇසුරෙන් වැළකී සිටීම.

මෙනෙහි කිරීමේ වදන් සහ ප්රාර්ථනා පිළිබඳ කොටස43

ප්රශ්න අංක 1,දික්ර් හෙවත් මෙනෙහි කිරීම් හි වැදගත් කම කුමක්ද?

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ. තම පරමාධිපතියාණන් මෙනෙහි කරන අයටත්, මෙනෙහි නොකරන අයටත් උපමාව ජීවතුන් අතර සිටින්නෙකු හා මියගිය කෙනෙකු අතර තිබෙන්නා වූ වෙනස යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්රකාශ කළහ. (බුහාරි) මූලාශ්රය බුහාරි
- මෙයට හේතුව පුද්ගලයෙකුගේ ජීවිතයේ වටිනාකම සර්වබලධාරි අල්ලාහ්ව සිහිපත් කිරීම මත රඳා පවතින බැවිනි.

ප්රශ්න අංක 2. මෙයින් ලැබෙන යහපත් කිහිපයක් සඳහන් කරන්න.

පිළිතුර- 1.කාරුණික අල්ලාහ්ගේ තෘප්තිය.
2- ශයිතාන්ව පළවා හැරීම
3- නරක දේවල්වලින් මුස්ලිම් වරයෙකු යහපත් තත්වයට පත් වීම
4- යහපත් ප්රතිඵල සහ කුසල් ලැබීම

ප්රශ්න අංක 3. හොඳම සිහිපත් කිරීම මොනවාද?

"ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත) යන ප්රකාශයයි. මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

ප්රශ්න අංක 4- ඔබ නින්දෙන් අවදි වූ විට පවසන්නේ කුමක්ද?

"අල්ලාහ් දෙවිඳාණන්ට සියලු ප්රසංශා හිමිවේවා! ඔහු අප මරණයට පත්කළ පසුව අපට ප්රාණය ලබා දුන්නේය. තවද අප නැවත යා යුතුව ඇත්තේ ඔහු වෙතය." බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.

ප්රශ්න අංක 5. ඔබ ඔබේ ඇඳුම අඳින විට පැවැසිය යුත්තේ කුමක්ද?

අල්හම්දු ලිල්ලාහිල්ලසී කසානි හාදා, වරzසකනීහි මින් ගෛරී හව්ලින් මින්නී වලා කුව්වත.තේරුම :- සියලු ප්රසංශා අල්ලාහ් දෙවිඳාණන්ට හිමි වේවා. කිසිම ශක්තියක් හෝ හැකියාවක් නැති තත්ත්වක මා සිටිය දී මට මෙම වස්ත්රය ලබා දී ඇඳගන්නට සැලැස්සුවේය. මෙය අබූ දාවූද්, තිර්මිදි, සහ අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.

ප්රශ්න අංක 6- ඔබ ඇඳ සිටින ඇඳුම ගැලෙව්වොත් කිව යුතු ප්රාර්ථනාව මොකක්ද?

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

ප්රශ්න අංක 7. ඔබ අඵත් වස්ත්රයක් අදින විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

අල්ලාහුම්ම ලකල් හම්දු අන්ත කසව්තනීහි, අස් අලුක මින් ගෛරිහි වගෛරි මා සුනිඅ ලහූ, ව අඌදුබික මින් ෂර්රිහී වෂර්රි මා සුනිඅ ලහු’ තේරුම:- යා අල්ලාහ් සියඵ ප්රසංශා හිමිවන්නේ ඔබටය. මෙය මට පැළඳවූයේ ඔබය. එහි ඇති යහපත හා කුමක් සදහා එය සාදනු ලැබුවවේ ද එහි ඇති යහපත ද ඔබෙන් මම අයැද සිටිමි. එහි ඇති හානියෙන් හා කුමක් සඳහා එය සාදනු ලැබුවවේ ද එහි ඇති හානියෙන් ආරක්ෂාව මම ඔබෙන් අයැද සිටිමි. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත

අළුත් ඇඳුමක් පැළඳගත් කෙනෙකුට කරන ප්රාර්ථනාව

පිළිතුර - ඔබ වෙනත් කෙනෙකුට අලුත් ඇඳුමක් ඇඳ සිටිනවා දුටුවහොත්, එවිට මෙසේ යාච්ඤා කරන්න. තුබ්ලි ව යුහ්ඃලිෆුල්ලාහු තආලා. තේරුම:- මෙය දීර්ඝ කාලයක් ඇඳීමෙන් පසු පලූදු වී යයි. එය වෙනුවට අල්ලාහ් තආලා වෙන වස්ත්රයක් ලබා දෙත්වා!. ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

ප්රශ්න අංක 11 : තමන් ශාරීරික අවශ්යතා ඉටු කරන ස්ථානය වන වැසිකිළියට ඇතුළු වීමේදී කියන ප්රාර්ථනාව සඳහන් කරන්න?

"අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් හුඃබුසි වල් හඃබාඉස්." අහෝ අල්ලාහ්! පුරුෂ ෂෙයිතානුන්ගෙන් හා ස්ත්රී ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි. බුහාරි හා මුස්ලිම්.

ප්රශ්න අංක 10. වැසිකිළියෙන් බැහැර වීමේදී කියන ප්රාර්ථනාව සඳහන් කරන්න?

ගුෆ්රානක - තේරුම: යා අල්ලාහ් ඔබෙන් සමාව අයද සිටිමි. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත

ප්රශ්න අංක 11. වුළු (අර්ධ ධෝවනය) අවසන් කිරීමට පෙර කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි මෙය ඉමාම් අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත.

ප්රශ්න අංක 12. වුළු (අර්ධ ධෝවනය) අවසන් කිරීමෙන් පසු කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

"අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු." (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් ඔහු ඒකීය බවත් ඔහුට කිසිදු හවුල් කරුවකු නොමැති බවත් මම සාක්ෂි දරමි. තවද සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා බවත් ඔහුගේ ධර්ම දූතයාණන් බවත් මම සාක්ෂි දරමි. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

ප්රශ්න අංක 12. නිවසින් පිටව යන අවස්ථාවේ කළ යුතු ප්රාර්ථනාව

බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි, වලාහව්ල වලාකුව්වත ඉල්ලා බිල්ලාහි තේරුම:අල්ලාහ්ගේ නාමයෙනි, මාගේ සියලු කටයුතු අල්ලාහ් වෙත භාර කරමි. ඔහු පමණක් විශ්වාස කරමි. තවද අල්ලාහ් හැර වෙනත් කිසිම ශක්තියක් හෝ බලයක් නැත. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත

ප්රශ්න අංක 14. නිවසට යළි පැමිණෙන අවස්ථාවේ කළ යුතු ප්රාර්ථනාව.

බිස්මිල්ලාහි වලජ්නා වබිස්මිල්ලාහි හඃරජ්නා වඅලල්ලාහි රබ්බිනා තවක්කල්නා. තේරුමඃ අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමු. තවද අල්ලාහ්ගේ නාමයෙන් පිටත් වුනෙමු. අපේ පරමාධිපතියාණන් වන අල්ලාහ් දෙවිඳාණන් මතම (අපගේ සියලූ කාර්යයන් පවරා) විශ්වාසය තබමු. ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

ප්රශ්න අංක 15. මස්ජිදයට ඇතුළුවීමේ දී පවසන දුආ කුමක්කද?

පිළිතුර - "අල්ලාහුම්ම අෆ්තහ්ලි අබ්වාබ රහ්මතික." යා අල්ලාහ් ඔබේ කරුණාවේ දොරටුව විවර කර දෙන්න. (ග්රන්ථය - මුස්ලිම්)

ප්රශ්න අංක 16 :මස්ජිදයෙන් පිටවී යන විට කිව යුතු (දුආ) ප්රාර්ථනාව කුමක්ද?.

අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් පද්ලික- යා අල්ලාහ්! මා ඉල්ලන්නේ ඔනේමය. කරුනා කරනු මැනව.ග්රන්ථය මුස්ලිම්)

ප්රශ්න අංක 17 : අදාන් ඇරයුම ශ්රවණය කරන විට කිව යුතු දුආ ප්රාර්ථනාව.

පිළිතුර- මුඅද්දින් කියන ආකාරයට පැවැසීම. නමුත් මුඅද්දින් විසින් «හයියඅලස් සලාහ්» සහ«හයිය අලල් ෆලාහ්» යනුවෙන් පවසන විට: «ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ් » යනුවෙන් පැවැසීම. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.

ප්රශ්න අංක 18 : අදානයෙන් පසු පවසන්නේ කුමක්ද?

පිළිතුර - මුහම්මද් නබි (සල්ලල්ලාහු අෙලෙහිව සල්ලම්) තුමාණන් වෙත සලවාත් කීම. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි. අල්ලාහුම්ම රබ්බ හාදිහිද් දඃවතිත් තාම්මා වස්සලාතිල් කාඉමා ආති මුහම්මදන් අල් වසීලත වල් ෆළීලා. වබ්අස්හු මකාමන් මහ්මූදනිල්ලදී වඅද්තහ් (ඉන්නකලා තුක්ලිෆුල් මීආද්). තේරුම: මෙම පරිපූර්ණ වූ කැඳවුමෙහි හා ස්තීරවූ සලාතයේ ඇරයුමකි. පරමාධිපතියාණෙනි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ඔබගේ සමීපභාවය හා මහිමය ලබා දෙනු මැනව. ඔබ පොරොන්දුවූ මකාමන් මහුමූදාවෙහි (විශිෂ්ඨ ස්ථනායෙ) හි එතුමාණන්ව නැගිට වනු මැනව.ඇත්තවශයෙන්ම ඔබේ පොරොන්දුව කිසිවිටක පටහැනි නොවන්නේය. බුහාරි
අදාන් සහ ඉකාමත් අතර දුආ ප්රාර්ථනා කිරීම

ප්රශ්න අංක 19. උදේ හවස පාරායනය කළ යුතු ප්රාර්ථනාවන් කුමක්ද?

පිළිතුර 1. ආයතුල් කුර්සී. අල්ලාහු ලාඉලාහ ඉල්ලාහුවල් හයියුල් කයියූම් ලා තඋහුදුහු සිනතුන් වලා නව්ම්, ලහූ මා ෆිස්සමාවාති වමා ෆිල්-අර්ලි මන් දල්ලදී යෂ්ෆඋ ඉන්දහු ඉල්ලා බි ඉද්නිහි, යඃලමු මා බයින අයිදීහිම් වමා හඃල්ෆහුම්, වලා යුහීතූන බි ෂෙයිඉන් මින් ඉල්මිහි, ඉල්ලා බිමාෂාඅ, වසිඅ කුර්ෂියියුහුස් සමාවාති වල්-අර්ළ වලා යඌදුහු හිෆ්ලූහුමා වහුවල් අලියියුල් අලීම්.
තේරුම- අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය.මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්රහණය නොකරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත්වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්රහණය නොකරති. ඔහුගේ ආසනය අහස් හි හා මහපොළොවෙහි ව්යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය.[255]. (සූරතුල් බකරා 2:255) 2- බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්. (1) (නබි මුහම්මද්!) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය. (2) අල්ලාහ් ස්වාධීනය. (3) ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. (4) තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. තුන් වතාවක් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි. (1) “(නබිවරය!) අරුණෝදයේ පරමාධිපතිගෙන් මම ආරක්ෂාව පතමි යැයි පවසනු.” (2) “ඔහු මැවූ දෑහි හානියෙන්...” (3) තවද අඳුර විහිදුණු විට එහි හානියෙන්, (4) තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන්, (5) තවද, ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන්ද (ආරක්ෂාව පතමි.) තුන් වතාවක් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි. 1. (නබි මුහම්මද්!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. 2. (ඔහු) මිනිසුන්ගේ රජුය. 3. මිනිසුන්ගේ දෙවියාය. 4. (නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ඔහුගෙන් ආරක්ෂාව පතමි.) 5. ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි. 6. (ඇසෙන නොපෙනෙන ජීවී විශේෂයක් වූ) ජින්නුන්ගෙන්ද මිනිසුන්ගෙන්ද වෙයි. තුන් වතාවක් අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත හඃලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවඃදික මස්තතඃතු අඌදු බික මින් ෂර්රි මා සනඃතු අබූඋ ලක බිනිඃමතික අලෙයිය වඅබූඋ බිදන්බී ෆඃෆිර්ලි ෆඉන්නහූ ලා යඃෆිරුද් දුනූබ ඉල්ලා අන්ත.තේරුම:- යා අල්ලාහ්! ඔබ මගේ පරමාධිපතියාණන්ය. නැමදීමට එකම සුදුස්සා ඔබ හැර අන් කිසිවෙකු නැත. ඔබ මාව මැව්වේය. මම ඔබේ ගැත්තෙකු වෙමි. මම ඔබේ ගිවිසුමට අවනත වී මට හැකි උපරිමයෙන් පොරොන්දු ඉෂ්ඨ කරමි. මම කළ දෑහි නපුරෙන් ඔබගෙන් ආරක්ෂාව පතමි, ඔබ මට ලබා දී ඇති ආශිර්වාදයන් මගින් මා ඔබ වෙතම හැරෙන්නෙමි. තවද මා කළා වූ පාප කර්මයන් මම පිළිගනිමි. එබැවින් මට සමාව දෙනු මැනව. නිශ්චය වශයෙන්ම ඔබ හැර පාපයන් සඳහා සමාව දීමට වෙන කිසිවෙකු නැත. මූලාශ්රය බුහාරි

ප්රශ්න අංක 20. නින්දට යන විට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?

පිළිතුර. බිස්මික අල්ලාහුම්ම අමූතු වඅහ්යා.තේරුම- යා අල්ලාහ්! ඔබේ නාමයෙන් මරණය ( හෙවත් නින්ද) ට පත්වෙමි. ඔබේ නාමයෙන්ම නැවත ජීවය ලබන්නමි. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.

ප්රශ්න අංක 21. කෑම කෑමට පෙර කිව යුතු යාච්ඤාව කුමක්ද?

පිළිතුර: බිස්මිල්ලාහ්. තේරුම= අල්ලාහ්ගේ නාමයෙනි
මුලදී එය කියන්නට අමතක වූ විටක මෙසේ පවසන්න.
«බිස්මිල්ලාහ් ෆී අව්වලිහි වආහිරිහි» ආරම්භයේදී සහ අවසානයේදී අල්ලාහ්ගේ නාමයෙනි. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත

ප්රශ්න අංක 22. ආහාර අනුභව කර අවසන් වූ මොහොතේ කිව යුතු ප්රාර්ථනාව.

අල්හම්දු ලිල්ලාහිල්ලසී කසානි හාදා, වරzසකනීහි මින් ගෛරී හව්ලින් මින්නී වලා කුව්වත. තේරුම :- සියලු ප්රසංශා අල්ලාහ් දෙවිඳාණන්ට හිමි වේවා.කිසිම ශක්තියක් හෝ හැකියාවක් නැති තත්ත්වයක සිටිය දී මට මෙම ආහාරය ලබා දී අනුභව කිරීමට ඔහු සැලැස්සුවේය. (මූලාශ්රය: අබූ දාවූද්, ඉබ්නු මාජා සහ වෙනත් අය)

ප්රශ්න අංක 23. ආගන්තුකයා විසින් ආහාරය සඳහා ඇරැයුම් කළ තැනැත්තාට කරන යාච්ඤාව කුමක්ද?

අල්ලාහුම්ම බාරික් ලහුම් ෆීමා රසක්තහුම්, වග්ෆිර් ලහුම් වර්හම්හුම්. තේරුම- යා අල්ලාහ්! ඔබ යම් දෙයක් ඔවුන්ට ලබා දුන්නේ නම් ඒ තුලින් ඔවුන්ට අභිවෘද්ධිය ඇති කරනු මැනව’ ඔවුන්ගේ පව්වලට කෂමා කර කරුණාව දක්වනු මැනව. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

ප්රශ්න අංක 24. කෙනෙකුට කිමුහුමක් යනවිට පැවැසිය යුත්තේ කුමක්ද?

අල්හම්දු ලිල්ලාහ්. තේරුම නිියත වශයෙන්ම සියලු පැසසුම් අල්ලාහ් සතුය
3- එවිට (අවට සිටින) ඔහුගේ සහෝදරයා හෝ මිතුරා, "යර්හමුකල්ලාහ් " අල්ලාහ් ඔබට අනුකම්පා කරන සේක්වා! යනුවෙන් පවසයි.
ඔහු ඔහුට එසේ පැවසූ විට:
"යහ්දීකුමුල්ලාහ් වයස්ලහු බාලකුම් "අල්ලාහ් ඔබට මඟ පෙන්වමින් ඔබේ ආත්මභාවය යහපත් තත්වයට පත් කරත්වා යනුවෙන් (කිවිසුම පිට කළ තැනැත්තා) පවසයි. මූලාශ්රය බුහාරි

ප්රශ්න අංක 25. රැස්වීමක් අවසන් වී නැගිට සිටින විටක, “මජ්ලිස් යාච්ඤාව” පවසන්නේ කෙසේද?

‘සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලයික.’
(යා අල්ලාහ් ඔබගේ ප්රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ විය. ඔබ හැර නැමදුමට කිසිවකු නොමැති බව මම සාක්ෂි දරමි. මම ඔබෙන් පව් සමාව අයැදිමි. තවද ඔබ වෙත පසුතැවිලි වී හැරෙමි.) මෙය අබූ දාවූද්, තිර්මිදි, හා වෙනත් ඉමාම්වරු විසින් දන්වා ඇත.

ප්රශ්න අංක 26. වාහනයක නැග ගත් විටක කිව යුතු දුආ යාච්ඤාව.

බිස්මිල්ලාහි, අල්හම්දු ලිල්ලාහි. සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන් වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්. අල්හම්දු ලිල්ලාහ්, අල්හම්දු ලිල්ලාහ්, අල්හම්දු ලිල්ලාහ්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, සුබ්හානකල්ලාහුම්ම ඉන්නී ළලම්තු නෆ්සී ෆග්ෆිර්ලී ෆඉන්නහූ ලා යග්ෆිරුද්දුනූබ ඉල්ලා අන්ත.
තේරුම:
අල්ලාහ්ගේ නාමයෙනි, සියලූ ප්රශංසා අල්ලාහ්ටමය. මෙය අප හට මැඩපවත්වා දුන්නාවූ (අල්ලාහ්) සුවිශුද්ධය. ඒ සඳහා කිසිම හැකියාවක් අපට නොමැත. නියත වශයෙන්ම අපගේ පරමාධිපති වෙතම අපි නැවත යා යුත්තෝ වෙමු. සියලූ ප්රශංසා අල්ලාහ්ටමය. සියලූ ප්රශංසා අල්ලාහ්ටමය. සියලූ ප්රශංසා අල්ලාහ්ටමය. අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් අති ශ්රේෂ්ඨය, යා අල්ලාහ් ඔබ සුවිශුද්ධය. නියත වශයෙන්ම මා මටම අපරාධකරගත්තෙමි. එනිසා ඔබ මට සමාව ලබා දෙනු මැනව’ ඔබ හැර පව් සමාකරදීමට වෙන කිසිවකු නැත. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත

ප්රශ්න අංක 25. ගමනේදී කිව යුතු ප්රාර්ථනා

අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන් වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්. අල්ලාහුම්ම ඉන්නා නස්අලූක ෆ සෆරිනා හාදල් බිර්ර වත්තක්වා වමිනල් අමලි මා තර්ළා. අල්ලාහුම්ම හව්වින් අලයිනා සෆරනා හාදා වත්වි අන්නා බුඃදහූ. අල්ලාහුම්ම අන්තස් සාහිබු ෆිස් සෆරි වල්-හඃලීෆතු ෆිල්-අහ්ලි, අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් වඃසාඉස්-සෆරි ව කඅබතිල්-මන්ළරි වසූඉල් මුන්කලබි ෆිල් මාලි වල්-අහ්ලි.
තේරුම:
අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් අති ශ්රේෂ්ඨය, මෙය අප හට වසඟ කර දුන්නාවූ (අල්ලාහ්) සුවිශුද්ධය. ඒ සඳහා කිසිම හැකියාවක් අපට නොමැත. නියත වශයෙන්ම අපගේ පරමාධිපති වෙතම අපි නැවත යා යුත්තෝ වෙමු. යා අල්ලාහ්! මෙම ගමනේදී යහ පතද බියැබතිමත්භාවයද ක්රියාවලින් ඔබ පිළිගන්නා දෑද ඔබෙන් අයැද සිටින්නෙමු’ තවද යා අල්ලාහ්! අපේ මෙම ගමන පහසු කරනු මැනව’ එහි දුර කෙටිකර දෙනු මැනව. මෙම ගමනේ සගයා උරුමකරු ඔබයි’ පවුලේ නියෝජිතයාද ඔබයි. යා අල්ලාහ්! මෙම ගමනින් සිදුවිය හැකි වෙහෙසෙන්ද මගේ ඉරියව්වල වෙනස්වීමෙන්ද මගේ පවුලට හා මගේ ධනයට සිදුවිය හැකි නරකින්ද ආරක්ෂා කරන මෙන් මා ඔබෙන් පතමි.
ගමන් බිමන් ගොස් ආපසු හැරී පැමිණීමෙන් පසු මෙසේ ප්රාර්ථනා කළ යුතුයි.
ආයිබූන තාඉබූන ආබිදූන ලිරබ්බිනා හාමිදූන්. තේරුම -ආපසු හැරී නැවත සේන්දු වූවෙමු, පව්වලට පාපොච්චාරණය කරන්නේමු. අපගේ පරමාධිපතියාණන්ට නැමැදුම් කර ඔහු ප්රශංසා කරන්නෙමු. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

ගමනක යෙදෙන මගියෙකු විසින් කිව යුතු යාච්ඤාව.

අස්තව්දිඉකුමුල්ලාහ අල්ලදී ලා තළීඋ වදාඉඋහූ
තේරුම :- මම ඔබව අල්ලාහ් දෙවිඳාණන්ට භාර කරමි. ඔහු (අල්ලාහ්) භාර කළ යමක් වේද ඒ කිසිවක් අපතේ නොහරින්නේය. මෙය ඉමාම් අහ්මද්, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

ප්රශ්න අංක 29:සංචාරකයා සඳහා එහි පදිංචිකරු විසින් කළ යුතු යාච්ඤාව කුමක්ද?

අස්තව්දිඋල්ලාහ් දීනක වඅමානතක වහඃවාතීමු අමලික.තේරුම :- ඔබ අදහන ආගම් ධර්මයද, ඔබේ සුරක්ෂිතභාවය හා ඔබේ ක්රියාවන්හි අවසානය අල්ලාහ්ට භාර කරමි. මෙය ඉමාම් අහ්මද් හා ඉමාම් තිර්මිදි විසින් වාර්තා කොට ඇත.

ප්රශ්න අංක 30: වෙළඳ ස්ථානයකට ඇතුළු වන විට පවසන දුආ කුමක් ද?

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු යුහ්යී වයුමීතු, වහුවල් හයියු ලා යමූතු, බියදිහිල් හඃයිර්, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්
තේරුම- නැමදුමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු එකීයය. ඔහුට කිසිඳු හවුල් කරුවෙකු නොමත. සියලු පාලන ආධිපත්යයන් ඔහුටම හිමිය. සියලු ප්රසංශා හිමිවන්නේ ඔහුටය. ඔහු ජීවය ඇති කරවන්නේය. තවද ඔහු මරණයට පත් කරන්නේය. ඔහුගේ ජීවය නිත්යය, අකාලිකය, සියලු යහපත ඇත්තේ ඔහු සතුවය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය. මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

ප්රශ්න අංක 31. කෝපය ඇති වූ විටක කිව යුතු යාච්ඤාව කුමක්ද?

අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් "පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි." යැයි පාරායනය කිරීම. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.

ප්රශ්න අංක 32: ඔබට යහපතක් කළ කෙනෙකුට කිව යුතු ප්රාර්ථනාව කුමක්ද?.

ජසාකල්ලාහු හඃයිරා - තේරුම: අල්ලාහ් ඔබට යහපත් කුලිය ලබා දෙත්වා ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

ප්රශ්න අංක 33. වාහනයට අනතුරක් සිදු වු විට කිව යුතු අයැදීම කුමක්ද?

පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

ප්රශ්න අංක 34. ඔබ සතුටු වන දෙයක් ඔබට සිදු වුවහොත් ඔබ පැවැසිය යුත්තේ කුමක්ද?

අල්හම්දු ලිල්ලාහිල්ලදී බිනිඉමතිහි තතමි අස්සාලිහාති. තේරුම - ආශිර්වාදයෙන් සියලු යහකම් පූර්ණත්වයට පත් වන්නේද එවන් වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා මූලාශ්රය : ඉමාම් අල් හාකිම් ඇතුළු ව වෙනත් අය.

ප්රශ්න අංක 35. ඔබව පිළිකුලට පත්කරවන දෙයක් ඔබට සිදු වුවහොත් ඔබ පැවැසිය යුත්තේ කුමක්ද?

අල්හම්දු ලිල්ලාහ් අලා කුල්ලි හාල්. තේරුම-සෑම දැයකටම සියළු පැසසුම් අල්ලාහ්ටමය සහීහ් අල්ජාමිඅ්

ප්රශ්න අංක 36. සලාම් පැවැසීම සහ සලාම් සඳහා පිළිතුරු සැපැයී්මේ ක්රමය කුමක්ද?

පිළිතුර- මුස්ලිම්වරයෙකු මෙසේ සලාම් පවසයි. « අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු ».
ඔහුගේ සහෝදරයෙකු ඒ සඳහා පිළිතුරක් ලෙස මෙසේ පවසයි. "ව අලයිකුම් අස්සලම් වරහ්මතුල්ලාහි වබරකාතුහු ". ඉමාම් ඉමාම් අබූ දාවූද් හා වෙනත් ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.

ප්රශ්න අංක 37. වර්ෂාවක් ඇති වූ මොහොතක කිව යුතු යාච්ඤාව කුමක්ද?

අල්ලාහුම්ම සයියිබන් නාෆිඅන්.
තේරුම:
- යා අල්ලාහ් ! වර්ෂාව ප්රයෝජනවත් වර්ෂාවක් බවට පත් කරනු මැනව. අල් බුහාරි වාර්තා කරයි.

ප්රශ්න අංක 38. වර්ෂාවකට පසු කිව යුතු යාච්ඤාව කුමක්ද?

මුතිර්නා බිෆද්ලල්ලාහු ව රහ්මතුහු. තේරුම - අල්ලාහ්ගේ කරුණාවෙන් සහ ආශිර්වාදයෙන් අපට වර්ෂාව ඇති කරනු ලැබීය. මූලාශ්රය : බුහාරි සහ මුස්ලිම්.

ප්රශ්න අංක 39. සුළං හමන විට කිව යුතු යාච්ඤාව කුමක්ද?

අල්ලාහුම්ම ඉන්නී අස්අලූක හයිරහා වඅඌදුබික මින් ශර්රිහා. තේරුම- යා අල්ලාහ්!නියත වශයෙන්ම මම ඔබෙන් යහපත ඉල්ලා සිටින අතර අයහපත් දෙයින් ආරක්ෂාව ද පතමි. (මූලාශ්රය: අබූ දාවූද් සහ ඉබ්නු මාජා)

ප්රශ්න අංක 40.ගිගුරුම් ශබ්දය ඇසෙන විට කිව යුතු යාච්ඤාව මතකද?

සුබ්හානල්ලදී යුසබ්බිහුර් රඅදු, බිහම්දිහි වල් මලාඉකතු මින් හීෆතිහි. තේරුම - අල්ලාහ් දෙවිඳාණන් සුවිශුද්ධය. අකුණු හඬද ඔහුව ප්රශංසා කරයි. තවද මලක්වරු ඔහුට ඇති බිය නිසා ප්රශංසා කරති. මූලාශ්රය: මුවත්තා මාලික්

ප්රශ්න අංක 41. පරීක්ෂණයට ලක් වූ කෙනෙකු දුටු විට කළ යුතු අයැදීම කුමක්ද?

අල්හම්දු ලිල්ලා හිල්ලදී ආෆානී මිම්මා ඉබ්තලාක බිහි, වෆද්දලනී අලා කසීරින් මිම්මන් හඃලක තෆ්දීලා. තේරුම- අල්ලාහ් කුමන දෙයකින් ඔබව පරීක්ෂණයට ලක් කර ඇත්තේද, තවද ඔහු මවා ඇති බොහෝ අයවලුන්ට වඩා මා විශිෂ්ඨත්වයට පත් කළ ඒ අල්ලාහ්ටම සියලූ ප්රසංශා හිමිවේවා. ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

ප්රශ්න අංක 41. ඇස්වහ තුලින් තමන්ට යම්කිසි අයහපත් දෙයක් සිදුවේ යැයි බිය වූ විටක කිව යුතු ප්රාර්ථනාව.

‘නුඹලා අතරින් කෙනෙකු තම සහෝදරයාගේද, තමන් සතු දෙයක් කෙරෙහිද, නැත්නම් කෙනෙකුගේ ධන සම්පත්තියක් කෙරෙහිද පුදුමයට පත්කරවන දෙයක් දුටු විටක, ඒ කෙරෙහි අභිවෘද්ධිය ඇති වීමට ප්රාර්ථනා කරන්න. කුමක් නිසාද යත්, නියතවශයෙන් ඇස්වහ සත්යය වේ. මෙය ඉමාම් අහ්මද්, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

ප්රශ්න අංක 41. මුහම්මද් නබි (සල්ලල්ලාහු අෙලෙහිව සල්ලම්) තුමාණන් වෙත සලවාත් පවසන්නේ කෙසේද?

‘අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත් අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්, අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්’
තේරුම:
දෙවියනි! ඔබ ඉබ්රාහීම් හා එතුමාගේ පවුලේ උදවිය ප්රශංසාවට ලක් කළා සේ මුහම්මද් හා එතුමාගේ පවුලේ උදවිය ප්රශංසාවට ලක් කරනු මැන! සැබැවින් ම ඔබ ප්රශංසනීය හා කීර්තිමත් ය. තව ද ඔබ ඉබ්රාහීම්ට හා එතුමාගේ පවුලේ උදවියට අභිවෘද්ධිය ඇති කළා සේ මුහම්මද්ට හා එතුමාගේ පවුලේ උදවියට අභිවෘද්ධිය ඇති කරනු මැනව! සැබිවින් ම ඔබ ප්රශංසනීය හා කීර්තිමත් ය. මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්.

විවිධ ප්රභේද21

ප්රශ්න අංක 01. අප වෙත පැවැරී ඇති විධිවිධාන පහ මොනවාද?

පිළිතුර:
1- අනිවාර්යය දෑ
2- ප්රියජනක දෑ
3- තහනම් කරන ලද දෑ
4- අප්රිය දෑ
5- අනුමත ලද දෑ

ප්රශ්න අංක 02. ඉහත සඳහන් කරුණු පහ විස්තර කරන්න.

පිළිතුර-
1- අනිවාර්යය දෑ: පස්වේලේ දෛනික යාඥාවන්. රාමසාන් මාසයේ උපවාසය සහ දෙමාපියන්ට ගෞරව කිරීම මේ සඳහා උදාහරණ වේ.
අනිවාර්යය දෑ- ඒවා ඉටුකළ අයට යහපත් ප්රතිඵල ලැබේ. ඒවා අත්හල තැනැත්තාට දඬුවම් ලැබේ.
2-ප්රියජනක දෑ.එනම්, පස්වේලේ අනිවාර්ය සලාතයට පෙර හා පසු සලාතයන් ඉටු කිරීම, රත්රී කාලයේ සලාතයන්, ආහාර පාන සැපයීම, සලාම් පැවැසීම, මේවා අස් සුන්නත් වල් මන්දූබ් යනුවෙන් හඳුන්වනු ලැබේ.
-ප්රියජනක දෑ: ඒවා ඉටුකළ අයට යහපත් ප්රතිඵල ලැබේ, ඒවා අත්හල තැනැත්තාට දඬුවම් නොලැබේ.
විශේෂ සටහන්
මෙය සුන්නාහ්වක් හෝ ප්රියජනක ක්රියාවක් බව මුස්ලිම්වරයෙකුට ඇසුණු විටක, යුහු සුලු ව ඔහු එය කිරීමට ඉක්මන් විය යුතු අතර, නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුය.
3. තහනම් කරන ලද කරුණු - උදා: මත්පැන් පානය කිරීම, දෙමාපියන්ට අකීකරු වීම සහ ඥාති සබඳතා නැති කිරීම වැනි කරුණු වේ.
තහනම් ක්රියාවන්- ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්රතිඵල ලැබේ ඒවා ඉටු කළ තැනැත්තාට දඬුවම් ලැබේ.
4- යම් කිසි දෙයක් වම් අතින් ගැනීම සහ දීම, සලාත් අවස්ථාවේදී එල්ලී තිබෙන තමන්ගේ වස්ත්රය දෑතින් අල්ලා ගෙන සලාහ් ඉටු කිරීම, අප්රිය ක්රියාවන් ය.
-අප්රිය ජනක ක්රියාවන් - ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්රතිඵල ලැබේ. ඒවා කළ තැනැත්තාට දඬුවම් නොලැබේ.
5-අනුමත දෑ: උදා, ඇපැල් ගෙඩි අනුභව කිරීම, තේ පානය කිරීම. මේවා හලාල් (අනුමත දෑ) යනුවෙන් හඳුන්වනු ලැබේ.
-අනුමත දෑ- ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්රතිඵල නොලැබේ. ඒවා කළ තැනැත්තාට දඬුවම්ද නොලැබේ.

ප්රශ්න අංක 03. විකිණීම් සහ ගනුදෙනු පිළිබඳ නීතිය කුමක්ද?

පිළිතුර- සියලුම විකුණුම් සහ ගණුදෙනු වල මූලික පදනම නම්, සර්වබලධාරී අල්ලාහ් විසින් ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි. නමුත් සමහර වර්ග හැර, ඒවාට අවසර නැත.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද, අල්ලාහ් වෙළඳාම අනුමත කර පොලි (හරාම්යැයි) තහනම් කර ඇත. (සූරතුල් බකරා 2:275)

ප්රශ්න අංක 04. තහනම් කරන ලද සමහර ගනුදෙනු සහ විකුණුම් වර්ග සඳහන් කරන්න?

පිළිතුරු:
1.වංචාව ඇතුළුව, භාණ්ඩයේ දෝෂය සැඟවීම.
(ව්යාපාර කටයුුතුවලදී) වංචා කිරීම තහනම් කිරීම (සම්බන්ධයෙන් සිදුවීමක්) මෙසේය, වරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ) ආහාර විකුණන ස්ථානයක් පසු කරමින් සිටියදී, එතුමාණන් සිය අත එහි (ආහාර මත) එබූ අතර එතුමාගේ ඇඟිලි තෙත් විය, එවිට එතුමා වෙළෙන්දා අමතා මෙසේ පැවසීය: “ ආහාර අයිතිකරුවාණෙනි! මේ මොකක්ද?" එවිට ආහාර අයිතිකරු, "අල්ලාහ්ගේ දූතයාණෙනි!, වර්ෂාව නිසා මේවා තෙත් විය " යනුවෙන් ඔහු පැවැසුවේය: “ඇයි මිනිස්සුන්ට දැක ගත හිකි විදියට මෙම කෑම උඩින් දැම්මේ නැත්තේ? අනුන්ට වංචා කරන්නා මාගෙන් කෙනෙකු නොවේ ”යනුවෙන් නබි කුමා පැවැසුවේය. මෙය මුස්ලිම් වාර්තා කළ හදීසයකි.
2- පොලිය: කෙනෙකු ණයක් ලෙස පුද්ගලයෙකුගෙන් මුදලින් දහසක් ලබා ගනී. එනම් එය නැවැත ගෙවන විට මුදලින් දෙදහසක් ආපසු ලබා දෙන කොන්දේසිය මත.
මෙහිදී වැඩි පුර ගෙවන ලද මුදල පොලිය ලෙස හඳුන්වනු ලැබේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද, අල්ලාහ් වෙළඳාම අනුමත කර පොලි (ගැනීම) (හරාම්යැයි) තහනම් කර ඇත. (සූරතුල් බකරා 2:275
3 - රැවටීමෙන් කර ලබන වෙළඳාම තහනම් කර ඇත. උදාහරණයක් වශයෙන් එළදෙනුන්ගේ බුරුල්ලෙහි ඇති කිරි (දොවන්නට පෙර)
විකිණීම, ජලයේ සිටන මාලුවන් ඇල්ලීම පෙර ඒවා විකිණීම.
හදීසයක:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) රැවටීමෙන් කරනු ලබන වෙළඳාම තහනම් කර ඇත) මෙය මුස්ලිම් වාර්තා කළ හදීසයකි.

ප්රශ්න අංක 05. අල්ලාහ් ඔබට ලබා දී ඇති සමහර ආශිර්වාදයන් ගැන සඳහන් කරන්න.

පිළිතුර - 1- ඉස්ලාම් ධර්මය ඔබට ආශිර්වාදයක් ලෙස ලැබී තිබීම සහ ඔබ ප්රතික්ෂේප කරන මිනිසුන්ගෙන් කෙනෙකු නොවන බව.
2- නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කරන කෙනෙකු වීම, තවද බිද්අත් හෙවත් ඉස්ලාමයේ නාමයෙන් නූතන ක්රියාවන් අනුගමනය නොකරන කෙනෙකු වීම.
3- ශ්රවණය කිරීම, පෙනීම, ඇවිදීම සහ වෙනත් හැකියාවන් සෞඛ්ය සහ සුවයෙහි ආශිර්වාදයක් වශයෙන් ලැබී තිබීම.
4- ආහාර පාන සහ ඇඳුම් පැළැඳුම් ආශිර්වාදයක් ලෙස ලැබීම.
සර්වබලධාරි අල්ලාහ්ගේ ආශිර්වාදය අප කෙරෙහි බොහෝය. ඒවා ගණන් කළ නොහැකිය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය. (සූරා අන්නහ්ල් 16 :18)

ප්රශ්න අංක 06. (ලැබී ඇති) ආශිර්වාදය තුළ (ඔබේ) යුතුකම කුමක්ද? ඔබ ඒවාට තුති පුදකරන්නේ කෙසේද?

පිළිතුර- ආශිර්වාද කෙරෙහි අපේ යුතුකම නම්, ඒ සඳහා අල්ලාහ්ට තුති පුද කිරීමයි. එනම් ඔහුට ප්රශංසා කිරීමත්, ශ්රේෂඨත්වය ඔහුට පමණක් හිමි බවත් ප්රකාශ කිරිමයි. මෙම ආශීර්වාද භාවිතා කළ යුත්තේ සර්වබලධාරී අල්ලාහ් සතුටු වන ආකාරයෙන් මිස පාපී ක්රියාවන්හි යෙදවීමෙන් නොවේ.

ප්රශ්න අංක 07. මුස්ලිම්වරුන්ගේ උත්සව දින මොනවාද?

පිළිතුර - ඊදුල් ෆිතර් සහ ඊදුල් අද්හා.
අනස් (රලියල්ලාහු අන්හු) තුමා දැනුම් දෙන හදීසක, එතුමා මෙසේ පැවසීය: දෙවියන්ගේ දූතයා මදීනා නගරයට පැමිණි අතර, (මදීනා වැසියන්ට) ඔවුන්ට එහි සෙල්ලම් කිරීමට දින දෙකක් තිබුණි, එබැවින් එතුමාණන් මෙසේ විමසීය: "මේ දවස් දෙක මොනවාද?" එවිට ඔවුහු මෙසේ පැවැසූහ. අඥාන යුගයේදී අපි මෙම දවස් දෙකේදී ක්රීඩා කළෙමු. එවිට නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ මෙසේ පැවසූහ. "ඇත්ත වශයෙන්ම, අල්ලාහ් තආලා මෙම දින දෙකට වඩා හොඳ දෙයක් සමඟින් ඊද් අල් ෆිත්රා සහ ඊද් අල්ද්හා යන දින දෙක ඔබ වෙනුවෙන් හුවමාරු කර ඇත." මෙය ඉමාම් අබූ දාවුද් විසින් වාර්තා කොට ඇත.
මෙම දින දෙක හැර වෙනත් උත්සව දිනයන් බිද්අත් හෙවත් නවීණගත ක්රියාවන් වේ.

ප්රශ්න අංක 8. මාස අතරින් ශ්රේෂ්ඨ වූ මාසය කුමක්ද?

පිළිතුර. රමදාන් මාසයයි.

ප්රශ්න අංක 9. දිනයන් අතරින් ශ්රේෂ්ඨ වූ දිනය කුමක්ද?

ජුම්ආ දිනයයි.

ප්රශ්න අංක 10. වසරේ විශිෂ්ඨතම දිනය කුමක්ද?

අරෆා දිනයයි.

ප්රශ්න අංක 11. වසරේ විශිෂ්ඨතම රාත්රිය කුමක්ද?

ලයිලතුල් කද්ර් රාත්රියයි.

ප්රශ්න අංක 12. ඔබ පිට (අජ්නබී) කාන්තාවක් දුටුවහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?

පිළිතුර- බැල්ම පහත හෙලීම ඔබේ යුතුකමයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. දේවත්වය විශ්වාස කරන පුරුෂයින්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන ලෙස පවසනු. (සූරතුන් නූර් 24:30)

ප්රශ්න අංක 13: මිනිසුන්ගේ හතුරන් කවුරුන්ද?

1. නපුරට මඟ පෙන්වන ආත්මයයි: එනම්, කෙනෙකු තම ආත්මය හා අභිමතයට යටත්වී ඔහුට අණ කරන දේ අනුගමනය නොකරන විට, භාග්යවත් හා උත්තරීතර අල්ලාහ්ට අකීකරු වේ. ඔහු නපුරට යොමු වෙයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. නියත වශයෙන්ම ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. නමුත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; මහා කරුණා ගුණයෙන් යුක්තය. සූරත් යූසුෆ් 12:53 2.ශයිතාන්: ඔහු ආදම්ගේ පුත්රයාගේ සතුරා වන අතර, ඔහුගේ ඉලක්කය වන්නේ මිනිසා නොමඟ යැවීමයි, ඔහුව නපුරට යොමු කිරීම සහ ඔහුව නිරයට ඇතුළු කිරීමයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. සැබැවින්ම ඔහු නුඹලාට ප්රකට සතුරෙකි. සූරා බකරා 2:168 3. නරක මිනිසුන්: ඔවුහ් අයහපත වෙත දිරිමත් කරන අතර අයහපත වළක්වන අයවලුන් සිටිති. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. මිතුරෝ එදින එකිනෙකාට සතුරු වෙති. නමුත් දේව බිය බැතිමතුන් හැර. සූරත් සුහ්රුෆ් 43:67

ප්රශ්න අංක 14. පාපෝච්චාරණය යනු කුමක්ද?

පිළිතුර- පාපෝච්චාරණය යනු: සර්වබලධාරී අල්ලාහ්ට අකීකරු වීමෙන් පසු, ආපසු හැරී ඔහුට කීකරු වීමයි. අල්ලාහ් මෙසේ පවසයි. තවද පසුතැවිලි වී, විශ්වාස කොට, දැහැමි දෑ සිදු කොට, පසු ව යහ මග යොමු වූවන්හට සැබැවින්ම මම අතික්ෂමාශීලී වෙමි. සූරා තාහා 20:82

ප්රශ්න අංක 15. නිවැරැදි පාපෝච්චාරණය සඳහා කොන්දේසි.

පිළිතුර 01.පාපයෙන් වැළකී සිටීම.
2. සිදු කළ පාපයන් ගැන පසුතැවිලිවීම.
3. එම පාපයන් වෙත ආපසු නොයෑමට අධිෂ්ඨාන කර ගැනීම.
4- ජනතාවට වරදක් කර ඇත්නම් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ දුක්ගැනවිලි යථා තත්ත්වයට පත් කිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත:
තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙනත් කවරෙක් ද? තවද ඔවුහු තමන් කළ (වැරදි) දෑ හී දැනුවත්වම නිරත නොවෙති. සූරා ආලු ඉම්රාන් 3:135.

ප්රශ්න අංක 16. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා වෙත සලවාත් කීම යන කියමනහි අර්ථය කුමක්ද?.

පිළිතුර- එයින් අදහස් වන්නේ ඔබ අල්ලාහ්ට තම නබි තුමාණන්ට ප්රශංසා කරන ලෙස යාච්ඤා කරන බවයි.

ප්රශ්න අංක 17. සුබ්හානල්ලාහ් යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර - සෑම අඩුපාඩුවකින්ම සහ අයහපතකින් තොරවූ උත්තරීතර අල්ලාහ්ට සියලු මහිමය හිමිවන බව ස්තෝත්ර කිරීම.

ප්රශ්න අංක 18. අල්හම්දු ලිල්ලාහ් යන්නෙහි තේරුම කුමක්ද?

පිළිතුර - එය සර්වබලධාරී අල්ලාහ්ට කරනු ලබන ප්රශංසාවයි, සියලු ගුණාංගවලින් ඔහුව පරිපූර්ණත්වයට පත් කිරීමයි.

ප්රශ්න අංක 19. අල්ලාහු අක්බර් යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර - එනම්, අල්ලාහ්ගේ මහිමය සෑම දෙයකටම වඩා උත්තරීතරය, සියල්ලටම වඩා උතුම්ය, සියල්ලටම වඩා ශ්රේෂ්ඨය.

ප්රශ්න අංක 20. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර - අල්ලාහ්ගේ ක්රියා කලාපය සඳහා ඔහුව ප්රශංසා කිරීම ද මෙහි ඇතුළත්ව ඇත. අල්ලාහ්ගේ අභිමතය පරිදි මිස ගැත්තාට කිසිදු උපාය මාර්ගයක් හෝ සෙලවීමක් හෝ හැකියාවක් හෝ නැත. අල්ලාහ්ගෙන් තොරව නපුරක් වැළැක්වීමේ හැකියාව හෝ යහපත සැලසීමේ ශක්තිය හෝ නැත. යනුවෙන් ය.

ප්රශ්න අංක 21. අස්තග්ෆිරුල්ලාහ් යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර - එනම්, ගැත්තා තම ස්වාමියාවූ අල්ලාහ්ගෙන් ඔහුගේ පව් මකා දමන ලෙසත් ඔහුගේ අඩුපාඩු වසා දමන ලෙසත් ඉල්ලා සිටීමයි.